සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන  නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක් .    

පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන  නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.                           

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු  ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන  නිලධාරීන් සදහා නිලධාරීන්  ''ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය (Self Development & Self Management )" පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (15) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුජාන් නානායක්කාර මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. සංවාදාත්මක හා සහභාගිත්ව ස්වරූප පැවැත් වූ මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පරිපාලන  නිලධාරීන් පිරිසක් සහභාගි විය.

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු කණිෂ්ඨ මට්ටමේ නිලධාරීන් සදහා

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු කණිෂ්ඨ මට්ටමේ නිලධාරීන් සදහා '' මහජන සම්බන්ධතාව හා දුරකථන ආචාර විධි " පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (09) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි.
යහපත් මහජන සම්බන්ධතාව හා රාජ්‍ය සේවයේදී රාජ්‍ය සේවකයාගේ වගකීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරුණු අතර සම්පත් දායකයා ලෙස මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා සහභාගී විය .
සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් හා සංවාදාත්මක ස්වරූපයෙන් පැවැති මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගි විය.

.

 

මහජන ගැටලු විසඳීමේ කාර්යය විධිමත් කෙරේ

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක දුරස්ථ මෙහෙයිම් පද්ධතිය (DOS) , ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් යොමු වන ගැටලු සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම විෂය කොට ගත් විශේෂ පුහුණු වැඩසටහනක් අද දින (13) මධ්‍යම පළාත් පිරිස් හා පුහුණු ඒකකයේ පරිගණක විද්‍යාගාරයේ දී පැවැත්විණි.
මෙම කාර්යයය සඳහා නම් කොට ඇති මාණ්ඩලික නොවන විෂය සම්බන්ධිකරණ නිලධාරීහු පුහුණු වැඩසටහනට සහභාගී වූහ.

.

 

සංචාරක ප්‍රවර්ධනයට මැදරට නව ප්‍රවේශයන්

විදේශීය සංචාරක ප්‍රවර්ධනය සඳහා ගලහ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් තුන්සියයක තේ වතු ඔස්සේ ගමන් මාර්ගයක් හදුන්වා දෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසයි.
තලවකැලේ, හපුතලේ, ලිදුල, බණ්ඩරවෙල, දෙමෝදර ඔස්සේ යෙදී ඇති මෙම මාර්ගය මගින් විදේශීය සංචාරක ආකර්ෂණය ඉහළ නැංවිය හැකි යැයි අමාත්‍යංශ ලේකම්වරයා කීවේය.
පේරාදෙණිය රාජකීය උද්භීත උද්‍යානයට වසර 200ක් සම්පූර්ණ වීමෙන් එම දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩල සඳහා තිළිණ ප්‍රදානය නිමිත්තෙන් ඊයේ (12) පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව කීවේය.
දෙශතක සංවත්සරය නිමිත්තෙන් එම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබූ හා දැනට සේවය කරන සියයකට අධික පිරිසක් එහිදී අමාත්‍යංශ ලේකම්වරයා අතින් තිළණ ලබා ගත්තෝය.
සංචාරක ප්‍රවර්ධනය නිමිත්තෙන් නව වැඩසටහන් රැසක් හදුන්වා දෙන බව කී ඒ මහතා තේ වතු හා සුන්දර ස්ථාන ඔස්සේ යෙදී ඇති මාර්ගය මගින් ඒ ඒ ගම්මාන සඳහා ආදායම් ඉපැයීමේ ක්‍රමෝපායන් හදුන්වා දෙන බවත් කීවේය.
සංචාරකයන් සඳහා සුදුසු ආහාර සකස් කිරීම, නේවාසික පහසුකම් හා මඟ පෙන්වීම් ආදිය මගින් ග්‍රාමීය මට්ටමට ආදායම් උත්පාදනය කිරීමේ අවස්ථාව හිමිවන බවත් හෙතෙම සඳහන් කළේය.
ලබන වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙම මාර්ගය ඔස්සේ සංචාරකයන්ට ගමන් කළ හැකි යැයි කී ඒ මහතා ඉදිරි මාස කිහිපය තුලදී විදේශීය සංචාරකයන් සඳහා ජංගම දුරකථන යෙදුමක් සකස් කොට ලබා දෙන බවත් කීවේය.
එහිදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට පිළිබද සියලු තොරතුරු එම යෙදුම මගින් ලබා ගත හැකි බවත් තමන්ට අවශ්‍ය මඟ පෙන්වන්නන් පිළිබද දත්ත පවා මෙම යෙදුමේ අන්තර්ගත වන බවත් ඒ මහතා කීවේය.
සංචාරකයන්ට වියදම් කිරීමට හැකි විද්‍යුත් කාඩ් පතක් ලබා දෙන බව කී ඒ මහතා එමගින් මුදල් වෙනුවට කාඩ් පතින් ගෙවීම් කළ හැකි බවත් ඒ අනුව සංචාරකයෙකු කොතරම් මුදල් ප්‍රමාණයක් මෙරටෙදී වියදම් කොට ඇත්දැයි ගණනය කළ හැකි යැයි ද ලේකම්වරයා කීවේය.
විදේශීය සංචාරකයන් මේ දක්වා නරඹන සාමාන්‍ය ස්ථාන පමණක් නොව දෙවන ලෝක යුද සමයේ මුහුදු බත් වූ සියයකට අධික යුද නෞකා, මෙරට රජ දවස ඓතිහාසික තොරතුරු ආදිය ද විවෘත විය යුතු යැයි වැඩිදුරටත් කීවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශලෝමනී ක්‍රිෂණරාජා මෙනවිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
මුලාශ්‍ර - මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයෙන්.

 

රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක හැකියාවන් වර්ධනය කෙරේ!

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු කණිෂ්ඨ මට්ටමේ නිලධාරීන් සදහා '' මහජන සම්බන්ධතාව හා දුරකථන ආචාර විධි " පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (09) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි.
යහපත් මහජන සම්බන්ධතාව හා රාජ්‍ය සේවයේදී රාජ්‍ය සේවකයාගේ වගකීම සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුවත් කෙරුණු අතර සම්පත් දායකයා ලෙස මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා සහභාගී විය .
සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් හා සංවාදාත්මක ස්වරූපයෙන් පැවැති මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගි විය.

.

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook