සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ලබා ගැනීමට පුහුණුවක්

අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ලබා ගැනීමට පුහුණුවක් පළාත් සංවර්ධන තොරතුරු කළමනාකරණ දත්ත පද්ධතිය පිළිබඳ (DMIS) දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ණ පර්යේෂණය හා පුහුණු මධ්‍යස්ථානයේ දී (07) දින පැවැත්විණිමධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම පුහුණු වැඩමුළුවේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ වන අයෝජන වැඩසටහනට අදාළ ක්‍රියාත්මක සැලැස්මේ ප්‍රගතිය පිළිබඳව පළාත් සංවර්ධන තොරතුරු කළමනාකරණ දත්ත පද්ධතිය වෙත තොරතුරු ඇතුළත් කිරීම, ප්‍රගතිය යාවත්කාලීන කිරීම, වාර්තා ලබා ගැනීම ඇතුළු තවදුරටත් වැඩිදියුණු කළ යුතු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන ලදි.මේ සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ කලාප අධ්‍යාපන කාර්යාලවල විෂය සම්බන්ධ නිලධාරින් පිරිසක් සහභාගී විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ.ජි.එස්. නිශ්ශංක, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සම්පත් යටිවැල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සමිත දුනුකේපොත යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාතේ පාසල් පද්ධතියේ අධ්‍යාපන සංවර්ධනය කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ

මධ්‍යම පළාතේ පාසල් පද්ධතියේ අධ්‍යාපන සංවර්ධනය කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට සමගාමිව 2025 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සවිබල ගැන්විමේ වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන, පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මෙහිදී ආර්ථික විද්‍යාව විෂය හදාරණ දරුවන් සදහා විශේෂ අධ්‍යාපන උපදේශන හා මාර්ගෝපදේශන පිළිබදව වූ වැඩසටහනක් පවත්වන ලදී. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ උපදෙස් මත , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වයි.එම්.හේරත් බණ්ඩා මහතාගේ මුලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවති අතර මෙහි සම්පත්දයකත්වය රවින්ද්‍ර රූපසිංහ මහතා විසින් ලබාදෙන ලදී.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු‍ව රැස්වීම

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු‍ව රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (01) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණි. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් සභා, විමධ්‍යගත අයවැය, ග්‍රාමීය මාර්ග සංවර්ධන හා වැවිලි ප්‍රජ‍ා වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිණි.නුවරඑළිය නගර සඳහා පානීය ජලය සම්පාදනය කිරීම, ඉන්දියානු ආධාර යටතේ වතු නිවාස ඉදිකිරීම, ග්‍රෙගරි වැවේ රොන් මඩ සහ පාසී ඉවත් කිරීම, පළාත් පාලන ආයතන වල ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය, මාර්ග සංවර්ධනය, විදුලිය, සෞබ්‍යය, ප්‍රවාහන කටයුතු, අධ්‍යාපනය, මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබඳව මීට සමගාමීව සාකච්ජා කරන ලදී.මෙම අවස්ථාව සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පි.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, කේ. කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අභිනවයෙන් පතුවූ පළාත් පාලන ආයතන සඳහා පත්වූ නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රගතිය විමසුමට

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රගතිය විමසුමට මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය (KMTT) ප්‍රගතිය විමසා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා‍ගේ ප්‍රධානත්වයෙන් මහනුවර, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ ශ්‍රවනාගාර‍යේදී (31) දින පැවැත්විණි. මහනුවර නගරය තුළ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණින් නවීන තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම බහුවිද ප්‍රවාහන පර්යන්තයේ ක්‍රියාකාරිත්වය හා සැලසුම් පිළිබඳව වත්මන් තත්ත්වය සහ එහි ප්‍රගතිය විමසා බැලීම සිදුවිය.මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිත ඉඩම් අත්පත් කර ගැනීම, ඉදි කිරීම්වලට අදාළ ප්‍රගතිය ඇතුළු ව්‍යාපෘතියට අදාළ කරුණු දීර්ග වශයෙන් සාකච්ඡා විය. මීට සමගාමීව ව්‍යාපෘතියේ තත්ත්වය විමසා බැලීම සඳහා නිරීක්ෂණ හා ක්ෂේත්‍ර චාරිකාවක නිරතවීමට ද තීරණය කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක් වූහ.

Biz Spark 2025 මහනුවර දී

Biz Spark 2025 මහනුවර දී මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හමුවක් (Biz Spark 2025) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පසුගියදා (31) දින පැවැත්විණී.මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් නව වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිරීම සහ පවතින‍ වෙළෙඳපල අවස්ථා වැඩිදියුණු කිරීම උදෙසා මෙම වැඩසටහන සංවිධානය කෙරිණී.ශ්‍රී ලං‍කාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන සමග මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් 150 අධික පිරිසක් සම්බන්ධකර ඔවුන්ගේ නිෂ්පාදන ගැණුම්කරුවන්, විකුණුම්කරුවන්, බැංකු ඇතුලු ආයතන 50 ක් වෙත හඳුන්වා දීම නිෂ්පාදන සඳහා ඇණවුම් ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පැවැත්විණී. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන්, ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් ඇතුලු පිරිසක් එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook