සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව උපාය මාර් ගික සැළසුම් සකස් කිරීම .

කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව උපාය මාර් ගික සැළසුම් සකස් කිරීම හා හා එම සැළසුම් ක්‍රියාවට නැංවීම පිළිබඳ පළාත් පාලන ආයතන වල පරිසර නිළධාරින් , ප්‍රජා සංවර් ධන නිළධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය 28 දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ මූලස්ථාන ප්‍රජා සංවර් ධන නිළධාරි එච්.එම්. ධම්මික හේරත් මහතා විසින් විසින් ලබා දෙන ලදී.

පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් අලෙවිසැල් හා පොදු ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්හි සෞබ්‍යයාරක්ෂිතව ජනතාව වෙත අලෙවි කටයුතු සිදුකිරීම පිළිබද පරික්ෂාව

පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් බලප්‍රදේශයේ අලෙවිසැල් හා පොදු ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්හි සෞබ්‍යයාරක්ෂිතව ජනතාව වෙත අලෙවි කටයුතු සිදුකිරීම් පරික්ෂාව සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව දිඹුල්ගමුව කොට්ඨාශයේ වෙළඳ සැල් පරික්ෂාව හා සාම්පල් ලබාගැනීම පසුගියදා සිදු කරන ලදී.

ගෙවතු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමක් - උකුවෙල ප්‍රාදේශීය සභාව

ගෙවතු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම , ඔවුන් වෙත බීජ වර්ග බෙදා දීම හා කසළ කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා උකුවෙල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලදී. ආහාර සුරක්ෂිතතාව, බෝනොවන රෝග පාලනය හා කසළ කළමනාකරණය පිළිබඳව බල ප්‍රදේශයේ පෙර පාසැල් පාලිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊට සමගාමිව පැවැත්විණ.

ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක්.

ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක්. යටිනුවර ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක් පසුගියදා යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලදී . පේරාදෙණිය පොලිසිය හා කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙහි දී නානුඔයට අප ජලය, වැසිකිළි අප ජලය හා කසල යොමු කරන නිවාස හා වෙළඳ වෙළෙඳ ආයතන හා හොටෙල් හදුනාගෙන අයිතිකරුවන් හට දැඩි ලෙස අවවාද සිදුකර එම කටයුතු වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලද අතර ඉදිරියේ දී නැවත වතාවක් මෙම ස්ථාන පරීක්ෂාකර ලබාදුන් නිර්දේශයන්ට අනුව කටයුතු සිදු නොකරන පුද්ගලයින් සඳහා දැඩිව නීතිමය කටයුතු සිදුකරන බව දන්වන ලදී.

ජනප්‍රිය කලා ශිල්පී සහන් රංවල මගෙන් ගසක් මහනුවරට වැඩසටහනට.

ජනප්‍රිය කලා ශිල්පී සහන් රංවල මහතා සහ එම පවුලේ සාමාජිකයින් මගෙන් ගසක් මහනුවරට වැඩසටහන සමග පසුගිය 12 වන අද දින එක් විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook