සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ.

මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණ.48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී සමස්ත පදක්කම් 155 ක් ලබා ගනිමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ අනුශූරතාවය හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත් වූ අතර එම ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් හිමිකරගත් ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම , උපහාර පිදීම හා දිරිගැන්වීම වෙනුවෙන් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා ඉසව් 22ක් නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට සමත් වූ 379 දෙනෙකු මෙම වර්ණ ප්‍රදානෝත්සවයේ දී ඇගයීමට ලක් විය. ඒ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 294 දෙනෙකු හා පුහුුකරුවන් 85 දෙනෙකු ඇතුළත් විය. මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දක්ෂතම ක්‍රීඩකයින් ලෙස පිදුම් ලැබූ හත් දෙනෙකු මෙහිදී විශේෂ ඇගයීමට පාත්‍ර විය.මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධූපානි පියසේන , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) එම්.ඒකනායක, ක්‍රිඩා අධ්‍යක්ෂ එම්. යු. නිශාන්ත, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් , ක්‍රීඩා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී. වලල ඒ රත්නායක පාසලේ මාර්ග ධාවන තරගයේ ජය හිමිකර ගැනීමට සහන් චන්දීප බණ්ඩාර හා ඒ.එස්. බෝකුඹුර සමත් විය. ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායද කළ ශ්‍රී ලංකාවේ පවතින විශිෂ්ටතම ක්‍රීඩා පාසල වන මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ පිහිටි වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු ඉසව්ව ලෙස සංවිධානය කොට පැවති මාර්ග ධාවන තරගය 03 වන දින විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. බාලක හා බාලිකා ලෙස පැවැත්වූ මෙම තරගය මැණික්හින්න විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කොට දිගන දක්වාත් එතැනින් හැරී නැවත පාසල වෙත පැමිණීම සිදුවූ අතර, බාලක අංශයේ දුර කිලෝමීටර් 12 ක් ද , බාලිකා අංශය කිලෝමීටර් 06 ක දුරකින් ද සමන්විත වූ අතර , මීට සමගාමිව පැවති වයස අවුරුදු 16න් පහල තරගාවලිය කිලෝමීටර් 06 ක දුරකින් යුක්ත විය. බාලක අංශයේ ප්‍රථම ස්ථානය පරාක්‍රම නිවාසයේ ඒ.ඒ.සහන් චන්දීප බණ්ඩාර විසින් හිමිකර ගන්නා ලදී. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ඊ.ඩබ්.ඩබ්.එම්.ජී.ඩබ්.භාෂිත සත්සර (ගැමුණු නිවාසය), කේ.ජී.ඒ.එන්.කපුගෙදර (තිස්ස නිවාසය) ක්‍රීඩකයින් හිමිකර ගන්නා ලද අතර , බාලිකා තරගාවලියේ ප්‍රථම ස්ථානය ගැමුණු නිවාසයේ ඩි.ජී.එච්.ඒ.එස්.බෝකුඹුර විසින්ද , දෙවන ස්ථානය ඩබ්.එස්.උමංගා වික්‍රමසේකර (විජය නිවාසය ) ද , තෙවන ස්ථානය එන්.එස්.වික්‍රමආරච්චි (ගැමුණු නිවාසය ) යන ක්‍රීඩිකාවන් හිමිකර ගැනීමට සමත් විය. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) සුසන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී වූ අතර වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි ගයාලී ලිනෝකා මාරසිංහ මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මාර්ග ධාවන තරගාවලිය සංවිධානය කොට පැවතුනි.

මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.

මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී. මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික රට හරහා දිවීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරඟය අද දින ( 27 දිනයේ) දිගන සෙනරත්වෙල ප්‍රදේශයේ දී පැවැත්විණ. 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පැවැත්වූ මෙම තරගාවලිය කාන්තා හා පිරිමි ලෙස අංශ දෙකකින් සමන්විත විය.මෙහිදී පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ එම්. ශිවරාජන් ක්‍රීඩකයා සමත් විය. දෙවන ස්ථානය ආර්. යදිෂන් විසින් ද තෙවන ස්ථානය පී. කේ. මල්ගම්මන යන ක්‍රීඩකයින් විසින් හිමිකර ගන්නා ලදී.මෙම තරගයේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කයේ එච්.ඒම්.සී.එස්.හේරත් ක්‍රීඩිකාව සමත් වූ අතර දෙවන ස්ථානය එච්. එම්. ඩබ්. ජී. ඩබ්. එම්.හේරත් ද , තෙවන ස්ථානය වී. ක්‍රිෂාන්තිනි විසින්ද හිමිකර ගැනීමට සමත් විය.මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එච්. යු. නිශාන්ත මහතාගේ උපදෙස් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවතුණි.

වලපනේ ශ්‍රී සුමංගලයට මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ ජයග්‍රහණ රැසක්.

වලපනේ ශ්‍රී සුමංගලයට මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ ජයග්‍රහණ රැසක්. මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ බාලක ශුරතාවය හා බාලිකා අනුශුරතාවය දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට නුවරඑළිය දිස්ත්‍රිකයේ වලපනේ ශ්‍රී සුමංගල ජාතික පාසල සමත් විය. මෙම තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවැත්වූ අතර 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරාගැනීම සදහා මෙම තරගාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවතුනි.මෙම තරගාවලියේදී සමස්ත පදක්කම් 13 සමගින් බාලක ශූරතාවය හිමිකර ගැනීමට වලපනේ ශ්‍රී සුමංගල ජාතික පාසල සමත් වු අතර එහිදී රන් පදක්කම් 4 ක් ,රිදී පදක්කම් 5 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ බාලිකා අංශයේ අනුශුරතාවය හිමිකර ගැනීමට ද මෙම විදුහල සමත් වුයේ රන් පදක්කම් 4 ක් ,රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව පදක්කම් 09 දිනා ගනිමිනි .තරගාවලියේ ජය සංකේත ප්‍රධානය සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) අතුල ජයවර්ධන මහතා එක්විය.

මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේ කාන්තා අනුශුරතාවය දිනාගත් මුල්ගම මහ විදුහලේ සිසුවියන් ඇගයිම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේ කාන්තා අනුශුරතාවය දිනාගත් මුල්ගම මහ විදුහලේ සිසුවියන් ඇගයිම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේ කාන්තා අනුශුරතාවය දිනාගත් මුල්ගම මහ විදුහලේ සිසුවියන් ඇගයිම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේදි එල්ලේ කාන්තා අනුශුරතාවය දිනා ගත් ගම්පොළ අධ්‍යාපන කලාපයේ මුල්ගම මහා විද්‍යාලයේ ක්‍රිඩිකාවන් ඇගයිමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 31දා එම විදුහලේ දි පැවැත්විණි. දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම විදුහල ක්‍රිඩා,අධ්‍යාපන ඇතුලු අංශ රැසකින් ඉහළ දක්ෂතා දක්වන දරු දැරියන් පිරිසක් සිටින පාසලක් ලෙස මෙම විදුහල හැදින්විය හැකිය.මෙහිදි උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ළමුන් සම්බන්ධයෙන් ගත් කළ ඔවුන් කුඩා කල සිටම ක්‍රීඩාවට ඇති මෙම ඇල්ම ඔවුන් තුළ ඇති කළ යුතු අතර එය ශාරීරික හා මානසික දෘෂ්ටිකෝණයකින් ඔවුන් වෙත ගෙන දෙන විශාල ප්‍රතිලාභයක් බවය. ළමුන් තුළ ක්‍රීඩාව මිත්‍රත්වයේ සහ සහයෝගීත්වය හැඟීම් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවත් දරුවන්ගේ ජීවිතය නගා සිටුවිම සදහා ක්‍රිඩාව ඉවහල්වන බවද පැවසිය.දුෂ්කර පාසලක් ලෙස මෙය හැදින්වුවත් දරුවන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතිම අගය කරන බවත් පාසලේ ඇති අඩුපාඩු මෙන්ම ගුරු හිගය පියවිම සදහා අවශ්‍ය පියවර වහාම ගන්නා බවද මෙහිදි ආණ්ඩුකාරවරයා පැවසිය.මෙම අවස්ථාවේදි කාන්තා එල්ලේ අනු ශුරතාවය දිනාගත් ක්‍රිඩිකාවන් ඇගයිමට ලක් කෙරුණි.මෙම අවස්ථාවට ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකොන්, විදුහල්පති එච්.ජි එස් සුබසිංහ යන මහත්වරුන් ඇතුලු දෙමාපියන් සිසු දරු දැරියන් පිරිසක් එක්වි සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook