සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර.

උලපනේ මහා විද්‍යාලයිය “ප්‍රභාවී” සෞන්දර්යාත්මක පෙළහර. සිසු කුසලතා ඇගයීම අරමුණු කරගනිමින් උලපනේ මහා විද්‍යාලයේ “ප්‍රභාවී” සෞන්දර්යාත්මක වැඩසටහන විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණමාලි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනි වී.පී. ජයරත්න මහත්මිය, විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයට නවක සිසුන්...

හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයට නවක සිසුන්... කටුගස්තොට අධ්‍යාපන කලාපයේ හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය පසුගිය (22) එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මධ්‍යම පළාත් ඒකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. මෙහිදි හයවෙනි ශ්‍රේණිය සඳහා නවක සිසු සිසුවියන් පහළොස් දෙනෙකු ඇතුලත් කර ගැනීම සිදු වූ අතර, ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් උත්සවය සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා හල්ඔළුව නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති කේ. එල්.එස්. පද්මප්‍රිය, හල්ඔළුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අනෝමා මහඅරඹේ යන මහත්මීන් ඇතුළු කටුගස්තොට කලාපයේ නිලධාරීන්, සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඇතුළු දරු දැරියන් පිරිසක් සහභාගි වූහ.

පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ "විදු නෙතින් පෙරමඟට" - 2023 විද්‍යා ප්‍රදර්ශනය

වත්තේගම අධ්‍යාපන කලාපයේ පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සංවිධානය කළ "විදු නෙතින් පෙරමඟට" - 2023 විද්‍යා ප්‍රදර්ශනය වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ. දරුවන්ගේ විද්‍යා දැනුම පුළුල් කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සර්ප කුටිය, නව නිපැයුම්,භෞතික විද්‍යා යනාදි අංශයන්ගෙන් සමන්විත වි ය. Drone Arcade ආයතනයේ ඩ්‍රෝණතාක්ෂණය පිළිබඳ කුටියක් ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විද්‍යා විෂය අධ්‍යක්ෂ, විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා අවට පාසල්වල සිසු සිසුවියන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

උඩගම මහා විද්‍යාලයට පාසල් මාධ්‍ය ඒකකයක්.

පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් උඩගම මහා විද්‍යාලයේ දී අද (11) පැවැත්විණි. මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් මෙහි දී පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීම හා නිර්මාණාත්මක සන්නිවේදනය පිළිබඳ දේශනයක් පැවැත්වීය.එසේම නිවැරැදි මාධ්‍ය භාවිතය, මාධ්‍ය ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම හා එහි කාර්යභාරය පිළිබඳව ද සිසුන් දැනුවත් කෙරිණි.මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති අමිත දිසානායක මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු භවතුන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ශිෂ්‍ය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු වන සැසිය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ද්විතීයික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳව දැනුවත් කිරීම කාලීන අවස්ථාවක් ලෙස සලකමින් අධ්‍යාපන අමාත්‍යංශය සහාය ඇතිව ක්‍රියාත්මක පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ " දැයේ සවියට අභිමානවත් දියණියක්" දැක්ම කොට ගත් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා අටවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු වන සැසිය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ශ්‍රවණාගාරයේ නිර්මාණය කර තිබුණු ශිෂ්‍ය පාර්ලිමේන්තු ගර්භයෙහි දී පසුගිය 27 වන දින පෙරවරුවේ රැස් කෙරෙණි.මෙහිදී අන්තෝනි බාලිකා ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ක්‍රමවත් ක්‍රියා පටිපාටිකින් තෝරාගත් සභිකයින් සඳහා නිල වශයෙන් තනතුරු සදහා තෝරා පත් කරගනු ලෑබිය . මංගල සැසිවාරය ශිෂ්‍ය පාර්ලිමේන්තු කතානායක උදානී අපේක්ෂා විසීන් සම්ප්‍රදානුකූලව සෙංකෝලය ශිෂ්‍ය පාර්ලිමේන්තු ගර්භය තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව නිල වශයෙන් ආරම්භ කෙරිණ. සභා වාරය ඇමතු ආණ්ඩුකාරවර ගමගේ මහතා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂා කොට පරමාධිපත්‍ය බලය නිසි ලෙසින් පවරා දීමට ඒ පිළිබද දැනුවත්භාවය ඉතා අවශ්‍ය බව පෙන්වා දෙනු ලැබිය. ශිෂ්‍යයන් මෙන්ම සියලුම පුරවැසියන් තම වගකීම හා යුතුකම නිසි ලෙස ඉටු කරන්නේ නම් තවමත් මේ රට ගොඩ නැගීමේ හැකියාව පවතින බව පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා සැම පුරවැසියෙකුටම තමන් ගේ ස්ථානයේ සිට රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් ඉටු කරන්නේ නම් එය වඩාත් පහසුවන බව පෙන්වා දෙනු ලැබිය.මෙම අවස්ථාවට සමාජ විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මඩුගල්ලේ පඤ්ඤාසාර හිමි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දර ගේ ,මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත් ගේ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අන්තෝනි බාලිකා විදුහල්පති පී. එන් ජයවර්ධන, නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගුරුභවතුන් , පාසල් ප්‍රජාව ඇතුළු පිරිසක් අවස්ථාවට සහභාගි විය

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook