සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසය ට

විද්‍යාර්ථ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාවය පරාක්‍රම නිවාසය ට මහනුවර විද්‍යාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ ශූරතාවය හිමිකර ගැනීමට පරාක්‍රම නිවාසය සමත් විය.මෙම ක්‍රීඩා උළෙල පසුගියදා නිත්තවෙල පිහිටි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති අතර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය සහභාගී විය. විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති මේජර් එම්. ආර්. පී. මායාදුන්න හා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති මංජුල ඒකනායක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට පැවතුණි.

කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක්

කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක් කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ විද්‍යා ප්‍රදර්ශනයක් පසුගිය 06 හා 07 යන දෙදින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.එම විද්‍යා ප්‍රදර්ශනයට සමගාමිව කොත්මලේ කලාපයේ පාසල් දූ දරුවන්ගේ විද්‍යා නිර්මාණ තරගාවලියක් පැවැත්වූ අතර ජයග්‍රාහකයන් සඳහා වටිනා සහතික පිරිනැමීම ද සිදුවිය. මෙම ප්‍රදර්ශනය සඳහා "සන්නිවේදනයේ විකාශනය" මාධ්‍ය ප්‍රදර්ශන කුටියද , විවිධ රාජ්‍ය ආයතන වල නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටි වලින්ද, කොත්මලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් කායික හා දන්ත වෛද්‍ය සායන වලින්ද, සජීවී ශාක සේම, සජීවී සර්ප විශේෂ ඇතුළත් කුටිද , පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කළ ජීව දේහ නිදර්ශක කුටි ඇතුළත් කුටි විශාල ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය සමන්විත විය. මෙම අවස්ථාවට ජාතික මට්ටමේ සම්පත්දායක නයන ප්‍රදීප් මහතා,කොත්මලේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) , මධ්‍යම පළාත් විද්‍යා විෂය අධ්‍යක්ෂ , කොත්මලේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ,කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය

මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය මහනුවර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.සංජිව වීරක්කොඩි මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන බලඇණියේ අණදෙන නිලධාරී ආදි ශිෂ්‍ය රසික රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරි ක්‍රිඩාංගණයේදී පවත්වන ලදී. විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතාගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට පැවතුණි.

මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක්

මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක් 2024 වර්ෂයේ පැවැත් වූ සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජාතික හා සමස්තලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල නාලන්ද මහා විද්‍යාලය සමත්ව තිබේ. පාසල් කාණ්ඩ කරමින් පැවති මෙම තරගාවලියේ 501ට වැඩි පාසල් කාණ්ඩයේ කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය සහ සමස්ථලංකා ප්‍රථම ස්ථානය එච්.එම්.ඩබ්.ජී.එස්.එන් .හේරත් ශිෂ්‍යයාවද , පද්‍ය ගායනා තරග අංශයෙන් ජාතික මට්ටමෙන් දෙවන ස්ථානය එච්.ඩබ්.පී.එම්.ජයසේකර ශිෂ්‍යයා ද දිනා ගන්නා ලදී. තවද ගේය පද රචනා තරග අංශයෙන් සමස්තලංකා දෙවන ස්ථානය ඊ.එම්.ටී.ජී.ඩී.එන්.තෙන්නකෝන් ශිෂ්‍යයාව ලබාගත් අතර එහි කුසලතා අටවන ස්ථානය එච්.එම්.ඩබ්.ජී.එස්.එන්.හේරත් ශිෂ්‍යයාවට හිමි වී තිබේ.කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් සමස්තලංකා තෙවන ස්ථානය ඩී.එම්.එස්.පී.දිසානායක ශිෂ්‍යයාව දිනා ගන්නා ලදී.

පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය'

වත්තේගම අධ්‍යාපන කලාපයේ, පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය' කුණ්ඩසාලේ, මහමෙව්නාව භාවනා අසපුවේ ප්‍රධාන ශාලාවේදී පසුගිය දා (09) පැවැත්විණී. වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. මෙම නර්තනාභිෂේක කල එළි මංගල්‍යයේදී සිසු දරුවන් 10 ක් සහ සිසු දැරියන් 21කගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීම සම්ප්‍රදානුකූල සිරිත් හා විරිත් අනුව සිදුකෙරිණී. පාතදුම්බර මහා විද්‍යාලයේ ද්‍යාලයේ විදුහල්පති මේජර් එච්.එම්.එන්.ඒ.කේ. සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් විද්‍යාලයේ නර්තන අංශයේ අනුෂා සමරකෝන්, ශාමලී අබේසිංහ යන මහත්මීන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් උත්සවය පැවැත්විණී.මෙම අවස්ථාව සඳහා පන්විල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාන්ත තෙන්නකෝන්, වත්තේගම කලාපයේ නර්තන ගුරු උපදේශකවරුන්, විදයාලයේ ආචාර්ය මණ්ඩලය, ආදී සිසුන්, දෙමාපියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook