සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.....

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එම සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය "ආශ්චර්ය" ශාලාවේ දී (25) දින පැවැත්විණි.

මධ්‍යම පළාත් විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සිය ධුරයෙ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව ද විය.

දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් වු නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂි වගා හානි සම්බන්ධයෙන් වගා හානි වන්දි ගෙවීම හා ඒ හා සම්බන්ධව ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කෙරිණී.එමෙන්ම දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් වු වතු හා නොවන ප්‍රදේශවල නිවා හානී වෙනුවෙන් වන්දි ගෙවීම් හා නැවත පදිංචි කිරීමේ ප්‍රගතිය හා පවතින ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.

දිස්ත්‍රික්කයේ අල වගා කරුවන් සඳහා දේශීයව බීජ අල නිෂ්පාදනය කිරීමේ වැඩසටහන, ශීතාගාර පහසුකම් වැඩි දියුණු කිරීම හා අර්තාපල් වගාවේ ඉදිරි ඉලක්ක, ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

නුවරඑළි දිස්ත්‍රික්කයේද සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සදහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් ඊට අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දිම මෙහිදි සිදුවිය.

නුවරඑළිය නාගරික ජල සම්පාදන සහ අප්‍අපජල ව්‍යාපෘතිය ජාතික ජලසම්පාදන මණ්ඩලය වෙත පැවරීම, පානීය ජල ගැටළුව සඳහා විසදුම් ලබා ගැනීම, සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම නුවරිඑළිය ග්‍රෙගරි වැව හා එහි වත්මන් තත්ත්වය, පාරිසරික වැදගත්කම සම්බන්ධව ද කමිටුවේ සාකච්ජාව ලක් වූහ.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් විනාශ වු කොත්මලේ වැවන්ඩන් දෙමළ විද්‍යාලය සදහා තාවකාලික පාසලක් තොන්ඩමන් ශාලා පරිශ්‍රයේ ගොඩනැගිම කඩිනමින් සිදු කල යුතු බව සම්බන්ධිකරණ කමිටුව තීරණය කළේය.

දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරිමේ දි ඒ ඒ විෂයයන් අනුව ඇතිවූ ගැටලු සම්බන්ධව මෙහිදී දිර්ඝව සාකච්ඡාවට සහ සමාලෝචනයට ලක්විය.

නෝර්වුඩ් සහ තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයනහී නිලධාරින් කිහිපදෙනෙක් සිදු කර ඇති අස්වැසුම මූල්‍ය වංචාව සම්බන්ධවද මෙහිදී කමිටුවේ අවධානයට යොමුවූ අතර බහුතර රාජ්‍ය නිලධාරින්ගේ අභිමානය වෙනුවෙන් සුලුතරයක් වූ වංචා සිදු කල අයට පොදු දේපළ පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණී.

මෙම රැස්වීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මින්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන මහත්ම, මහත්මින් මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජයේ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

ඇසළ පෙරහරයි – සිතුවම් පෙළහරයි: The Kandy Infocus 2026 සිතුවම් ප්‍රදර්ශනයේ නිර්මාණශීලී සිතුවම් ඇගයේ

ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය මගින් සංවිධානය කළ “ඇසළ පෙරහරයි – සිතුවම් පෙළහරයි” The Kandy Infocus 2026 සිතුවම් ප්‍රදර්ශනයේ නිර්මාණශීලීම සිතුවම් ඇගයීමේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ඇසළ පෙරහර සමයේ නර්තන, වාදන හා ගායන ශිල්පීන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි වුවද, චිත්‍ර ශිල්පීන්ට එවැනි අවස්ථාවන් සීමිත බැවින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමේ අරමුණින් මෙම සිතුවම් ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.ඇසළ පෙරහර ආරම්භයේ සිට දින පහක් පුරා මහනුවර මගුල් මඩුව පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සිතුවම් ප්‍රදර්ශනය අවසානයේදී, ඉදිරිපත් වූ නිර්මාණ අතරින් විශිෂ්ටතම හා නිර්මාණාත්මක සිතුවම් තෝරාගෙන ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරේ.දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් මෙම සිතුවම් තරගය සඳහා නිර්මාණ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති අතර, අවසන් වටය සඳහා තෝරාගත් සිතුවම් 250ක් විවිධ තරග කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කර තිබේ. වයස අවුරුදු 6–8, 9–11, 12–15, 16–18, විවෘත සහ ඩිජිටල් යන කාණ්ඩ යටතේ මෙම ඇගයීම් සිදුකර ඇත.
මෙවැනි සංස්කෘතික හා නිර්මාණාත්මක වැඩසටහන් මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධන කටයුතු සඳහාද වැදගත් දායකත්වයක් ලබාදෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම දරු දැරියන් ඇතුළු නව පරපුරේ නිර්මාණ ශිල්පීන් සංස්කෘතික උරුමයන් හා කලා කටයුතු වෙත යොමු කිරීමද මෙවැනි වැඩසටහන් මඟින් සිදුකරන වැදගත් කාර්යයකි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර මහතා, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේස්වරී මහත්මිය, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය, 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඉනෝජ් හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරීන්, ත්‍යාගලාභී සිතුවම් ශිල්පීන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. See less

විශේෂ ආබාධ සහිත දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ආධාර පිරිනැමේ.

මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ස්ථාපිත IncluDe Welfare Association විසින් විශේෂ ආබාධ සහිත දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ක්‍රියාත්මක කරන "The Blue Rose Village" ව්‍යාපෘතිය සඳහා ආධාර ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට එළඹීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (20) සිදුවිය.මෙම අවබෝධතා ගිවිසුමට අනුව රුපියල් 3,400,000.00 ක මුදලක් Blue Rose Welfare Society ආයතනය වෙත ප්‍රදානය කෙරේ. "The Blue Rose Village" ව්‍යාපෘතිය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලබමින් අභිමානයෙන් ජීවත්වීම සඳහා අවස්ථාව සැලසෙන විශේෂ ගම්මානයක් මහනුවර, යටිහලගල ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා ජාතික පිළිකා මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල, මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.එස්.කේ. ගරුසිංහ යන මහත්වරුන් ඇතුළු IncluDe Welfare Association නියෝජිතයින් සහ බ්ලූ රෝස් විශේෂ පාසලේ විදුහල්පති නාමලිකා දිසානායක මහත්මිය ඇතුළු Blue Rose Welfare Society නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

"සුව දිවියට ආයුර්වේදය" දොළුව ආයුර්වේද රෝහලේදී.

මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ "සුව දිවියට ආයුර්වේදය" ආයුර්වේද ප්‍රදර්ශනය සහ විශේෂඥ වෛද්‍ය සායනය දොළුව ආයුර්වේද මුලීක රෝහලේදී (21) දින පැවැත්විණි.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී ප්‍රදර්ශනය සහ විශේෂඥ වෛද්‍ය සායනය පැවැත්විණි.ශල්‍ය රෝග, කාන්තා රෝග, ගුද රෝග, පංචකර්ම ප්‍රතිකාර සඳහා වන සායන සහ සියලුම කායික රෝග සඳහා විශේෂඥ අයුර්වෙවෙ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, රෝග පාලනය, ඖෂධ හා නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි ද මේ සඳහා එක් කර තිබිණි.
ආයුර්වේද ඖෂධ අලෙවිසැල් නියාමනය සඳහා සැකසූ වෛද්‍ය නිර්දේශ අඩංගු ඖෂධ සම්බන්ධයෙන් විස්තර පවත්වාගෙන යාමට අවශ්‍ය ලේඛන ඔසුසල් හිමියන් වෙත බෙදාදීම ද මීට සමගාමීව සිදු විය.මෙම අවස්ථාවට උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ත නවරත්න, පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් අජන්තා කේ. දිසානායක, පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් වික්‍රමතිලක, ආයුර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර වික්‍රමනායක, ප්‍රජා සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී ලක්ෂාන්ත ගුණසිංහ, දොළුව ආයුර්වේද මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි චාන්දනී කුමාරි හේරත් යන මහත්ම මහත්මීහු සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් එක් වූහ.

ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳ මධ්‍යම පළාත් දැනුවත් කිරීම මහනුවරදී

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) තාක්ෂණික අනුග්‍රහය ලබමින් 2026-2035 කාලරාමුව සඳහා සකස් කළ ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීමේ හා යෝජනා ලබාගැනීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (20) පැවැත්විණි.දැනට කෙටුම්පත් කර තිබෙන ලේඛනයේ අවසන් වලංගුතා පරීක්ෂණය සහ ඒ පිළිබඳ සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාව යටතේ, ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.මෙම දැනුවත් කිරීමේ හා අදහස් ලබාගැනීමේ වැඩසටහන සඳහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම වැඩසටහන මගින් තරුණ තරුණියන්ගෙන් ලබාගන්නා යෝජනා තරුණ ප්‍රතිපත්තියේ සංශෝධන සඳහා ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.ජී. සුමිත් ශාන්ත මහතා, ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ සිරිල් විජේසේකර මහතා ඇතුළු තරුණ සංවිධාන නියෝජිත පිරිසක් එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook