සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අයහපත් කාලගුණය නිසා අවහිර වූ කඩුගන්නාව නගරයේ බෝක්කු පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අවහිර වූ කඩුගන්නාව නගරයේ බෝක්කු පවිත්‍ර කිරීමේ වැඩසටහනක් කඩුගන්නාව නගර සභාව මගින් ක්‍රියාත්මක කරයි.

පල්ලේපොල, ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය පිටුදැකීම පිළිබඳව වැඩසටහනක්.

ආහාර සුරක්ෂිතතාවය හා මන්දපෝෂණය පිටුදැකීම පිළිබඳව පල්ලේපොල ප්‍රාදේශීය සභා බලප්‍රදෙශයේ පෙරපාසැල් පාලිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වින.

වරාපිටිය ප්‍රදේශයේ ජනතාව විසින් අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසල.

පරිසරය සුරකිමින් ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කසළ කළමනාකරණය විදිමත්ව සිදු කිරීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව සභා බල ප්‍රදේශයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. වරාපිටිය ප්‍රදේශයේ ජනතාව විසින් අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසල ඉවත්කර පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කොට පැවතිනි.

දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රජා මණ්ඩල 14ක් සඳහා විදුලි පහන් 28ක් ලබා දීමේ වැඩසටහනක්.

දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රජා මණ්ඩල 14ක් සඳහා විදුලි පහන් 28ක් ලබා දීමේ වැඩසටහන 2022.11.16 වන දින මහා නගර සභා ගර්භයේදී ගරු නගරාධිපති ජාලිය ඕපාතා මහතා  ඇතුළු  නාගරික මන්ත්‍රීවරුන්ගේ හා  මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ සහභාගිත්වයෙන් පවත් වන ලදි. 

* යාපාගම ප්‍රජා මණ්ඩලය - යාපාගම 

* බුලාගල ප්‍රජා මණ්ඩලය - බුලාගල 

*සර්ව උදාන ප්‍රජා මණ්ඩල - කපුවත්ත

* එක්සත් ප්‍රජා මණ්ඩලය - පැල්වැහැර

* ඉසුරු සම්පත් ප්‍රජා මණ්ඩලය - දඹුල්ල නගරය

* සමගි ප්‍රජා මණ්ඩලය - පොහොරන්වැව

* නවපාදෙනිය ප්‍රජා මණ්ඩලය - දඹුල්ල නගරය 

* අතුපාරයාය ප්‍රජා මණ්ඩලය - අතුපාරයාය 

* තිත්තවැල්ගොල්ල ප්‍රජා මණ්ඩලය - තිත්තවැල්ගොල්ල 

* මොරගොල්ලෑව ප්‍රජා මණ්ඩලය  - මොරගොල්ලෑව 

* දිලෙනතරු ප්‍රජා මණ්ඩලය  - පහළවැව

* රංගිරි ප්‍රජා මණ්ඩලය  - සලුඅපුල්ලනවැව

* රංගිරි ප්‍රජා මණ්ඩලය - දඹුලුගම 

* එකමුතු ප්‍රජා මණ්ඩලය  - රත්මල්ගහඇල

යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම අදියර.

යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම අදියර ඉකුත් දා(15) ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත රූපස්සර මහතාගේ ප්‍රධානත්වයෙන් දන්තුරේ මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණ.

 

මෙම සම්මන්ත්‍රණය සඳහා යටිනුවර බල ප්‍රදේශයේ දන්තුරේ කොට්ඨාශය තුල ඉතා දුෂ්කර ප්‍රදේශයන්හි පවතින පාසල් වල දරුවන් සහභාගි කරගනිමින් විභාගයට සූදානම් කිරීම සිදුකරන ලද අතර මෙම උපකාරක සම්මන්ත්‍රණය සඳහා ළමුන් තුන් සියයක් පමණ සහභාගි විය. දන්තුරේ ධම්මරක්ඛිත විද්‍යාලය, රත්තෙපිටිය මහා විද්‍යාලය, උඩබල කණිෂ්ඨ විද්‍යාලය, ඌරාපොල කණිෂ්ඨ විද්‍යාලය , මාඩ මුල මහා විද්‍යාලය, වල්ගොව්වාගොඩ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, ගිරාගම කනිෂ්ඨ විද්‍යාලය එන විද්‍යාල දරුවන් මේ සඳහා තෝරාගෙන පැවතුණි.

 

මම උපකාරක සම්මන්ත්‍රණයේ සම්පත් දායකත්වය මුරුතලාව ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රවීණ දේශක බී . හර්ෂ මහතා විසින් ලබාදෙන ලදී.

 

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිනිය , දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලය ගුරු උපදේශකවරුන් ,ප්‍රාදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook