මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවයි
කර්මාන්ත නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමිව රජයේ ව්‍යාවසාය සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ මාතලේ දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යාවසායකත්ව ප්‍රවර්ධන සභාව පිහිටුවීම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතලේ දී සිදු කෙරින.
ව්‍යවසායකත්වය සඳහා දායකත්වය දක්වන සියලු ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගුණාත්මක හා කාර්යක්ෂම ආයතනික සහයක් ලබාදීම මෙන්ම ආයතන අතර තිරස් හා සිරස් ආයතන බැදීමක් ඇති කිරීම වෙනුවෙන් මෙම සභාව පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්තවල කුසලතා, ධාරිතාව සහ සම්පත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, අවශ්‍ය තාක්ෂණික සේවාව සැපයීම, දිරිමත් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගැනීම, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සහය වීම, ගෝලීය සහ දේශීය වටිනාකම් දාමයක් සඳහා තිරසාර හවුල්කාරීත්වයක් ඇති කිරීමට පහසුකම් සැපයීම, ඵලදායිතාවය සහ ගුණාත්මක බව වර්ධනයට පියවර ගැනීම,අලෙවිකරණ අවස්ථා වැඩි කිරීම, ඩිජිටල්කරණය හා නවෝත්පාදන සඳහා යොමු කිරීම ආදී පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක ,අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.
දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ දෙවන කලාපය එළිදැක්වේ
ආචාර්ය කේ. ප්‍රභාහරන් මහතා විසින් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්තොට, ගෝල්ඩන් ස්ටාර් ශාලාවේ දී (23) පැවැත්විණි.දේශපාලන විද්‍යාව හදාරනු ලබන පාසල් සිසුන් උදෙසා අතිරේක කියවිම් ග්‍රන්ථයක් ලෙස, දෙමළ මාධ්‍යයෙන් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය, කුරින්චි ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර්‍ර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, දෙමළ මාධ්‍යයයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා එම මාධ්‍යයෙන් සම්පාදනය කන ලද ග්‍රන්ථ සීමිතව පවතින මෙවැනි වකවනුවක, මෙවැනි පොත් පත් රචනා කිරීම අගනා කාර්යයක් බවත්, සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ද මෙවැනි පොත් පත් රචනා විය යුතු බවත් සඳහන් කළේය.
දේශපාලන විද්‍යාව පාසල් සිසුන් මෙන්ම, සියළුම පුරවැසියන්ම දැන ගත යුතු විෂයයක් බවත්, මෙවැනි පොත් පත් පරිශිලන කිරීම සඳහා ජනතාව උනන්දු කර, ඔවුන් දේශපාලව විද්‍යාව සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් බවට පත් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, මහනුවර කලාප අධ්‍යපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. තමිල්‍චෙල්වම් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. රමේෂ් බාබු යන මහත්වරන් ඇතුළු පිරිසක් එක් වූහ.
ආචාර්ය කේ. ප්‍රභාහරන් මහතා විසින් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්තොට, ගෝල්ඩන් ස්ටාර් ශාලාවේ දී (23) පැවැත්විණි.දේශපාලන විද්‍යාව හදාරනු ලබන පාසල් සිසුන් උදෙසා අතිරේක කියවිම් ග්‍රන්ථයක් ලෙස, දෙමළ මාධ්‍යයෙන් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය, කුරින්චි ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර්‍ර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, දෙමළ මාධ්‍යයයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා එම මාධ්‍යයෙන් සම්පාදනය කන ලද ග්‍රන්ථ සීමිතව පවතින මෙවැනි වකවනුවක, මෙවැනි පොත් පත් රචනා කිරීම අගනා කාර්යයක් බවත්, සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ද මෙවැනි පොත් පත් රචනා විය යුතු බවත් සඳහන් කළේය.දේශපාලන විද්‍යාව පාසල් සිසුන් මෙන්ම, සියළුම පුරවැසියන්ම දැන ගත යුතු විෂයයක් බවත්, මෙවැනි පොත් පත් පරිශිලන කිරීම සඳහා ජනතාව උනන්දු කර, ඔවුන් දේශපාලව විද්‍යාව සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් බවට පත් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, මහනුවර කලාප අධ්‍යපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. තමිල්‍චෙල්වම් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. රමේෂ් බාබු යන මහත්වරන් ඇතුළු පිරිසක් එක් වූහ.
වියට්නාම සංස්කෘතික සම්ප්‍රදායන් හඳුන්වාදීමේ වැඩසටහනක්
වියට්නාම සංස්කෘතික සම්ප්‍රදායන් මෙරට ජනතාට හඳුන්වාදීම සඳහා සංවිධානය කළ සංගීතමය වැඩසටහනක් මධ්‍යම පළාත ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දිගන, අඹකොටේ ට්‍රක් ලම් බෞද්ධ ආරාමයේදි (20) දින පැවැත්විණි.ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවත්නා මිත්‍ර සබඳතාවයට වසර 55 ක් පිරිමි සමගාමීව පැවති මෙම වැඩසටහනේදී වියට්නාම සම්ප්‍රදායික සංගීත ශිල්පීන් විසින් සංගීත ගායන හා වාදන අංග ඉදිරිපත් කිරීම සිදුකරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලාංකීක දු දරුවන් පිරිසක් ද එක්ව සිටියහ.වියට්නාමයේ මෙරට තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මියගේ මෙහෙයවීමෙන් එම තානාපති කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම අවසථාව සඳහා අඹකොටේ ට්‍රක් ලම් බෞද්ධ ආරාමයේ විහාරාධිකාරි ධම්මාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසින් පිරිසක් එක් වූහ
මධ්‍යම පළාතට අයත් මහනුවර අධ්‍යාපන කලාපයේ පවතින දෙල්තොට කරගස්කඩ මාධ්‍ය මහා විද්‍යාලයේ සහ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ උඩුවාවල කනිටු විදුහලේ සිසු සිසුවියෝ ජනපති ලේකම් කාර්යාලය නරඹති.මහනුවර, දෙල්තොට කරගස්කඩ මාධ්‍ය මහා විද්‍යාලයේ සහ කටුගස්තොට උඩුවාවල කනිටු විදුහලේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට 19දින අවස්ථාව උදා විය.ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදල මගින් ජනතාවට සපයන සේවා පිළිබඳව මෙන්ම, පාසල් දරුදැරියන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සහ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් මෙහිදී සිදු කරන ලදී. ආර්ථික ගැටලුවලට මුහුණ දෙන පාසල් දරුදැරියන්ට අධ්‍යාපන කටයුතු අත්නොහැර දීප්තිමත් අනාගතයක් ගොඩනඟා ගැනීමට ජනාධිපති අරමුදල පහසුකම් සැපයීමට සූදානම් බවත්, එම කටයුතු කඩිනම් කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වීමට ජනාධිපති අරමුදල කටයුතු කරමින් සිටින බවත් රෝෂන් ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද, එම විවිද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
103 වන ජාත්‍යන්තර සමූපකාර දිනට සමගාමී මධ්‍යම පළාත් සැමරුම් උත්සවය
103 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමිව, මධ්‍යම පළාත් සමූපකාර සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී (19) පැවැත්විණි.මෙම උළෙලට සමගාමීව සමූපකාර සමිතිවල සාමාජිකයින් අභිප්‍රේරණය කිරීම සඳහා ක්‍රීඩා තරගාවලියක් ද සංවිධානය කර තිබිණි. එම තරග සඳහා සහභාගී වී ජයග්‍රහණ හිමිකරගත් සමූපකාර සමිති ඇගයීම ද මෙහිදි සිදු කෙරිණි. එමෙන්ම ‘කෝප්ස්ටාර්’ ගායන තරගාවලියේ ජයග්‍රාහකයින්ගේ ගීත ඉදිරිපත් කිරීමට ද අවස්ථා සළසා දී තිබිණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙම අවස්ථාවේ අදහස් දක්වමින් මෙසේ පැවසීය.සමූපකාර ව්‍යාපාරය ලෝකයේ උසස්ම ව්‍යාපාරයක් බවත් මේ සඳහා එක්වී ඇති පිරිස පරාර්ථකාමි පිරිසක් බවත්, ඔවුන් එක්ව ජනතා සුබ සිද්ධිය සහ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන පිරිසක් බවත් සඳහන් කළේය.සමූපකාර සමිතිවලින් දැනට ඉටුකරනු ලබන කාර්යයට අමතරව තම සමිතියේ ප්‍රතිලාභින් සඳහා සාහිත්‍ය, සංගීතය, කලාව සහ ක්‍රීඩාව නැංවීම සඳහා ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ ඔසවා ලබා ලෙන ලෙස ද මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ඉල්ලීමක් කළේය.පළාත් සමුපකාර කොමසාරිස් එම්.පී.ඩබ්ලිව්. ශිරෝමණි මහත්මයගේ මෙහෙයවීම යටතේ මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව, පළාතේ සමූපාකාර සමිතිවල සහාය ඇතිව සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ සභාපති එච්.එම්.පී. පුංචිබණ්ඩා යන මහත්ම මහත්මින් ඇතුළු සමුපකාර කෂේත්‍රයට අනුබද්ධිත ආයතන ප්‍රධානින් සහ මහනුවර, මාතලේ, නුවරඑලිය දිස්ත්‍රික් නියෝජනය කරමින් සමුපකාර සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සාමාන්‍යධිකාරිවරුන් සහ සේවක සේවිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
