සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පැවැත් වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ කරාතේ තරගාවලිය පසුගියදා දිගන පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පවත් වනු ලැබිය.
මධ්‍යම පළාත් නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ සදහා සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වූ මෙම තරගාවලිය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය මත පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර , මෙම තරගාවලියේ සම්බන්ධිකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි ඒ.එස්.බි.රත්නායක මහතා කටයුතු කරන ලදී.

 

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ බර එසවිමේ තරගාවලිය මහනුවර YMCA හි දී!

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ බර එසවිමේ තරගාවලිය පසුගියදා මහනුවර YMCA ශාලාවේදී පැවැත් විය.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටි අතර , මෙම තරගාවලියේදී බර පන්ති 10ක් යටතේ තරග සංවිධානය කොට පැවතුනි.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

 

 

මධ්‍යම පළාත් වෙරළ කබඩි තරගාවලියේ පිරිමි ශුරතාවය මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට

47 වන ජාතික මහා ක්රීඩා උළෙලට සමගාමිව පවත්වන ලද මධ්යම පළාත් වෙරළ කබඩි තරගාවලියේ පිරිමි ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්රික් කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරතාව මාතලේ දිස්ත්රික් කණ්ඩායම හිමිකර ගන්නා ලදී.
මධ්යම පළාත් ක්රීඩා අධ්යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය ඉකුත්දා මාතලේ අලුවිහාරේ පාසල් ක්රීඩාංගනයේදී පැවැත් වින.
මෙම තරගාවලියේ කාන්තා ශූරතාවය හිමිකර ගැනීමට නුවරඑළිය දිස්ත්රික් කණ්ඩායම සමත් වූ අතර එහි අනුශුරතාවය මහනුවර දිස්ත්රික් කණ්ඩායම සතු විය.

මධ්‍යම පළාත් කැරම් තරගාවලිය

මධ්‍යම පළාත් කැරම් තරගාවලිය පසුගියදා මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී (YMBA) පවත් වන ලදී. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට මධ්‍යම පළාත නියෝජනය කරමින් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය වී පැවතුනි. පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම පැවති මෙම තරගාවලියේදී කේවල හා යුගල අංශ වශයෙන් තරග සංවිධානය වී පැවති අතර , මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් විශාල තරගකරුවන් පිරිසක් එක්ව සිටියහ.

මධ්‍යම පළාත් ටේබල් ටෙනිස් ශුරතා මහනුවරට!

මධ්‍යම පළාත් ටේබල් ටෙනිස් තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවති මෙම තරගාවලියේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති අතර , මෙම තරගාවලියෙදී මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කේවල හා යුගල අංශයන් ලෙස තරග වැදුනි.

තරගාවලියේ සමස්ත පිරිමි අංශයේ ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. එහි අනුශුරතාවය නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායමට විසින් දිනා ගන්නා ලදී. මෙම තරගාවලියේ කාන්තා අංශයේ ශුරතාවය දිනාගන්නා ලද්දේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම විසිනි. එහි අනුශුරතාවය නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සම්බන්ධිකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි පි.කේ.අලුවිහාරේ කටයුතු කරන ලදී.

 

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook