සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නැනෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය විශේෂ නිරීක්ෂණයකට.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ ජි නිශ්ශංක යන මහත්වරුන් පසුගිය 28 වනදා මැණික්හින්න නැනෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය විශේෂ නිරීක්ෂණයකට ලක් කළ අතර එහිදී අනාගත අවශ්‍යතා සඳහා නැනෝදා මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.

මැණික්හින්න කෝප්සිටි වෙළෙඳසැලනව මුහුණුවරකින් ජනතාවට විවෘත වෙයි.

මැණික්හින්න කෝප්සිටි වෙළෙඳසැලනව මුහුණුවරකින් ජනතාවට විවෘත වෙයි. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වූ මැණික්හින්න සමුපකාර කෝප්සිටි වෙළදසැළ නව මුහුණුවරකින් ඊයේ (30)මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සුරතින් පාරිභෝගිකයින් වෙත විවෘත විය. පළාත් සමුපකාර ලේකම් උපාලි රණවක මහතා,සමුපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරු ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

"සමුපකාර කොමිසම ගමට - ජංගම සේවාව"

"සමුපකාර කොමිසම ගමට - ජංගම සේවාව" සමුපකාර සේවක කොමිෂන් සභාව සමග කටයුතු කරන කුණ්ඩසාල බල ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතිය, මූල්‍ය ආයතනය හා සණස සමිති අනුග්‍රාහකත්වය යටතේ මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව මගින් සංවිධානය කරනු ලැබූ"සමුපකාර කොමිසම ගමට - ජංගම සේවාව" මහනුවර දිස්ත්‍රික්කය ඊයේ (30) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සීස මැණික්හින්න,කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා රන් සම්මානයෙන් පිදුම් ලැබූ කුණ්ඩසාලේ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සිදුකර ඇති මෙම ජනතා හිතවාදී කර්තව්‍යය සෙසු සමූපකාර සමිති සඳහා ආදර්ශයක් බවත් රට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක සමූපකාර සමිති විසින් ජනතාවට සහන ලබා දෙමින් සිදු කරන්නා වූ ජනතා හිතවාදී සේවය හා නිලධාරීන්ගේ කැපවීම ද අගය කිරීමට ලක් කළේය. එසේම මෙම අවස්ථාවේ දී විවිධ සේවා සමුපකාරවල සේවය කරන නිලධාරීන් වෙත සිය රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානයක් ද කෙරිණි. එසේම එසේම විශ්වවිද්‍යාල වරම් ලද සමූපකාර සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදුකෙරිණි. එසේම සමූපකාර සේවකයින්ගේ රාජකාරි සම්බන්ධයෙන් සමූපකාර සේවක කොමිෂන් සභාව වෙතින් නිරාකරණය කරගැනීමට හෝ සමූපකාර කොමිෂන් සභා සාමාජිකයින් ඉදිරියේ සාකච්ඡා කරගැනීමට අවස්ථාව ලබා දී තිබිණි. එමෙන්ම සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් පාලක මණ්ඩලය සහ පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතනය යන ආයතන සම්බන්ධ කර ගැනීමට ද අවස්ථාව හිමිවිය. මෙම වැඩසටහනට සමගාමීව වෛද්‍ය සායනයක්, අක්ෂි සායනයක්, ලේ දන්දීමේ කඳවුරක් පොලිස් ජංගම සේවයක්,මූර්ති සමෘද්ධි පොළක්,දැනුවත් කිරීම්, පොල් පැළ බෙදාදීම ආදී වැඩසටහන් රාශියක් පැවැත්විණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා, සමුපකාර කොමසාරිස් අමිල නවරත්න මහතා, සමූපකාර කොමිෂන් සභාවේ ලේකම් කේ. ඒ .එල්. සජීවනි මහත්මිය,සමුපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති ටී. ඩී. ජයතිස්ස මහතා,කුණ්ඩසාලෙ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති තිස්ස උඩගස මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මහනුවර වට්ටාරන්තැන්නේ නව කෝප්සිටි වෙළෙදසැලක් විවෘත කෙරේ.

මහනුවර වට්ටාරන්තැන්නේ නව කෝප්සිටි වෙළෙදසැලක් විවෘත කෙරේ. පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වූ සමුපකාර නව කෝප්සිටි වෙළද සැළක් ඊයේ (30) මහනුවර වට්ටාරන්තැන්න ප්‍රදේශයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සුරතින් පාරිභෝගික අයිතියට පත් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සදහා ලක්ෂ 25 කට ආසන්න මුදලක් වැය කෙරිණි. මධ්‍යම පළාත් කර්මාන්ත හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා,සමුපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරු ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මධ්‍යම පළාතේ ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක්.

මධ්‍යම පළාතේ ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක්. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු අංශය හා හදබිම අධිකාරිය එක්ව මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18ක ප්‍රතිලාභීන් 50 දෙනෙකු සඳහා කුකුළු පැටවුන් 500ක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ ( 30) මහනුවර බෝගම්බර පිහිටි සමුපකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී එක් පවුලක් සඳහා කුකුල් පැටවුන් 10 ක ගෙන් යුතු ඒකකයක් ලබා දෙන ලදී. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතාගේ හා වනිතා කටයුතු අංශයේ අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට සමුපකාර දෙපාර්තුමේන්තුවේ පළාත් කොමසාරිස් අමිල නවරත්න, හදබිම අධිකාරියේ නිලධාරීන් ඇතුළුරාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook