සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නගරයේ යාචක ගැටළුවට විසඳුම් ලබාදීමට සකච්ඡාවක්

මහනුවර නගරයේ යාචක ගැටළුවට විසඳුම් ලබාදීමට සකච්ඡාවක් මහනුවර නගරයේ යාචක ගැටළුව සඳහා විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (18) දින පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී මහනුවර නගරයේ ඔරලෝසු කණුව බස් නැවතුම, ටොරින්ටන් උද්‍යානය ඇතුළු නගරයේ තැනින් තැන ස්ථානගතව සිටින යාචකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.ඒ් අනුව එම ස්ථානවලින් යාචකයින් ඉවත් කිරීම, ඒ සඳහා යෙදිය යුතු පිලියම් සහ කෙටි කාලීන හා දර්ඝ කාලීන විසදුම් ලබා දී නගරයට පැමිණෙන ජනතාව සඳහා පහසුකම් සැළසීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරිණි.මෙම අවස්ථාවට මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.එල්. රණවීර, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙණිය, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අඛිල කරුණාරත්න යන මහත්ම මහත්මින්, අතුලු පිරිසක් එක්වූහ.

බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට මාතලේ දිස්ත්‍රික්කයේ බ්‍රැන්ඩිගල, සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංචාරක කලාපය කේන්ද්‍රකරගනිමින් (18) දින ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් සංචාරක වෙළඳ වාණිජ දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ යටවත්ත සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා විසින් මේ සඳහා දායකත්වය ලබාදී තිබුණි. මෙහිදි බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තය පිවිසුම් නාම පුවරුව විවෘත කිරීම හා පිලිසකරන ලද මාර්ගයේ කොටසක් වීවෘත කිරීම, නැරඹුම් මධ්‍යස්ථානය (View Point) නිරීක්ෂණය කිරීම, ඡායාරූප ගන්නා ස්ථානය (Photos Spot) වීවෘත කිරීම සහ බ්‍රැන්ඩිගල ආශ්‍රිත ත්‍රාසජනක ක්‍රීඩා හඳුන්වාදීම යටතේ එම කඳුවැටිය මත සිට පහළට බැසීම (Abseiling) ප්‍රදර්ශනාත්මකතව සිදු කරන ලදි. එමෙන්ම මීට සමගාමීව Fam Tour, ස්භාවික මං තරණය (Nature Trail), සමාජ මාධ්‍යකරුවන් හා සංචාරක මාර්ගෝපදේශකවරුන්, පරිසරවේදින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. තෝරාගත් සංචාරක මග පෙන්වන්නන් සඳහා බලපත්‍ර ලබා දීම ද මෙහිදි සිදු විණි. මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති ාසලගේ, යටවත්ත ප්‍රාදේශීය සභා සභාපති ජි.වි.ජි.ජි. ෆොන්සේකා මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් පාරමි තෙන්නකෝන්, යටවත්ත ප්‍රදේශීය ලේකම් ශ්‍යාමලි වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීන්, බ්‍රැන්ඩිගල මිතුරෝ සංවිධානයේ නියෝජිතයින් සහ පරිසරවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සෆියා යමික් ක්‍රීඩිකාව වෙත සුබ පැතීමේ උත්සවයක්

සෆියා යමික් ක්‍රීඩිකාව වෙත සුබ පැතීමේ උත්සවයක් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා දිනාගනිමින් දක්ෂතා දැක්වූ සෆියා යමික් ක්‍රීඩිකාව වෙත සුබ පැතීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කටුගස්තොට රෝයල් ඇවනියු හෝටලයේදී (14) පස්වරුවේ පැවැත්විණීමෙම සුබ පැතීමේ උත්සවය මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමය විසින් සංවිධානය කර තිබිණි.

‘කිතුල 2025’ මහනුවර දී ඇරඹේ

‘කිතුල 2025’ මහනුවර දී ඇරඹේ කිතුල් නිෂ්පාදන ආශ්‍රිත අගය එකතු කළ වෙළඳ ප්‍රදර්ශනය ‘කිතුල 2025’ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දි (14) දින ආරම්භ කෙරිණි.මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් හතරවන වරටත් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය දින තුනක් පුරා එළඹෙන 16 දින දක්වා පැවැත්වේ.මේ සඳහා මධ්‍යම පළාතේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල නිරත වයවසායකයින්ගේ අහාර, හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළු නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවස්ථාව සළසා දී තිබිණි. මිට සමගාමීව පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන තරගයක් සංවිධානය කර තිබූ අතර සිසු දරුවන්ගේ නිෂ්පාදන ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කර ත්‍යාග පිරිනැමීම ද සිදුවිණි.මෙහිදි කිතුල් ආශ්‍රිත ආහාර සම්බන්ධයෙන් හා එහි වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් විශ්‍රාමික ආයුර්වේද කොමසාරිස් (මධ්‍යම) ජයන්ත හේරත් මහතා විසින් සිදු කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, මධ්‍යම පළාත් ආයූර්වේද කොමසාරිස් සිරිල් වික්‍රමතිලක, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්ම මහත්මීන් ඇතුළු කිතුල් ආශ්‍රිත ව්‍යවසායකයින්, පාසල් ගුරුභවතුන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාත් පවුල් සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ජාවක්

මධ්‍යම පළාත් පවුල් සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ජාවක් මධ්‍යම පළාත් පවුල් සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ජාවක් අද දින (12) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවය දැනට පවතින පුරප්පාඩු, වෘත්තියමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරිණ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජි. එන්. සේනාරත්න මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook