ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද සාකච්ඡාවක් මහනුවරදී.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Mrs.Miyon Lee) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (18) පැවැත්විය. මෙහිදී සංස්කෘතික, ආගමික, ආර්ථික, තාක්ෂණ හුවමාරු සහ සංචාරක ප්‍රවර්ධන ඇතුලු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරිය අතර කරුණු සාකච්ඡා වු අතර, විශේෂයෙන්ම කඳු නැගීමේ සංචාරක සිතියම් නිර්මාණයේ වැදගත්කම සාකච්ඡා වූ අතර දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කොරියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ජුන්ග් හේසුන් (Jung Haesung) , කොරියානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරි ෂිං සෙවුන්ග්වෝ (Shin Seungwoo),පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් වූහ.
ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනු මාධ්‍යම පළාතේ ක්‍රීඩකයින්ට පළාත් සභාවෙන් උපහාර පිදේ.
වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් අධ්‍යාපන ක්‍රියාවලියට යොමුකරනවා විනා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා යොමුනොවිම ප්‍රධාන ගැටළුවක් වී පවතින යුගයක ආසියාවම ජය ගනිමින් ලක් මව රනින් බබළවමින් තරුෂි දැක්වූ දක්ෂතාවය රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම ආදර්ශයක් ලබාදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසියේ 19 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් දිනාගන්නා ලද මධ්‍යම පළාතේ ක්‍රීඩකයින් හට උපහාර පිදීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) පැවති අවස්ථාවේදී ය. මෙහිදී වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩාවෙන් ලක් මාතාව රනින් බැබල වූ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතාත්, මීටර් 400 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාදීමට දායකවූ අරුණ දර්ශන ක්‍රීඩකයා හට උපහාර පිදීම සිදුවිය. මෙහිදී ඇගයීමට ලක් ක්‍රීඩකයන්හට හා පුහුණුකරු වෙත මුල්‍ය ප්‍රධානයන් ලබාදීම සිදු කරන ලද අතර , ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ වලල විදුහලේ විදුහල්පති , ක්‍රීඩා ගුරුවරුන් හා පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරින. වලල ක්‍රීඩා පාසලේ නේවාසිකාගාර සදහා අවශ්‍ය වන උපකරණ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් ප්‍රධානය කිරීම ද මෙහිදී සිදුවී. මධ්‍යම පළාත් සභාව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද ,සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි ,මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි ජයසේන ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට මධ්‍යම පළාතෙන් රුපියල් 2,500,000 ක සහනාධාර.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ විසි පහක (2,500,000) වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා වෙත ප්‍රදානය කිරීම පසුගියදා (16) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ ඍජු මැදිහත්වීම මත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නැංවෙන අතර ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍යතා පරිදි අදාළ වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර නිකුත් කිරීමට නියමිත ය.මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ මැදිහත්වීම මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාතේ ආයතන වලින් ලබාදෙන ලද ආධාර මාතර දිස්ත්‍රික්කයේ පීඩාවටපත් ජනතාව වෙනුවෙන් මෙසේ ලබාදෙන ලදි.මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා හා මධ්‍යම පළාත නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
නුවරඑළිය නව සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස සමිර ගම්ලත් මහතා රාජකාරි ආරම්භ කරයි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා ලෙස සමිර ගම්ලත් මහතා අද (16) දින රාජකාරි ආරම්භ කිරිම සිදු විය.
මිට පෙර රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති සමිර ගම්ලත් මහතා 2015 වසරේ දි ශ්‍රි ලංකා පරිපාලන සේවය ට එක්ව ස්‍වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැති මෙම වැඩ ආරම්භ කිරිමේ අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
මහවැලි ගොවි ජනපදකරණයේ පළමු ගොවි ජනපදය ලෙස සැලකෙන මිණිපේ ගොවි ජනපදය පෝෂණය වූ ඓතිහාසික මිණිපේ අමුණ සහ මිණිපේ යෝධ ඇළ, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන" මගින් නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන පසුගියදා මිණිපේ අමුණ සහිත පරිශ්‍රයේ දී සිදු කරන ලදි.මහවැලි ගඟෙන් පෝෂණය වන රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ වලට පහළින් පිහිටමින්, රන්ටැඹේ ජලාශ මගින් විදුලි උත්පාදනය කිරීමෙන් අනතුරුව ඉවත්වන ජලයෙන් මිණිපේ ගොවීහු සිය ගොවිතැන් කටයුතු සිදුකළ අතර, දිනය පුරා ජලය නොලැබීම හේතුවෙන් ඔවුන් වසර ගණනාවක සිට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටියහ.මෙම මිණිපේ වම් ඉවුර පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය හරහා අමුණ මීටර් 3.5ක් දක්වා එසවීම තුළින් ගබඩා වන ජලය භාවිතා කරමින් යල සහ මහ දෙකන්නයම අඛණ්ඩව බාධාවකින් තොරව වගා කිරීමේ හැකියාව ද, ජල හැරවුම් 161ක්, විදුලිය මගින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය දොරටු 8ක් තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරිම ද , ප්‍රධාන සොරොව්වක්, වැලි සොරොව්වක් හා මීටර් 320කින් සමන්විත කොන්ක්‍රීට් බැම්මකින් ද සමන්විත ය. මේ හරහා හෙක්ටයාර් 7500ක් ගොවි පවුල් 15000ක් සඳහා ප්‍රතිලාභ හිමිවීම සුවිශේෂී කරුණකි.මෙහිදී මිණිපේ වාරි පද්ධතිය සිය ධනයෙන් හා ශ්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මුලික වූ හේරත් බණ්ඩා රඹුක්වැල්ලේ දිසාවේට කෘතගුණ සැලකීමක් ලෙස එතුමාගේ ස්මාරක පිළිරුවක් නිරාවරණය කිරීම ද මෙහෙදී සිදු කරන ලදි.මෙම අවස්ථාව සදහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මැතිතුමා, චයිනා ගෂුබා ගෲප් කොපරේෂන් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරු සුවේ (XUEWEI) මහතා, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් එම්.ඒ. කවිරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා, මහවැලි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තා.සේ.) නිලන්ත ධනපාල මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, ගොවි සංවිධානවල නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්