
ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මහනුවර දිස්ත්‍රික් සමුළුව 2023
ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මහනුවර දිස්ත්‍රික් සමුළුව 2023 (Sri lanka Institute of Architets , Architets Kandy Confrance 2023) මහනුවර KCC ආයතනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) ආරම්භ කෙරින.
අභියෝගවලට මුහුණ දෙමින් ලෝක උරුම නගරයේ සුන්දරත්වය හා පෞරාණිකත්වය ආරක්ෂාවන ලෙස තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ඉදිකිරීම් හා ගෘහ නිර්මාණ ශිල්පය භාවිතය කාලීනව ඉතා වැදගත් අංගයක් බවත් ,ඒ වෙනුවෙන් වූ නව ක්‍රමවේදයන් පිළිබදව මෙහිදී දැනුවත් කිරීම හා පැහැදිලි කරමින් විශේෂ දේශන පැවැත්විණ.
මෙම අවස්ථාවට හිටපු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව , ඉන්දීය සහකාර කොමසාරිස් පි සෝමරාජ් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අංශාධිපති යු.අයි.දිසානායක, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ සභාපති රෝහණ බණ්ඩාර හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්විය.