සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ නව ලේකම්වරිය රාජකාරි ආරම්භ කරයි.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ නව ලේකම්වරිය රාජකාරි ආරම්භ කරයි. මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය නියෝජනය කරන එච්.එම්.මධුපානි පියසේන මහත්මිය (09) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සුභ මොහොතින් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතා විසින් මෙම නව පත්වීම ඉකුත්දා ලබාදීම සිදුකරන ලදී. මහනුවර හිල්වුඩ් හා උසස් බාලිකා යන විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා, උසස් අධ්‍යාපන කටයුතු සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සිය ප්‍රථම උපාධිය හා පශ්චාත් කළමනාකරණ ඩිප්ලෝමාව එම විශ්වවිද්‍යාලයෙන් ලබාගනී. අනතුරුව සිය ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා මධුපානි පියසේන මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වනුයේ 2000 වර්ෂයේදීය. රාජ්‍ය සේවයේ සිය මුල් පත්වීම ලෙස රාජකාරි කටයුතු මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙසින් ආරම්භ කරමින්, පසුව මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්, හාරිස්පත්තුව, ගඟවටකෝරලය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , අනතුරුව ප්‍රාදේශීය ලේකම් තනතුර හොබවමින් නාවලපිටිය හා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වේ. ඉන් අනතුරුව මධ්‍යම පළාත් සභාවේ සමුපකාර සංවර්ධන, වනිතා කටයුතු හා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසින් රාජකාරි කටයුතු ඉටුකොට ඇති ඒ මහත්මිය අද දින (09) මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ භාරගැනීමට ප්‍රථමයෙන් මධ්‍යම පළාත් සභාවේ විදුලිබල, බලශක්ති , මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙසින් ඒ මහත්මිය කටයුතු කරමින් සිටියාය.

නිවැසි මියැසිය' නමින් නිවාස දෙපාර්තමේන්තුවෙන් නවමු වින්දනාත්මක අත්දැකීමක්.

නිවැසි මියැසිය' නමින් නිවාස දෙපාර්තමේන්තුවෙන් නවමු වින්දනාත්මක අත්දැකීමක්. ඉසිඹුවකට මියැසි නඳක් ‘නිවැසි මියැසිය’ සජීවී සංගීතමය රස වින්දනාත්මක වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (08) දින පැවැත්විණි. මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ‍ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදි රංගන ශිල්පී විරාජ් පෙරේරා ඇතුළු ශිල්පීන් සහ මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ ගායන හැකියා ඇති නිලධාරීන් විසින් ගීත ගායනා ඉදිරිපත් කළ අතර විශාරද දර්ශන බෝධිකොටුව මහතා විසින් සංගීතය මෙහෙයවීම යටතේ ක්‍රියෙන්සි සංගීත කණ්ඩායම වාදනයෙන් සහාය විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කණිෂ්කා වඩුගොඩ මහත්මිය, හිටපු නිවාස කොමසාරිස්වරුන්, සුබසාධක සංගමයේ සමාජිකයින් ඇතුළු පිරිසක් එක් වූහ

ජෛව විවිධත්වය හා දේශගුණික විපර්යාස සම්බන්ධව දෙදින පුහුණු වැඩමුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ,

ජෛව විවිධත්වය හා දේශගුණික විපර්යාස සම්බන්ධව දෙදින පුහුණු වැඩමුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී , මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ඒකාබද්ධ වී ජෛව විවිධත්වය හා දේශගුණික විපර්යාස සම්බන්ධව දෙදින පුහුණු වැඩමුළුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පවත්වනු ලැබීය . මෙම පුහුණු වැඩසටහන සඳහා මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අනුබද්ධව සේවය කරනු ලබන පළාතේ පරිසර නිලධාරීන් , සංවර්ධන නිලධාරීන් , සමාජ සේවා නිලධාරීන් හැත්තෑ පස්දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි විය.පාරිසරික නව දැනුම නිලධාරීන්ට සම්ප්‍රේෂණය කිරීම මෙහි මූලික අරමුණක් විය.මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

උරුමය සුරකිමු හරිත සීගිරියක් යන සංකල්පය යටතේ සීගිරි ආශ්‍රිත ශ්‍රමදාන වැඩසටහනක්

උරුමය සුරකිමු හරිත සීගිරියක් යන සංකල්පය යටතේ සීගිරි ආශ්‍රිත ශ්‍රමදාන වැඩසටහනක් මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් උරුමය සුරකිමු හරිත සීගිරියක් යන සංකල්පය යටතේ සීගිරි ආශ්‍රිත ශ්‍රමදාන වැඩසටහනක් පසුගියදා සීගිරියේදී පවත්වනු ලැබීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන එකමුතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය .සංචාරකයින් විසින් ඉවතනු ලබන කසල පහසුවෙන් කළමනාකරණය කරගනු පිණිස ඔවුනට බෑගයක් හඳුන්වා දෙනු ලැබීමද මේ අවස්ථාවේදී සිදු කරනු ලැබීය.මීට සමගාමීව සීගිරිය ආශ්‍රිත චිත්‍ර නිර්මාණ වැඩසටහනක්ද පවත්වනු ලැබීය.මධ්‍යම පළාත් පරිසර අමාත්‍යංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙහි

ග්‍රාමාභිමානී 2024 අලෙවි සහ විලාසිතා දැක්ම මහනුවර සහස් උයනේදී මෙවරත්.

ග්‍රාමාභිමානී 2024 අලෙවි සහ විලාසිතා දැක්ම මහනුවර සහස් උයනේදී මෙවරත්. ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ අලෙවි පොළක් සහ සැමරුම් උලෙළක් (06) දින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී මධ්‍යම පලාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ සහ විවිධ කෙටිකාලීන පුහුණු වැඩසටහන් යටතේ පුහුණුව ලද කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සහිත අලෙවි කුටි විශාල ප්‍රමාණයක් එම පරිශ්‍රය තුල දිනය පුරා පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත්තව තැබුණු අතර ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල පුහුණු ලාභීන්ගේ ඇදුම් නිර්මාණ ඇතුළත් විලාසිතා දැක්මක් සහ එම පුහුණුලාභීන් ඇගයීමක්ද සිදුකෙරිණි. මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සතිය නිමිත්තෙන් පැවති එම උලෙළ සදහා මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සරන්යා වී.එස්. මහත්මිය, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උපේක්ෂා විජේසිංහ යන මහත්මීන් ඇතුළු අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිති හා ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බලමණ්ඩල සමාජිකයින් රැසක් ද සහභාගීව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook