සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාත් තුළ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීමේ තවත් ව්‍යාපෘතියක්.

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව මධ්‍යම පළාත් තුළ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස සීගිරි හා නකල්ස් කලාපය , උඩුදුම්බර කලාපය ආශ්‍රිතව සංචාරක මාර්ගෝපදේශකයින් , සෆාරි රියදුරන්, කදු තරණය කරන්නන් හා සංචාරක සේවා සපයන්නන් යන පුහුණු කණ්ඩායම සඳහා බලපත්‍ර හා සහතිකපත් ලබා දීමේ සංචාරක දින සැමරුම් උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මහනුවර ගැටඹේ okray hotel පරිශ්‍රයේදී පැවැත්විණ.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රේඩා ආයතනය විසින් සිදු කරනු ලබන අතර ඒ යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 17. 7ක මුදලක් වැය කරනු ලබයි.සීගිරිය හා නකල්ස් කලාපය ආශිත සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා දින දහහතරක් , සපාරි ජිප් රියදුරන් සඳහා දින පහක්, සංචාරක සේවා මඟ සේවා සපයන්නන් සඳහා දින පහක් , කඳු නගින්නන් සදහා දින පහක් වශයෙන් පැවති මෙම වැඩමුළු සඳහා සහභාගි වූ පිරිස 350ක් පමණ වේ. මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙනු ලබන්නේ සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අස්ලාම් මහතා ඇතුළු විසි පස් දෙනෙකුගෙන් යුතු සම්පත්දායක මඩුල්ලක් විසිනි.රටවල් හා සංස්කෘතියෙන් ලෙස වර්ග නොකොට සංචාරකයා සුවිශේෂී පුද්ගලයකු ලෙස ගෙන පළාතේ ඇති සංචාරක ස්ථාන ආකර්ෂණය කොට ප්‍රවර්ධනය කළ යුතු බවත්, අලුත් සංචාරක අවස්ථා ස්ථාන හඳුනාගැනීමත් මහනුවර නගරයට පැමිණෙන සංචාරකයන් රදවා ගැනීම සඳහා අත්දැකීම් සහිත සංචාරක ස්ථාන ඇති කිරීම හා මග පෙන්වීම මෙම පුහුණු කළ කණ්ඩායම සුදු සිදුකළ යුතු බවත් , අදහස් දක්වමින් පළාත් අණ්ඩුකාර වරයා ප්‍රකාශ කර සිටියේය.මෙහිදී පුහුණු කණ්ඩායම සඳහා සහභාගි වීමේ නිල ආරක්ෂක කබා ලබාදීම මෙන්ම, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නර්තන විශේෂාංග වලින් වලින් ද උත්සවය වර්ණවත් විය.මෙම අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් පී සෝමරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අමාත්‍යාංශ ලේකම්වරුන් රේඩා ආයතනය සභාපති නීතිඥ ජනක සකලසූරිය, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන නිධානය පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

''ආයුබෝවන් පන්විල''

''ආයුබෝවන් පන්විල'' ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව පන්විල ප්‍රදේශීය ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලබන "Ayubowan Panwila" සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ පළමු අදියර මහනුවර සහස් උයනේ ප්‍රදර්ශන කුටිය තුල පසුගිය 27 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබීය . එහිදී නව සංචාරක ගමනාන්තයක් හදුන්වාදෙමින් www.ayubowanpanwila.lk වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව සිදු කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ඉන්දියානු මහා කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අකීරා මහත්මිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරුන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

කැකුළු සිහින පාට කරමු’ මහනුවර දී

කැකුළු සිහින පාට කරමු’ මහනුවර දී ලෝක ළමා දින සැමරුම නිමිත්තෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ මහනුවර මහා නගර සභාව හා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය එක්ව ‘කැකුළු සිහින පාට කරමු’ මැයෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පසුගියදා (01) පෙරවරුවේ මහනුවර , ඊ.එල්.සේනානායක ළමා උද්‍යාන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහනුවර මහා නගර සභාව යටතේ ඇති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 23ක දරු දැරියෝ හාරසිය දෙනෙකු පමණ මේ වැඩසටහන හා එක්ව සිටියහ. එස් ලෝන් ලංකා පුද්ගලික සමාගම ප්‍රමුඛ පෞද්ගලික ආයතන කිහිපයක අනුග්‍රහය ද වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලැබී තිබිණි. වැඩසටහන ආරම්භ වූයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් උද්‍යාන පරිශ්‍රය තුළ නා පැලයක් රෝපණය කිරීමෙනි. ක්‍රීඩා, සිතුවම් නිර්මාණ , ගායන හා නර්තන අංග ආදියෙන් වැඩසටහන විචිත්‍රවත් විය. දරුවන් වෙත හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වෙත ත්‍යාග පිරිනැමීමට ද සංවිධායක පාර්ශ්ව කටයුතු කරනු ලැබී ය. පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා හා මහා නගර සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද , දෙමාපියන් පිරිසක් ද වැඩසටහන හා එක්ව සිටියහ.

ලෝක සංචාරක දින සැමරුම.

ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව "හරිත සංචාරක පසුබිමක් නිර්මාණය කිරීම" තේමාව කොට ගත් මධ්‍යම පළාත් කර්මාන්ත හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ලෝක සංචාරක දින ප්‍රදර්ශනය සහ අලෙවි පොළ මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත්. යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේ වීවෘත කෙරෙණි .හරිත ආයෝජනය, ගෝලීය ආරක්ෂාව , ව්‍යාවසායකත්ව සංවර් ධන , සංචාරක අධ්‍යාපනය යන අංශ ඔස්සේ මෙම ප්‍රදර්ශනයේ වෙළද කුටි සංවිධනය වී ඇති අතර සංචාරක කේෂ්ත්‍රය ට සම්බන්ධ විවිධ සංවිධාන හා සංගම් රාශියක් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල දායකත්වය මෙම ප්‍රදර් ශනයට එක්වී ඇත. සංචාරක දින උළෙලේ දී මධ්‍යම පළාතේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය සදහා සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් විශේෂී සහයක් ලබාදෙමින් මෙහෙවරක නිරත සංචාරක යූටිබ් නාලිකා ක්‍රියාකාරීන් තිදෙනකු ඇගැයීමද සිදුවිය.මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් එස්. අකීරා මහත්මිය විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගිවූ අතර , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර මහා දිසාපති චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මින් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් , අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ආරම්භක අවස්ථාවට සහභාගී විය.මධ්‍යම පළාතේ පවතින සංචාරක විභාවතාවයන් නිසි ලෙස හදුනා ගෙන ඒ තුලින් පළාතේ සහ ජාතික ආර් ථිකයට ඉහල දායකත්වයක් ලබා දීමේ අරමුණින් ඒ ඒ කොට්ඨාශ ආශ්‍රිතව පවතින සංචාරක ස්ථානයක් සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීමේ පියවරක ලෙස පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවයි . එහි එක් පියවරක් ලෙස "පන්විල සංචාරක වෙබ් අඩවිය" පසුගිය 27 මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී උඩුගත කරනු ලැබීය.මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පන්විල ප්‍රාදේශීය ලේකම් නෙරංජන් සේනාධීර මහතා ගේ මුලිකත්වයෙන් ප්‍රදේශයේ සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සහ පාරිසරික සංවිධාන වල සහයෝගය ලබා ගනිමින් දෙස් විදෙස් සංචාරකයන් ට පන්විල සංචාරක කලාපය පිළිබද බොහෝ තොරතුරු මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගැනීමට හැකියාව ලැබේ.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් පසුගියදා (22) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම්. සේනානායක මහතාගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී ආශා තිලකරත්න මහත්මියගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook