
මධ්පයම පළාතේ පිත්තල කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක්.
මහජනතාව මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබා දීමේ අරමුණ සහිතව සංවිධානය කෙරෙන සාකච්ඡාවලදී වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් අදාළ දත්ත, සංඛ්‍යා ලේඛන හා තොරතුරු ප්‍රමාණවත්ව ඉදිරිපත් කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා අවධාරණය කරයි. නො එසේනම් පළාත් සභා මහජන සේවා යථා පරිදි පවත්වා ගැනීම අසීරු වන බව ද ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේ මධ්‍යම පළාතේ පිත්තල කර්මාන්තයෙහි නිරත ශිල්පීන් මුහුණ දෙන ප්‍රමුඛ ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීමේ අටියෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පෙරවරුවේ පැවති සාකච්ඡාවක මුලසුන හොබවමිනි. පළාත් කර්මාන්ත අමාත්‍යාංශය හා පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මේ සාකච්ඡාවට ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත , ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය , කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන කිහිපයක ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
මෙහිලා ප්‍රකාශිත පළාතේ පිත්තල කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු වූයේ අමුද්‍රව්‍ය හා උපකරණ සපයා ගැනීම, විදුලි බිල්පත් පියවීම, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙතින් පිත්තල ලබා ගැනීමේ දුෂ්කරතා, නව තාක්ෂණ ක්‍රමවේද භාවිතය හා පුහුණු අවස්ථා ලබා ගැනීම ආදිය යි. ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නියෝජනය කල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කළේ සිය සීමා තුළ පිත්තල කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත්ව ලබා දීම අපහසු බව යි. ජාතික ශිල්ප සභාව නියෝජනය කළ නිලධාරි මහතා කියා සිටියේ අවශ්‍ය පිත්තල ඒ ඒ කර්මාන්තකරුවන් වෙත ලබා දීම සඳහා තමන් සතු ව හැකියාවක් ඇති බවත්, ඊට අවශ්‍ය අවකාශය තම ආයතනය අපේක්ෂා කරන බවත් ය.
ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක මහතාද සාකච්ඡාවේ දී ඉදිරිපත්වූ අදහස් හා යෝජනා සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර දැක්වූහ. සාකච්ඡාව අවසන් කරමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මධ්‍යම පළාතේ පිත්තල කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇති බව යි. මෙ කරුණ ද පාදක කොට ගෙන මධ්‍යම පළාතේ පිත්තල කර්මාන්තයෙහි නිරත වූවන් මුහුණ දෙන යථොක්ත ගැටලු විසඳාලීමේ අවශ්‍යතාව නිල හා නිශ්චිත කරුණු සහිත ව හා අදාළ යෝජනා හා පවත්නා විසඳුම් අවස්ථා ද සහිත ව ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කළ යුතු බවත්, එම කාර්යය පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් නො පමාව ඉටුකළ යුතු බවත් ආණ්ඩුකාර ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.