මාතලේ අධ්‍යාපන කොට්ඨාශයේ උකුවෙල කුරිවේල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා විද්‍යාලය හා හමීඩියා විද්‍යාලය අතර කලක පටන් විදුහල් භුමිය පිළිබද ගැටලුව නිරාකරණය කිරීම සදහා මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පසුගිය දා කරණ ලද නිරීක්ෂණ චාරිකාවකින් පසු නිලධාරීන්ගෙන් විධිමත් වාර්තාවක් කැදවා තිබිණ .
ඒ අනුව පසුගිය (28) වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් සිංහල/මුස්ලිම් විදුහල්වල විදුහල්පතිවරුන් ,පාසැල් සංවර්ධන සමිති නිලධාරින් ,ආදී ශිෂ්‍ය සංගම් නිලධාරින් හා ගැටලුවට අදාළ රාජ්‍ය නිලධාරින් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
දෙපාර්ශවයේ අදහස් හා කරුණු සලකා බැලීමෙන් පසු පාසල් භුමිය, භුමි දෙකක් ලෙස පැවතීම ප්‍රධාන ගැටලුව බවත් දෙපාර්ශවය මැදිහත්වී ගැටලුව නිරාකරණය කරගැනීම වඩාත් සුදුසු බවත් එසේ නොවන්නේනම් සංහිදියාව වචනයට සිමා නොකොට ක්‍රියාවන් ඔප්පුකිරිම සදහා ත්‍රයිභාෂා පාසලක් ලෙස සංවර්ධනය කිරීමට එකගතාවයකට එන ලෙස ආණ්ඩුකාරතුමන් විසින් විදුහල්පතිවරුන් වෙත යෝජනා කරනු ලැබිය.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් කරණ ලද යෝජනාව කාලින කාලෝචිත යෝජනාවක් බවත් එය ක්‍රියාවට නංවන්නට හැකිනම් ලංකා ඉතිහාසයේ සුවිශේෂී තීරණයක් වන බවත් දෙපාර්ශවයේ එකගවන්නේ නම් අවශ්‍ය පහසුකම් සලසා දීමට අමාත්‍යාංශයක් ලෙස කටයුතු කරන බවත් පැවසිය .
මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අතුලු රාජ්‍ය නිලධාරින් හා පාසල් සංවර්ධන සමිති නිලධාරින් ඇතුළු පිරිසක් මිට එක්ව සිටියහ .
.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය අතුලු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම පදසුගිය (28) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් 2022 වර්ෂයේ යල කන්නයේ වගා හානි සිදුවු ගොවින් සදහා වන්දි මුදල් ප්‍රදානයක් ද සිදුවුණ අතර එහිදි එම මුදල් චෙක්පත් ගොවින් අතරින් දස දෙනකු සදහා සංකේතාත්මකව ප්‍රදානය කිරීම සිදු කෙරිණ.
වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ දී කනිෂ්ට ආසියානු ශුරිය තරුෂි තරග බිමට.
ක්‍රීඩාවේ රජුන් දැයට දායාද කළ අධ්‍යාපන කලාපය ලෙසින් කිරුළු පළදින මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ කලාප ක්‍රීඩා උළෙලේ ඉතා උත්කර්ශමත් අයුරින් පසුගිය (30) වන දින ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිගන පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
ජාතික ,ජාත්‍යනතර තලයට ක්‍රීඩකයින් රැසක් දායාද කොට ඇති මෙම කලාපය පාසල් ක්‍රීඩා අංශයෙන් දක්වන දක්ෂතාවයන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ විශිෂ්ඨත්වයට වැඩි දායකත්වයක් සපයනු ලබයි. “එක අරමුණක් වෙනුවෙන් එක්ව ගමන් කිරීම” ආදර්ශයක් කොට ගනිමින් වත්තේගම අධ්‍යාපන කලාප ක්‍රීඩා උළෙලේ දී කලාපයේ පාසල් සියල්ලේ දායකත්වය ලබා ගනිමින් වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ අධීක්ෂණය හා මගපෙන්වීම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට පැවතුනි.
මෙම ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ක්‍රීඩා සමස්ත බාලිකා ශුරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල සමත් වූ අතර , සමස්ත බාලක ශුරතාවය මදිනා ජාතික පාසල විසින් හිමිකර ගන්නා ලදී. 2023 වර්ෂයේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ලාභී වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න පිදුම් ලැබිය. වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ ෂෙහාන් දිල්රංග ක්‍රීඩකයා පිදුම් ලබන ලදී. (ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ මිශ්‍ර සහය රන් පදක්කම් ලාභී)
මෙම ක්‍රීඩා උළෙල සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ සි.කේ.මායාදුන්නේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , වත්තේගම කලාපයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා ) සුසන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් , කලාපයේ පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් , ක්‍රීඩා ගුරුවරුන් ,දේමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කොන්ත්‍රාත් පරිපාලනය හා තාක්‍ෂ සේවා නිලධාරීන්ගේ වගකීම හා කාර්යයභාරය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාතේ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලින කිරීම වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් ලබාදෙන ලද අතර මෙම වැඩසටහන සදහා පුර්ණ අනුග්‍රහය UltraTech සිමෙන්ති ආයතනය මගින් ලබාදෙන ලදී. මෙහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවණතා , නව තාක්ෂනය භාවිතා කිරීම , රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අංශයන්හි ක්‍රියාකාරිතවයන් , තාක්ෂණික විශේෂ දැනුම භාවිතය , පවතින කාලින ගැටළු නිරාකරණය සදහා උපාය මාර්ග හා විසදුම් , වෘත්තිය ආචාර ධර්ම , මෙන්ම තාක්ෂණ සේවයේ කාර්යභාරය නිවැරදිව ඉටුකිරීම පිළිබදව දැනුම ලබාදීම සිදු කරන ලද අතර මෙම වැඩසටහන සදහා අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා පලාත් පාලන ආයතනයන්හි සේවයේ නියුක්ත නිලධාරින් 100 දෙනෙකු සහභාගී විය. මෙම අවස්ථාව සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ ,ප්‍රාදේශීය කළමණාකරු නුවන් ලක්ෂිත , තාක්ෂණ ඉංජිනේරු ඩි.ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.
රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද , වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ.
දරුවන්ට ,දෙමාපියන්ට පාසල් ගුරුවරයා පිළිබදව පවතින ආකල්පයන් නිසා අතිරේක පන්තිවලට අද දරුවන් යොමු කරනවා. ගුරුවරයාගේ වගකීම පාසල තුළ ඉටුවෙනවා නම් මෙලෙස අර්බුදයක් අද ඇති වෙන්නේ නෑ. රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද ,වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. අද පවතින තරගකාරී විභාග ක්‍රමය තුළ දරුවා මෙන්ම දෙමාපියන්ද පිඩනයට ලක්වන බවත් මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය උදාවී පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට ගෙන ඇති නව සැලසුම් පිළිබදව ඉකුත්දා (27)මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ජාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , රාජ්‍ය සේවය තුළ පවතින කාර්ය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් නිරන්තරයෙන් වෙනස්විය යුතුයි . දක්ෂතාවය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් වගකීම් ඉටුකිරීම වෙනුවෙන් වූ නිසි ඇගයීම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීනව අවශ්‍ය වන බවත් , විදුහල්පතිවරුන්ගේ , ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම් ක්‍රමය ද කාලීනව වෙනස් විය යුතු බව පැවසිය.
මෙහිදී අධ්‍යාපන ක්‍රමවේදයන් ගුණාත්මකව ප්‍රවර්ධනය කිරීම , පරිපාලන ක්‍රමවේදයන් අධික්ෂණය , ගුරු විදුහලිපතිවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රමවේද , පාසල් පරිපාලනය විදිමත් කිරීම , පාසල් සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේදී පැනනගින ගැටළු , ගුරු භුමිකාවේ වගකීම් සහිත බව ,කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේද , දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ ක්‍රමවේද , ඇතුළු අංශ රැසක් පිළිබදව කරුණු සාකච්ජා විය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , අධ්‍යාපන අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න , පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් සහභාගී වුහ.
රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද , වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ
දරුවන්ට ,දෙමාපියන්ට පාසල් ගුරුවරයා පිළිබදව පවතින ආකල්පයන් නිසා අතිරේක පන්තිවලට අද දරුවන් යොමු කරනවා. ගුරුවරයාගේ වගකීම පාසල තුළ ඉටුවෙනවා නම් මෙලෙස අර්බුදයක් අද ඇති වෙන්නේ නෑ. රටක් විනාශය ට හෝ දියුණුවට පත් වෙන්න අධ්‍යාපනය ප්‍රබලව බලපානවා. ගුරු සේවයක් ද ,වෘත්තියක් ද යන්න නැවත සිතා බැලිය යුතු තත්ත්වයට අද පත්වෙලා. මුදල් මත අධ්‍යාපනය සිදුවීම මහා සමාජ ව්‍යසනයක් වෙත සමාජය යොමු කරනවා. අද පවතින තරගකාරී විභාග ක්‍රමය තුළ දරුවා මෙන්ම දෙමාපියන්ද පිඩනයට ලක්වන බවත් මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය උදාවී පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නව පරිවර්තනයක් වෙත ගෙනයාමට ගෙන ඇති නව සැලසුම් පිළිබදව ඉකුත්දා (27)මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ජාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , රාජ්‍ය සේවය තුළ පවතින කාර්ය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් නිරන්තරයෙන් වෙනස්විය යුතුයි . දක්ෂතාවය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් වගකීම් ඉටුකිරීම වෙනුවෙන් වූ නිසි ඇගයීම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීනව අවශ්‍ය වන බවත් , විදුහල්පතිවරුන්ගේ , ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඇගයීම් ක්‍රමය ද කාලීනව වෙනස් විය යුතු බව පැවසිය.
මෙහිදී අධ්‍යාපන ක්‍රමවේදයන් ගුණාත්මකව ප්‍රවර්ධනය කිරීම , පරිපාලන ක්‍රමවේදයන් අධික්ෂණය , ගුරු විදුහලිපතිවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රමවේද , පාසල් පරිපාලනය විදිමත් කිරීම , පාසල් සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේදී පැනනගින ගැටළු , ගුරු භුමිකාවේ වගකීම් සහිත බව ,කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේද , දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ ක්‍රමවේද , ඇතුළු අංශ රැසක් පිළිබදව කරුණු සාකච්ජා විය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , අධ්‍යාපන අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න , පාලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , පළාතේ සියලුම කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් සහභාගී වුහ.
- ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනේ.
- ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 103 වන සංවත්සර මහා සභා රැස්වීම.
- මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලංගකෝන් මහත්මිය පත් කෙරේ.
- මූලික පරිගණක කුසලතා (Basic Computer Skill) පිළිබඳ පුහුණු වැඩසටහනක්.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්