සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සමස්ත ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔනිකා ප්‍රනාන්දු ක්‍රීඩිකාව පදක්කම් පහක් .

මාතර දිස්ත්‍රික් ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද සමස්ත ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔනිකා ප්‍රනාන්දු ක්‍රීඩිකාව පදක්කම් පහක් දිනා ගැනීමට සමත් විය. ඇය මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින අතර මෙම තරගාවලියේ දී අවුරුදු 50 වයස් කාණ්ඩය නියෝජනය කරමින් මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම , 400 X 4 සහය දිවීමේ රන් පදක්කම , මීටර් 400 රිදී පදක්කම ,මීටර් 3000 ඇවිදීම තරගයේ රිදී පදක්කම හා මීටර් 800 ලෝකඩ පදක්කම සමගින් සමස්ත පදක්කම් පහක් දිනාගැනීමට සමත් විය මෙම තරගාවලිය පසුගියදා මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සේවා පුළුල් වේ. (CPESS )

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සේවා පුළුල් වේ. (CPESS ) මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතිය මගින් (CPESS ) ඉදිකරන ලද නව බහු කාර්යය ගොඩනැගිල්ල සමුපකාරික අයිතියට පත් කරමින් වීවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 19 වන දින මහනුවර දී පැවැත්විණ. 1992 වර්ෂයේ දී ආරම්භ කර ක්‍රමිකව සාමාජිකත්වය වර්ධනය කර ගනිමින් යහපත් සේවාවන් රැසක් අධ්‍යාපන සේවාලාභින් හට ලබාදෙමින් මේ වන විට විශිෂ්ටත්වයට පැමිණ ඇති අතර , අධ්‍යාපන සේවා සණස සමිතිය ආරම්භක සාමාජිකයින් 29 දෙනෙකුගෙන් ඇරඹි මේ වන විට 26000 දක්වා වර්ධනය කරගෙන ඇත. සාමාජික ඉතිරිකිරීම් ,ණය පහසුකම් ලබාදීම , සුභසාධන සේවා සැපයීම ඇතුළු අංශ රැසකින් ක්‍රියාත්මක මෙම සමිතියේ කාර්යයභාරය තවතවත් පුළුල් කරමින් අධ්‍යාපන කාරකයින් වෙත ප්‍රසස්ථ සේවාවක් ලබාදීමේ අරමුණෙන් මහනුවර නගරයේ මෙම නව සිව් මහල් බහු කාර්යය ගොඩනැගිල්ල වෙත තම සේවාවන් ගෙන ඒම සිදු කරන ලද අතර 2018 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇති මෙම ගොඩනැගිල්ල සදහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 180කි. අධ්‍යාපන සේවා සණස සමිතිය මගින් හසලක බරවර්ධන ඔය උඩවෙල බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මුල්‍ය ප්‍රධානයක් ලබාදීම සිදු කෙරින. සමිතිය ආරම්භක සාමාජිකයින් වෙත උපහාර තිලිණ ප්‍රධානය කිරීම, සාමාජිකයින්ගේ දරුවන් සදහා විශේෂ ශිෂ්‍යාධාර ලෙස මුල්‍ය ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදුවිය. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් වෙත මුල්‍ය ප්‍රධානයන් ලබාදීම , අපොස සා.පෙළ සමත් හා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකරගත් දරුවන් වෙත මුල්‍ය ප්‍රධානයන් ලබාදීම මෙහිදී සිදු කෙරින. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් කර්මාන්ත හා සමුපකාර අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , සමුපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න , සමුපකාර කොමිෂන් සභාවේ ලේකම් කේ.එල්.එම්.සජිවනි , හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්ම මහත්මීන් , හිටපු සමිති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දැනට ක්‍රියාකාරී අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති කපිල ප්‍රියන්ත මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහභාගී විය.

මහනුවර ගෝතමී බාලිකා කලා උළෙල “රසිනිදුළ” පොල්ගොල්ලේ දී!

මහනුවර ගෝතමී බාලිකා කලා උළෙල “රසිනිදුළ” පොල්ගොල්ලේ දී! අද තරගකාරී අධ්‍යාපන රටාව හේතුවෙන් පොතපතින් විභාග ජය ගැනීම අරමුණු කරගත් දැනුම පසුපස හබා යනවා විනා ගුණදම් පිරි යහපත් දරුවෙකු සමාජගත කිරීම ගිලිහිලා . දරුවන්ට බරක් වූ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් ගුණ - නැණ - බලය එක්වූ යහපත් සමාජ වටපිටාවක් බිහිකරමින් අභියෝග ජයගත හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය කලා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ඉකුත්දා (19) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණ. අනු පස්වසරක් සපුරන මෙම පාසල, දරුවන්ගේ කුසලතා එළිදැක්වීම වෙනුවෙන් සංවිධානය කර පැවති මෙවර කලා උළෙල “රසිනිදුළ”ලෙසින් නම් කොට පැවතුනි. මෙම කලා උළෙලේ විශේෂ දේශනය ප්‍රවීන නාට්‍යවේදී රොඩ්නි වර්ණකුල මහතා විසින් සිදු කරනු ලැබූ අතර කලා උළෙලට සමගාමිව පාසල් දැරියන්ගේ කුසලතා ඇගයීම වෙනුවෙන් පැවති සාහිත්‍ය තරගාවලියේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු විය. විද්‍යාලයේ විදුහල්පති සුනේත්‍රා හේරත් මහත්මියගේ උපදෙස් මත සංවිධානය වූ මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි .සී.අයි.අන්දරගේ ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා )සංජීව වීරක්කොඩි යන මහත්ම මහත්මීන් ,ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය පල්ලේකැලේදී

මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය පල්ලේකැලේදී මධ්‍යම පළාත් ක්‍රීඩා උපහාර උළෙල හා වර්ණ ප්‍රධානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී 18 දින පැවැත්විණ. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී සමස්ත අනුශූරතාවය හිමිකර ගනිමින් මධ්‍යම පලාතට අභිමානයක් ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම හා ඔවුන්හට මුල්‍ය ත්‍යාගයන් පිරිනැමීම මෙහිදී සිදු කරන ලදී. 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදීයර ලෙස අන්තර් ක්‍රීඩා සමාජ තරග සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 36හි තරග ඉසව් 1368 කට ආසන්න ප්‍රමාණයක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7000 ක පමණ ප්‍රමාණයක් හා දෙවන අධියර ලෙස දිස්ත්‍රික් ක්‍රීඩා තරගාවලි මධ්‍යම පළාතේ දිස්ත්‍රික් තුනට අදාලව මෙවර ඉසව් 132 කට ආසන්න ප්‍රමාණයක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් පමණ සහභාගි වී ඇත. එසේම තෙවන අදීයර ලෙසින් අන්තර් දිස්ත්‍රික් තරග හෙවත් පළාත් ක්‍රීඩා තරග සදහා ඉසව් 60 කට ආසන්න ප්‍රමාණයකට අදාලව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 පමණ සහභාගි විය. හතරවන අදීයර වශයෙන් ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වේ. ජාතික සහ ජාත්‍යන්තර පරිසාධන මට්ටම් සම්පූර්ණ කල ක්‍රීඩක ක්‍රිඩීකාවන් මේ සදහා සුදුසුකම් ලබාගනී. ඒ අනුව 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 245 දෙනෙකු සහභාගී වී රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 45 හා ලෝකඩ පදක්කම් 50ක් සමගින් සමස්ත පදක්කම් 134ක් දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් වූ අතර , සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍යම පළාතේ කේ.ඩී.එම්.දර්ශණ ක්‍රිඩකයා විසින් හිමි කර ගැනීම ද විශේෂත්වයකි. මෙම උපහාර උළෙලේදී තරග අංශ 20ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම හා පළාත් වර්ණ ප්‍රදානය සිදු කරන ලද අතර, 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී විවිධ ක්‍රීඩා ඉසව් වලින් දක්ෂතම ක්‍රීඩකයා , ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූ පළාතේ 13 දෙනෙකු වෙත විශේෂ මුදල් ත්‍යාග හා උපහාර පිදීම සිදු කරන ලදී. එසේම ශ්‍රී ලංකා නාමය ඉහලට ඔසවා තබමින් ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කල මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා විශේෂ ආධාර මුදල් ලබාදීම ද සිදු කරන ලද අතර, මෙහිදී ජුඩෝ ,බර එසවීම, මේස පන්දු , නෙට්බෝල් , මලල ක්‍රීඩා යන අංශ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු වෙත ආධාර ප්‍රදානය කිරීම සිදු කරන ලදී. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ඇගයීම් අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන් යන මහත්ම මහත්මින් , හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් , රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය.

spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය. මධ්‍යම පළාතේ කුලුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යසායකත්ව සංවර්ධනය කිරීමත්, අලෙවි ප්‍රවර්ධන අවස්ථා උදා කිරීම හා ආදායම් උත්පාදන මාර්ග සලසා දීම, විශේෂාංගිකරණය වූ සහ අගය එකතු කළ කුලුබඩු නිෂ්පාදනයන් එකම වෙළඳ ස්ථානයකට ඒකරාශී කර ගනිමින්, එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ SPICY GALLERY 2023 අලෙවි ප්‍රදර්ශනයට සමගාමිව පාසල් ඉවුම් පිහුම් තරගාවලියක් පැවැත්විය. රටේ අනාගත දරු පරපුරට දේශීය කුළුබඩු භාවිතය පිළිබඳව අත්දැකීම් හා දැනුම සහ නව වැඩසටහන් සඳහා අවකාශය සලසා දුන් මෙම තරගයට මධ්‍යම පළාතේ සියලුම කලාප නියෝජනය කරමින් දරුදැරියන් පිරිසක් සහභාගී වුහ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධාන විනිශ්චයෙන් පසුගිය 15 වන දින කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ඉවුම් පිහුම් තරගාවලියේදී දරුවන් විසින් කුළු බඩු යොදා ගනිමින් රසවත් කළ විශේෂිත හා නව ආහාර වට්ටෝරු ඉදිරිපත් කර තිබූ අතරම ඒ කෙරෙහි විශේෂිත ඇගැයීමක් මෙන්ම ප්‍රධාන විනිශ්චය ලබා දීම ආචාර්ය පබිලිස් සිල්වා සිදු කල අතර , මෙහිදී සියලුම කලාප අතරින් වත්තේගම කලාපයෙන් මහවැලි මධ්‍යම මහා විද්‍යාල ප්‍රථම ස්ථානයත්, කටුගස්තොට කලාපයෙන් කටුගස්තොට උඩුව මහා විද්‍යාලය දෙවන ස්ථානයත්, නුවර කලාපයෙන් මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය තෙවන ස්ථානයත්, යන ස්ථාන ලබා ගනිමින් වටිනා ත්‍යාග හා සහතික පත් ලබා ගත්හ. එසේම සහභාගි වූ සියළුම කලාපවල දරුවන් සඳහා විශේෂිත වූ පාසල් උපකරණ සහිත ත්‍යාග කට්ටල පිරිනැමීමද සිදුවිය. එසේම කුළුබඩු වර්ග හා ඒවායේ භාවිතය තුළින් සිදුකළ හැකි එවුන් පියුම් වර්ග හා ක්‍රමවේදයන් පිළිබඳව හරවත් දේශනයකින් අදහස් දක්වමින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නිවැරදි ආහාර පුරුදු දේශය ආහාර රටාවන් දරුවන් වෙත කුඩා කල සිටම පුරුදු පුහුණු කළ යුතු බවත් එමගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට එය ඉවහල් වන බවත්ය. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සි වත්ත, ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය අධ්‍යක්ෂ, ඇතුළු ව්‍යසායකයින් වෛද්‍යවරුන්, ගුරුවරුන් හා දරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook