ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ තරඟ දිගනදී.
ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වන අදියරේ තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පසුගිය (02,03) වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුමැතිය හා අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සදහා මධ්‍යම , උතුරු මැද, වයඹ යන පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කට අධික ප්‍රමාණයක් තරඟ ඉසව් 135 ක් වෙනුවෙන් සහභාගි විය.
මෙම තරගාවලියෙන් ජයග්‍රහණය කරන ලද බාලක බාලිකාවන් ඉදිරියේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 52 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබීමට සමත්වේ.
රිසිට්බරි ආයතනයේ පුර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කොට පැවති මෙම තරගාවලියේ සමාරම්භක අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුසල ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ට ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.
දැනට අක්‍රිය තත්වයේ පවතින ව්‍යාපෘතීන් නැවත ක්‍රියාත්මක කොට ඒවා ඵලදායි ලෙස ගොඩනංවා මහජන සුබසෙත උදෙසා යෙදවීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව සැලසුම් කරයි. එහි ආරම්භක ව්‍යාපෘතිය ලෙස උග්‍ර ජල හිගයෙන් පිඩා විදින ,දුෂ්කරතාවයට පත් පාතහේවා හැට ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමේ අරමුණෙන් ආරම්භ කොට අතරමග නතරව ඇති අංකෙලිපටිය ජල ව්‍යාපෘතිය සක්‍රීය කිරීමට පියවර ගැනේ.
පසුගියදා මෙම ව්‍යාපෘතිය පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ නිරීක්ෂණයට ලක් වූ අතර, මෙම ව්‍යාපෘතියේ සක්‍රිය කිරීමේන් ප්‍රදේශයේ ජනතාවට සැලසෙන සහනය පිලිබදව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුලු නිළධාරින් මෙහිදී පෙන්වා දෙනු ලැබිය . මෙම ව්‍යාපෘතිය අතරමග නතර වීම හේතුවෙන් මතුවූ ගැටලු ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය .මහජනතාවගෙ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා, සියලුම ආයතන වල සහයෝගය ලබා ගනි උක්ත ව්‍යාපෘතිය වඩාත් ඵලදායිව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කරනු ලැබිය. .
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව මහනුවර ජොජ් ද ඊ සිල්වා වෙළෙඳ සංකීර්ණ එක්සත් වෙළෙඳ සංගමය වාර්ෂිකව පවත්වන බත් දන්සල මෙවරත් 14 වන වරට ජොජ් ද ඊ සිල්වා උද්‍යානයේ දී (30) මධ්‍යම පළාත් අණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
"අභියස " ජංගම සේවය - මාතලේ කලාපය.
මධ්‍යම පළාත් අධ්‍යාපනයේ සේවාලාභීන් වෙත වඩාත් ගූණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් කඩිනම් කාර්යය සඵලත්වයක් ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ සංකල්පයකට අනුව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන "අභියස - At your door step " ජංගම සේවා වැඩසටහනේ 08 වන අදියර මාතලේ කලාපය කේන්ද්‍ර කර ගනිමින් 2023.08.25 වන දින මාතලේ විද්‍යා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ.
ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත්කිරීම සදහා විශේෂ සාකච්ජාවක්.
මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කිරීම පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා (01) පැවැත්විණ.මෙහිදී මෙම රෝහලට පවත්වාගෙන යාමට අවශ්‍ය වෛද්‍යවරුන් , සේවකයින් අනුයුක්ත කරගැනීම හා ඖෂධ සපයාගැනීමත් මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන හා පාසල් තුල ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ වගා කිරීමේ විශේෂ වැඩසටහනක් සැකසීම පිළිබදව ද මෙහිදී සාකච්ජා කෙරින . මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පරිවාස අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා , මධ්‍යම පළත් ආයුර්වේද කොමසාරිස් එච්. එම් .ජේ . බි හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
- මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවි පොළක්.
- ‘විසිට් කැන්ඩි ’ ප්‍රදර්ශනයට හා අලෙවි පොළට සමගාමීව විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් .
- Visit kandy අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ මහනුවර කේ කේ සී ආයතනයේදී.
- මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, ගත් තීරණ හා එකඟතා සම්බන්ධයෙන් වූ ප්‍රගතිය සාකච්ඡා කෙරේ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්