සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා ඩි.ආර්.පියදාස මහත්මිය පත්කෙරේ.

ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා ඩි.ආර්.පියදාස මහත්මිය පත්කෙරේ. මධ්‍යම පළාත් සහාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය නියෝජනය කරන ඩි.ආර්.පියදාස මහත්මිය පත්කෙරේ. 1987අංක 42 දරණ පළාත් සභා පනතේ 32(1)වගන්තිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම සිදුකර ඇති අතර පත්වීම් ලිපි ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා විසින් පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී සිදු කෙරින.

"යොවුන් දහම් සක්මන" ට මෙවරත් විශාල ජන සහභාගිත්වයක්..

"යොවුන් දහම් සක්මන" ට මෙවරත් විශාල ජන සහභාගිත්වයක්.. කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේදී වසරකට වරක් පවත්වනු ලබන “යොවුන් දහම් සක්මන” වැඩසටහන පසුගිය දා (10) අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ විශාල බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුහ. තරුණ කණ්ඩායම් ඉලක්ක කොට සංවිධානය කරනු ලබන මෙම විශේෂ ආගමික හමුවේදී ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා විසින්, පසුගිය කොවිඩ් වසංගත සමයේදී කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුව මගින් සිදුකළ සමාජ මෙහෙවර අගයමින් මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත විශේෂ සන්නස්පත්‍රයක්, පිරිනමනු ලැබිය .. කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විහාරාධිපති නාලන්දේ පවර ස්වාමින් වහන්සේ මුලික විහාරවාසී මහා සංඝරත්නයේ සහ සතර පේරුවේ දායක කාරකාදීන් ගේ සංවිධාකත්වයෙන් පැවති සදහම් සක්මන වැඩසටහනට, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මෙරට ඊජිප්තු තානාපති අතර හමුවක්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මෙරට ඊජිප්තු තානාපති අතර හමුවක්.. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මැජිඩ් මොස්ලේ (Maged Mosleh) මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (10) සිදුවිණී. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඊජිප්තු තානාපතිවරයා අතර දෙරටේ පවතින මිත්‍රත්වය, එෛතිහාසික, සමාජ ආර්ථික හා ආගමික සබඳතාවයන් වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සුහද කතාබහක නිරත විය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ‍ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක්ව සිටියාය.

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර අංශ සඳහා තාක්ෂණික උපකරණ.

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර අංශ සඳහා තාක්ෂණික උපකරණ. මධ්‍යම පළාත් සභාවේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සදහා තාක්ෂණික උපකරණ බෙදා දීම පසුගිය(09) මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදි සිදු කෙරිණි. මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම වැඩසටහනේ දී මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පිහිටුවා ඇති වාහන ආදයම් බලපත්‍ර නිකුත් කරනු ලබන කාර්යාල හා උප කාර්යාල සඳහා අවශ්‍යව පැවති මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර් යන්ත්‍ර, රවුටර්, මොනිටර් යන්ත්‍ර හා යූ.පී.එස් යන්‍ත්‍ර යන තාක්ෂණික උපකරණ ලබාදීම සිදුවිණි. මේ සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 5කි. මධ්‍යම පළාත් ආණ්ඩුකර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය‍ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවසථාවට මධ්‍යම පාළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන්, මධ්‍යම පාළාත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැද‍ගෙදර යන මහත්වරුන් ප්‍රාදේශිය ලේකම්වරුන් සහ එම කාර්යාලවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

හඳගනාව මහා විද්‍යාලයේදී සිසු දරුවන්ට මාධ්‍ය වැඩමුළුවක්.

හඳගනාව මහා විද්‍යාලයේදී සිසු දරුවන්ට මාධ්‍ය වැඩමුළුවක්. තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලයේදී පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීම හා මාධ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (07) පැවැත්විය. මධ්‍යම පළාත් මාධ්‍ය එකක් විසින් සංවිධාන කළ වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍යය එකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී විද්‍යාලයේ තෝරාගත් සිසු දරුවන් පිරිසකට මාධ්‍ය භාවිතය පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික දැනුවත් කිරීමක් සිදුකරන ලදී. මප/තෙල්/ හඳගනාව මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.ඩී.ආර්. පත්මසිරී මහතාගේ අනුග්‍රහය ඇතිව පැවති මෙම වැඩසටහන විද්‍යාලයේ සහකාර විදුහල්පති කේ.ජී. ඒ බණ්ඩාර මහතා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් හා සිසු දරුවන් පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook