සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක් .

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක් . ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මැජිඩ් මොස්ලේ මහතා (Maged Mosleh) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් පසුගියදා (10) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. මෙහිදී තානාපතිවරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, ඊජිප්තු රජයේ සහාය යටතේ ශ්‍රී ලංකා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වු අතර, ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා මහනුවර ඔරාබි භාෂා සංස්කෘතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර එය සංකේතවත් කරමින් රුක් රෝපණයක් ද සිදු කරන ලදී. මෙම සුහද හමුව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

රාජ්‍ය ආයතන තුළ භාෂා සැලසුම් සකස්කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය අංශය තුළ ඵලදායිව ක්‍රියාත්මක කිරීම , රාජ්‍ය ආයතන තුළ භාෂා සැලසුම් සකස්කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මධ්‍යම පළාත් වැඩසටහන පලාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් 09 දින පල්ලෙකැලේ මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන පුහුණු එකක දේශන ශාලාවේ දී රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාශයේ අතිරේක ලේකම් (ජාතික භාෂා ) අනුරාධ විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදේශකත්වයෙන් සංවිධානය කොට පැවති මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මින් ඇතුළු පළාත් ආයතන ප්‍රධානින් රැසක් සහභාගී වුහ.

මාතලේ සංචාරක හෝටල් කළමනාකරණ පුහුණුව අවසන් කළ වෘත්තිකයන් වෙත සහතික පත් පිරිනැමේ.

මාතලේ සංචාරක හෝටල් කළමනාකරණ පුහුණුව අවසන් කළ වෘත්තිකයන් වෙත සහතික පත් පිරිනැමේ. මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන අයතනය මගින් පාලනය වන මාතලේ හෝටල් පාසැල මගින් වසරකට වරක් දේශීය හා විදේශීය හෝටල් රැකියා ක්ෂේත්‍රය වෙත තරුණ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් යොමු කෙරේ.එසේ පුහුණුව අවසන් කළ පුහුණු තරුණ තරුණියන් 190 කට වැඩි ප්‍රමාණයක් වෙත සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.2009 වර්ෂයේ දී පුහුණුව 20 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම හෝටෙල් පාසැල මගින් වර්තමානය වන විට 150 කට වැඩි ප්‍රමාණයක් හොටෙල් ක්ෂේත්‍රය වෙත වාර්ෂිකව යොමු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, අමාත්‍යාංශ ලේකම්වරුන්, කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය අධ්‍යක්ෂ ජේ. වී.බි සකලසූරිය, රාජ්‍ය නිලධාරීන්, පුහුණු ලාභින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව 111 වන පාබල සේනාංකාධිපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව 111 වන පාබල සේනාංකාධිපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව 111 වන පාබල සේනාංකාධිපති බ්‍රිග්‍රේඩියර් සාලිය ඩයස් මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විය. එහිදී පළාතේ ආරක්ෂක තත්ත්වය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේනාංකාධිපතිවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා අතර කරුණු සාකච්ඡා වු අතර, මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ, ලුතිනන් කර්නල් මංගල හේරත්, මේජර් රුක්මාල් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද එක් විය.

නවීකරණය කළ මිනිපේ මහජන පුස්තකාලය පාඨක අයිතියට.

නවීකරණය කළ මිනිපේ මහජන පුස්තකාලය පාඨක අයිතියට ජංගම දුරකථන භාවිතයට අසීමිතව ඇබ්බැහි වී සිටින දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා පවතින හොඳම හා සාර්ථකම විකල්පය පුස්තකාල භාවිතය වන බවත්, නැණ නුවණින් සපිරි පුරවැසියන් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරලීමට ඉන් සානුබල සැපයෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා (07) හසලකදී පවසයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් දැක්වූයේ මිනිපේ ප්‍රාදේශීය සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ හා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යාධාර උපයෝගී කොට ගෙන නවීකරණය කළ හසලක, මිනිපේ මහජන පුස්තකාල ගොඩනැගිල්ල පාඨක අයිතියට පත් කරලීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.මෙයට සමගාමීව යෝජිත නව කියවීම් ශාලා ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමද ආණ්ඩුකාර ගමගේ මහතා විසින් සිදුකරන ලදී.අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කමල් බෙලිගොල්ල මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතා හා ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයද, පාඨකයන් ඇතුළු ප්‍රදේශවාසීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook