සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල ලෙස පල්ලෙකැලේ ඉතිහාසයට එක්වේ.

දේශීය ප්‍රතිකාර ක්‍රමවේදයන් නවීනත්වයට ගෙන එමින් ජනතාව වෙත වඩා යහපත් වූ ජිවන තත්ත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් රෝග ප්‍රතිකාර සේවාවන් විශිෂ්ඨතත්වයට පත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල ලෙස පල්ලෙකැලේ ඉතිහාසයට එක්වේ.මහනුවර පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ ස්ථාපිත කරන ලද ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර ඒකකය(22 ) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පල්ලෙකැලේ ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී විවෘත්ත කිරීම සිදුවිය. සියලු ආයුර්වේද ප්‍රතිකාර අංශයන්ගෙන් සමන්විත පල්ලෙකැලේ රෝහල අතීතයේ වතු රෝහලක් ලෙස ආරම්භ කොට ඇති අතර පල්ලෙකැලේ ආයුර්වේද රෝහල ස්ථාපිත කොට මේ වන විට වසර 40කට අදික කාලයක් ගතව ඇති අතර, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දිනපතා රෝගීන් 350 අදික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණේ. එසේම නේවාසිකව රෝගීන් 120 දෙනෙකුහට ප්‍රතිකාර සිදුකල හැකි මෙම රෝහල ශ්‍රී ලංකාවේ තෙවැනි ශල්‍යාගාර පහසුකම් සහිත ආයුර්වේද රෝහල ලෙස ඉතිහාසයට එක්වේ. බොරැල්ල හා ගාල්ල ආයුර්වේද රෝහල්වල පමණක් මෙතෙක් ශල්‍යකර්ම කටයුතු සිදු කිරීම ආරම්භ කොට පැවතුනි. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , කොළඹ ආයුර්වේද රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කරුණාතිලක , ආයුර්වේද කොමසාරිස් එච්.එම්.ජයන්ත හේරත් , පල්ලෙකැලේ රෝහල් අධ්‍යක්ෂ ආර්.ජයවර්ධන ,විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර වික්‍රමසිංහ යන මහත්වරුන් , රෝහලේ වෛද්‍යවරුන් , කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් එක්විය.

78 වන වාර්ෂික සංඝරාජ මහා පෙරහැර

78 වන වාර්ෂික සංඝරාජ මහා පෙරහැර අති උත්කර්ෂවත්ව විදී සංචාරය කෙරිණ. වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමින් වහන්සේගේ මහා ශාසනික සේවාව අගයනු වස් 78 වන වරට වාර්ෂිකව පවත්වනු ලබන සංඝරාජ මහා පෙරහැර මෙවරත් ඇසළ පුරපසලොස්වක පොහොය දින විදී සංචාරය කෙරිණ. ශ්‍රී සංඝරාජ ප්‍රතිමාව රැගත්, විවිධ නර්තන අංග රැසක් සහ අලි ඇතුන්ද සහිත වූ දර්ශනීය පෙරහැර, මහනුවර ඵෙතිහාසික මල්වතු මහ විහාරයෙන් ගමන් අරඹා, දළදා විදිය-යටිනුවර වීදිය-රජ වීදිය-ඩි එස් සේනානායක වීදියෙන් නැවත දළදා වීදියට පිවිස මල්වතු මහා විහාරස්ථ තුම්පනේ පන්සලට විත් ගෙවදීම සිදු කෙරිණි. පෙරහැර ගමන් ඇරඹීමට පෙර සංඝ රාජයාණන් වහන්සේගේ ගුණ සැමරීම වෙනුවෙන් සංවිධානය වූ කෙටි උත්සව අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අති ගවුරවනිය අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ සහ කර්මාචාර්ය ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය, අඹතලාවේ සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් සංස්කෘතික කොමසාරිස් ඉනෝදනී තඹවිට මහත්මිය, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේංසිහ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී සරණංකර ගුණානුස්මරණ සමිතියේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ඊට සහභාගී වීය.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් මිලියන 45ක වියදමින් කායවර්ධන මධ්‍යස්ථානයක්.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් මිලියන 45ක වියදමින් කායවර්ධන මධ්‍යස්ථානයක්. මධ්‍යම පළාත් සභා විමධ්‍යගත අරමුදල් රුපියල් මිලියන 45ක් යොදවා ඉදිකිරිමට යෝජිත අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කායවර්ධන මධ්‍යස්ථානයට මුල්ගල් තැබිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 16දා සිදු කෙරුණි. මෙම උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ කායිකව හා මානසික ව සංවර්ධනය වූ නිරෝගිමත් දරු පරපුරක් ගොඩනැංවීමේ දී පාසල්වල ක්‍රීඩාව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් පාසල් දරුවන් අතුරින් ක්‍රිඩාවන්ට දක්ෂ දරුවන් අතරින් අතිදක්ෂයන් බිහිකිරීමත්, ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයන් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බවත් ඒ සදහා පළාත් සභාවක් ලෙස ගත හැකි උපරිම සහයෝගය සදහා ප්‍රතිපාදන වෙන් කිරිමට පියවර ගන්නා බවය. මෙම පාසලේ කේ.ඩි එම් දර්ශන සහ කේ.එල් ඒ අකලංක යන කඩුළු පැනිමේ දක්ෂතාවයන් ඇතුලු මලල ක්‍රිඩකයින් විශිෂ්ට දක්ෂතා දක්වා ඇති අතර ඒ හැකියාවන් පිළිබදව අප ඔවුන් අගය කරන බවත් මධ්‍යස්ථානය තුළින් වත්මන් පාසල් දරුවන්ටද මෙම ප්‍රයෝජනවත් දෙයක් වනු ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ශාරිරික හා ක්‍රිඩා අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්ම මහත්මින් විදුහල්පතිවරුන් සිසු දරු දැරියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 වැඩසටහන

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් හාරදාහසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් (13) දින කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ දී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති අරමුදල එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පැවැත්විණි.මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000කට ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ. මෙහිදී 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට රුපියල් 3000.00බැගින් මාස දොළහක කාලසීමාවක් සඳහා ද , අපොස උසස් පෙළ හදාරන සිසුන් සඳහා රුපියල් 6000.00බැගින් මාස 24 ක කාල සීමාවක් සඳහා ද වන පරිදි මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්ත්‍රීවරුන් වන මන්ත්‍රී නීතීඥ උදයන කිරිඳිගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,යන මහත්වරුන් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩ හපොළ මහත්මිය , විදුහල්පතිවරුන්, ගරු භවතුන් හා පාසල් දරු දැරියන් දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

තරුණ තරුණියන් ආතති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුවත් කෙරේ.

තරුණ තරුණියන් ආතති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුවත් කෙරේ මධ්‍යම පළාත් කර්මාන්ත හා යෞවන කටයුතු අමාත්‍යාංයේ, යෞවන කටයුතු සංවර්ධන ඒකකය විසින් සංවිධානය කළ ආතති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි (18) දින පැවැත්විණි.මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් තරුණ තරුණියන් සහ පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ‘ආතති කළමනාකරණයට චිත්තවේග බුද්ධිය’ මැයෙන් මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සිදු කරන ලදි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත හා තරුණ කටයුතු අමාත්‍යාංයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සභාවේ ලේකම් සුජානි ආර්. විජේතුංග, මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්.පී.එච්. අත්තනායක, තරුණ කටයුතු සහකාර ලේකම්, ඩබ්.ඒම්.ආර්.ඒන් අලුවිහාරේ යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා තරුණ තරුණියන් පාසල් සිසුන් පිරිසක් එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook