සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නව ආයෝජනය අවස්ථා තුලින් ලක්ෂ ගණනක ආදායම් උත්පාදනයට මග සදන KOI විසිතුරු මසුන් වගාවක් දඹුල්ලේ .

නව ආයෝජනය අවස්ථා තුලින් ලක්ෂ ගණනක ආදායම් උත්පාදනයට මග සදන KOI විසිතුරු මසුන් වගාවක් දඹුල්ලේ . තරුණ ව්‍යවසායකයන් ගොඩ නැගීමට නම් පළාත් සභාවක් සහ රජයක් ලෙස ලබා දිය යුතු දිරි ගැන්වීම් අප්‍රමාදීව ලබා දිය යුතු බව මධ්‍යම ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පෙන්වා දෙයි. සිය රැකියාව සදහා ජපානය බලා ගිය දඹුල්ල ප්‍රදේශයේ තරුණයෙක් කාලයක් තිස්සේ එහිදී ලැබූ අත්දැකීම් සහ සබදතා භාවිතයට ගනිමින් මෙරටට ලක්ෂ ගණනක විදේශීය ආදායම් උත්පාදනයට මග විවර කරමින් සහ ප්‍රදේශයේ විශාල පිරිසකට ඍජුවම සහ වක්‍රව ආදායම් ප්‍රභව සකස් කර දෙමින් ආරම්භ කරන ලද KOI විසිතුරු මසුන් වගා කිරීමේ ව්‍යාපාරය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ නිරීක්ෂණයට ලක් විය. ජපන් ජාතිකයන්ගේ දැනුම ද භාවිතයට ගනිමින් අමිල බණ්ඩාර මහතා විසින් පවත්වාගෙන යනු ලබන මෙම විසිතුරු මසුන් වගාව නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා විදේශ විනිමය රට තුලට රැගෙන ඒම සදහා විසිතුරු මසුන් වෙළඳපොල තුල විශාල අවස්ථාවක් පවතින බවත්, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සදහා පළාත් සභාව මැදිහත් ව අවශ්‍ය සම්බන්ධීකරණයෙන් ලබා දිය යුතු සියලු සහායන් ලබා දීමට පියවර ගන්නා බවත් සදහන් කර සිටියේය. මෙම නිරීක්ෂණ චාරිකාවට පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක් විය.

පළාත් ආණ්ඩුකාරවරයා ගේ අනින් සිගිරිය විදුබිමේ සංවර්ධනයට ලක්ෂ 25 ක් .

පළාත් ආණ්ඩුකාරවරයා ගේ අනින් සිගිරිය විදුබිමේ සංවර්ධනයට ලක්ෂ 25 ක් . ගලේවල අධ්‍යාපන කලාපයේ දඹුල්ල කොට්ඨාශයේ සිගිරිය මහා විද්‍යාලයේ පින ශාලාව සහ විජයබා ශාලාව අලුත්වැඩියා කොට දරුවන් ගේ අධ්‍යාපනයට අවශ්‍ය පසුතලය සකස් කර දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා ට උපදෙස් ලබා දුන්නේය. මිට මාස කිහිපයකට පෙර අලි ප්‍රහාරයක ට ලක් ව පින ශාලාවේ බිත්තියක් සම්පුර්ණයෙන් විනාශ වූ අතර , එම කොටසම ඉවත් කොට නව බිත්තියකින් එම කොටස ආවරණය කිරීමටත් , සම්පුර්ණ ශාලාවේ දොර , ජනෙල් සහ දිරාපත් වීමට සහ විනාශයට ලක් ඉව ඇති කොටස් .ආසන්න යුධ හමුදා කදවුරේ ද සහාය ලබා ගනිමින් අලුත්වැඩියා කොට දරුවන් අතට පත් කිරීමට පියවර ගන්නා ලෙසත් , ඊට අවශ්‍ය ඉංජිනේරුමය සහාය පළාත් ඉංජිනේරු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩබ්. ඒ වික්‍රමසිංහ මහතාගේ සහාය ලබා ගැනීමටත් , පළාත් අධ්‍යාපන නඩත්තු මුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දී අවශ්‍යතා සම්පුර්ණ කර දෙන ලෙසත් මෙහිදී ලේකම්වරයාට දන්වා සිටියේය. ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි , පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන්, පාසල් සංවර්ධන සමිති සහ ආදී ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්විය .

පළාත් සභා සංවර්ධන නිලධාරීන් ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම්වත් කෙරෙන සිව් දින න්‍යායික හා ප්‍රායෝගික පාඨමාලාවක්.

රාජ්‍ය නිලධාරීන් සිය වගකීම හුදු රැකියාවට පමණක්ම සීමා නො කළ යුතු බව ද , එය වත්මන් ජාතික අර්බුද ජය ගැනීමේ සේවාවක් සේ වටහා ගත යුතු බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. ඇතැම් ඉහළ පෙළේ රාජ්‍ය නිලධරයන් ඇතුළු වෘත්තිකයන් වැඩි ආදායම් සොයා විදෙස් ගත වීමේ තත්ත්වය කනගාටුදායක වන බවත්, ඊට යොමු නො වන රාජ්‍ය නිලධරයන් අසීරුතා මධ්‍යයේ හෝ මෙරට රැඳී සිටිමින් දක්වන දේශමාමකත්වය අගය කළ යුතු බවත් ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ඉකුත් සති අන්තයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කළමනාකරණ පීඨයේදී ආරම්භ වූ පළාත් සභා සංවර්ධන නිලධාරීන් ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම්වත් කෙරෙන සිව් දින න්‍යායික හා ප්‍රායෝගික පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.පාඨමාලාව සෙනසුරාදා දින සතරක පැවැත්වෙනු ඇත. කළමනාකරණ පීඨ ශ්‍රවණාගාරයේ දී සංවිධානය කළ මේ සමාරම්භක අවස්ථාවට උප කුලපති මහාචාර්ය එම්.ඩී.ලමාවංශ මහතා හා කළමනාකරණ පීඨාධිපති මහාචාර්ය අතුල ඒකනායක මහතා ඇතුළු විශ්ව විද්‍යාලයීය ආචාර්යවරු පිරිසක් ද සහභාගී වී සිටියහ. පාඨමාලාව, කළමනාකරණ පීඨයට අනුබද්ධ 'ස්කිල්ස් ෆොර් ලයිෆ්' ආයතනය විසින් මෙහෙයවනු ලබයි. ඊට අවශ්‍ය සහය , අනුග්‍රහය හා මඟ පෙන්වීම ලබා දෙමින් සම්බන්ධිකරණ කාර්යයෙහි නිරත වන්නේ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය යි. එහි සභාපති නීතීඥ ජානක සකලසූරිය මහතා ද සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ අවස්ථාවට සහභාගී වී සිටියේ ය. පාඨමාලාවේ සම්පත් දායකයන් වශයෙන් රාජ්‍ය ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පුළුල් දැනුමක් සහිත ආචාර්යවරු පිරිසක් සම්බන්ධ වනු ඇත. න්‍යායික දැනුම්වත් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍රගත ප්‍රයෝගික අත්දැකීම් ද සංවිධානය කෙරේ. මෙබඳු පාඨමාලා වෙතින් පළාත් සභා නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වඩාත් ඔප් නැංවෙන බවත්, එය පළාත් සභා මහජන සේවා විධිමත් කරලීමට හා කාර්යක්ෂම කරලීමට ඉවහල් වන බවත් මේ අවස්ථාවට එක්වූ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා පෙන්වා දුන්හ. මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක්ම නියෝජනය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙම පාඨමාලාව හදාරති.

අධ්‍යාපනයේ සම අයිතීන් සෑම දරුවෙකුටම ලබාදීම අප සැමගේ යුතුකමක්-පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා

අධ්‍යාපනයේ සම අයිතීන් සෑම දරුවෙකුටම ලබාදීම අප සැමගේ යුතුකමක් , ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයන් සැකසිය යුතුයි. එය නිලධාරින් වන අපගේ වගකීමක් ,ඒ සදහා පවතින රටාව වෙනස් කරමින් ප්‍රතිපත්ති සම්පාදනයේදී කාලින වූ අගයන් මත ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වන බව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියලු මාණ්ඩලික නිලධාරින් ගේ සහභාගිත්වයෙන් පල්ලේකැලේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී ඉකුත්දා (14) පැවති මධ්‍යම පළාතේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් වූ විශේෂ ප්‍රගතිපාලන රැස්වීම අමතමිනි. පවතින ක්‍රමවේදයන් හා රටාවන් වෙනස් කරමින් කාලිනත්වයට ගැලපෙන ලෙස සිදුවිය යුතු වෙනස්කම් පිළිබදව විශේෂ අවධානය යොමුකරමින් මෙහිදී අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබවද වන ගුරුභුමිකාව , කාලින ඉගෙනුම් ක්‍රමවේද , නව තාක්‍ෂණය භාවිතය , ගුරු හා විදුහල්පති පුහුණු විදිමත් කිරීම , ඇගයීම් ක්‍රමවේද , පරිපානය හා කළමනාකරණය විදිමත් කිරීම , ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය , සම්පත් බෙදීයාම යන අංශයන්හි පවතින විෂමතාවයන් අවම කරමින් පළාතේ අධ්‍යාපන සංවර්ධනය ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පසුබිම උදා කිරීම පිළිබදව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ජා කෙරිණ.

පළාත් පාලන ආයතන ලේකම්වරුන් සදහා CHANGE AGENT පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුක්ත පරිපාලන නිලධාරින්හට සහ පළාත් පාලන ආයතන ලේකම්වරුන් සදහා CHANGE AGENT පුහුණු වැඩසටහනක් ඉකුත්දා (14) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පවත්වන ලදී. මනා කළමනාකරණයක් තුලින් යහපත් මහජන සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ගුරු උපදේශක ,මාර්ගෝපදේශ කර්නල් ලක්ෂ්මන් ගුණතිලක මහතා විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සදහා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගි විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook