මහනුවර මහජන අවශ්‍යතා වෙනුවෙන් වන රාජ්‍ය මැදහත්වීම් , ඒවායේ ප්‍රගතිය සොයබලේ.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ඉකුත් (23) පෙරවරුවේ එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස් විය.
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඇතුළු මහජන අවශ්‍යතා වෙනුවෙන් වන රාජ්‍ය මැදහත්වීම් , ඒවායේ ප්‍රගතිය හා ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සාකච්ඡා කෙරිණ.
මේ අතර සංචාරක ආකර්ෂණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීම, සුළු අපනයන බෝග වගා කිරීම අවශ්‍යතාව, දුෂ්කර ප්‍රදේශවල මගී බස් රථ ධාවනය, මහනුවර නගර සංවර්ධනය හා ඊට අදාළ සැලසුම්, මාර්ග ප්‍රතිසංස්කරණය, ඉඩම් පරිභෝජනය, මළ අපද්‍රව්‍ය පිරිපහදු මධස්ථානයක් ඉදි කිරීම, ගංවතුර තත්ත්වයන් කළමනාකරණය, මහවැලි ගඟ ආශ්‍රිත ව නව වාණිජ කටයුතු ආරම්භ කිරීම, ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම යනා දී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එසේම ආයුර්වේද ඖෂධ හිඟය, අවිධිමත් කසළ බැහැර කිරීම, අනවසර ඉදිකිරීම්, වන අලි තර්ජන, අබලන් මාර්ග නිසා උද්ගත වන අවදානම ,කැලෑ ගිනි තැබීම් වැනි ගැටලු සම්බන්ධයෙන් ද කමිටුව සාකච්ඡා කළහ. දිස්ත්‍රික්කයේ අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය ද සැලකිල්ලට ලක් වූ කාරණා ය.
ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන තෙක් නො සිට තිබෙන ප්‍රතිපාදන භාවිතයෙන් හා නිසි මූල්‍ය කළමනාකරණයකින් උක්ත අවශ්‍යතා හා ගැටලු අරභයා සාධනීය පියවර ගැනීමේ වැදගත්කම සම සභාපතිවරු දෙපල ම පැහැදිලි කර දුන්හ. මෙහිලා අදාළ සියලු රාජ්‍ය ආයතන ද, අර්ධ රාජ්‍ය ආයතන ද විවෘත හා පුළුල් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ යුතු බව ද ඔවුහු කියා සිටියහ.
ඉහළ යමින් පවතින ඩෙංගු රෝග අවදානම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය. ප්‍රාදේශීය වසංගත වේදඥ්ඥ වෛද්‍ය ක්‍රිෂාන්ත මාපාආරච්චි මහතා මේ සම්බන්ධයෙන් සවිස්තර විග්‍රහයක් ඉදිරිපත් කළේ ය.
කමිටු රැස්වීම අවසන අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ සාකච්ඡා කළ හා එකඟ වූ දෑ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය මීළඟ කමිටු රැස්වීම වෙත ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ යුතු බව ය. එමෙන් ම ඩෙංගු රෝග අවදානම මැඩ පැවැත්වීම කෙරෙහි සියලු පාර්ශ්ව නො පමාව අවධානය යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, පළත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද, , පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්ම මහත්මීහු ද, මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් ද කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොට්ටෙගොඩ යන සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (22 දින) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙහිදී දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කිරීම සදහා අදාළ රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදීම සිදු විය. අරමුදල් වෙන්කරන ලද ව්‍යාපෘති හතක් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට ක්‍රියාත්මක වන අතර ,සමෘද්ධි වැඩසටහන් යටතේ අසරණ පවුල සදහා නිවාස හයක් ඉදිකිරීමටද සැලසුම කර පවතී.
කාලින ව්‍යාප්තවන ඩෙංගු උවදුර තුරන් කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා සියලුම රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනයන්හි දායකත්වය ලබා ගනිමින් දැනුවත් කිරීම් ,ශ්‍රමදාන ,ඩෙංගු පරික්ෂාව , නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම ආදී වූ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞබ්‍යය අංශ දන්වන ලදී.
පළාත් සභා ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් ව්‍යාපෘති 300 ක් පළාත් අමාත්‍යංශ පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර මේ වන විට ව්‍යාපෘති 47ක් අවසන්ව ඇත.
මෙම සංවර්ධන කමිටු රැස්වීම සදහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න , මධ්‍යම පළාත් සභාවේ සභාපති නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් )කේ.ජි.එස්.නිශ්ශංක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,ආරක්ෂක අංශ , පළාත් පලාන ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මහවැලි ගංගාවට අපජලය මිශ්‍රවීම පිළිබදව ජනමාධ්‍ය මගින් කරන ලද හෙළිදරව්වකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්.
මහවැලි ගංගාවට අපජලය මිශ්‍රවීම පිළිබදව ජනමාධ්‍ය මගින් කරන ලද හෙළිදරව්වකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් එම ස්ථානයන් නිරීක්ෂණය කිරීම හා ඒ සදහා කඩිනමින් විසදුම් ලබාදීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා කුණ්ඩසාලේ දුම්බර බන්ධනාගාරයේ එම ස්ථානයන් පිළිබඳ පසුගියදා නිරීක්ෂණයක නිරත විය.
එහිදී එම හෙළිදරව්ව පිළිබදව නිරවද්‍යතාවයන් හා ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන අපහසුතා පිළිබදව කරුණු ප්‍රදේශවාසින් සමග සාකච්ජා කළ අතර , ජාතික ජල පද්ධතියට සිදුවන හානිය වලක්වා ගැනීම වෙනුවෙන් අක්‍රමවත්ව සිදු කරන අප ජල බැහැරකිරීම් නවතාලීමට කඩිනමින් පියවර ගැනීම සදහා දුම්බර බන්ධනාගාර පාලන අධිකාරිය වෙත උපදෙස් ලබාදීම ද මෙහිදී සිදු කරන ලද අතර මාස දෙකක් තුළ මෙම ගැටලුව සදහා විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා වෙත දන්වන ලදී.
මෙම අවස්ථාව සදහා කුණ්ඩසාලේ ප්‍රාදේශය සභාවේ හිටපු සභාපති රන්ජර අක්මීමන , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) නිලුකා බුලත්ගේ , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර , බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි (දුම්බර) සමන්ත අලහකෝන් , ජලාප්‍රවාහන හා ජලසම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ජේ.එච්.මීගොඩ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.ආතාවුද යන මහත්ම මහත්මීන් ඇතුළු ආරක්ෂක අංශ , සෞබ්‍යය අංශයන් හා ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටියහ.
ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව පළමු වතාවට ලංකාවේ ජාතික හෙද දිනය මහනුවරදී සමරයි.
ජාත්‍යන්තර හෙද දිනයට සමගාමිව ජාතික හෙද දින සැමරුම් වැඩසටහනක් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. හෙද සේවය වෙනුවෙන් විශාල සේවයක් කළ ෆ්ලෝරන්ස් නයිටිංගේල් මහත්මියගේ ජන්ම දිනය සමරමින් සෑම වසරකම ජාත්‍යන්තර හෙද දින සැමරුම සිදුකරනු ලබන අතර මෙවර යෙදී තිබුනේ නයිටිංගේල් මහත්මියගේ 203 වැනි සැමරුමයි.හෙද දිනය ජාතික වශයෙන් සැමරූ ප්‍රථම අවස්ථාව ලෙස වන අතර ලංකාවේ මීට පෙර කිසිදු වසරක ජාත්‍යන්තර හෙද දිනයක් ජාතික මට්ටමින් සමරා නොතිබීම විශේෂත්වයකි.
මෙවර ජාත්‍යන්තරය හෙද දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ “අපගේ හෙදියන් අපගේ අනාගතයයි” යන්නයි. මෙහිදී හෙද සේවාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ ෆලෝරන්ස් නයිටිංගේල්ගේ පිළිරුවකට පුෂ්පෝපහාර දක්වමින් ආචාර පුදකිරීම සිදු වූ අතර, හෙද කාර්ය මණ්ඩලය අගයමින් විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කෙරින. මීට අමතරව “නවෝත්පාදන සහ ප්‍රශස්ත නිපැයුම්” යන තේමාව යටතේ ලංකාවේ හෙද සේවයේ සේවක සේවිකාවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවති තරගාවලියෙන් ජයගත් හෙද හෙදියන් වෙත සමරු තිලිණ සහ සහතික පත්‍ර පිරි නැමීම ද සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, හෙද සේවා තාක්ෂණික කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙද සෞඛ්‍ය සේවා පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂිකා එම්. බී. සී.සමන්මලී මහත්මිය , පළාත් සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය, යන මහත්ම මහත්මීන් ඇතුළු හෙද හෙදියන් 1200 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 20ක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන එච්.එම්.එම්.යු.බී. හේරත් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද දින (19) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරිණ. මහනුවර ධර්මාරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව විද්‍යාවේදී උපාධියත් , සමාජ විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධි ඩිප්ලෝමාවත් ලබා ගන්නා ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම සිය ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධියත් ලබාගනී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2003 වර්ෂයේ එක්වන ඒ මහතා පල්ලේපොල හා කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , ගොවිජන සේවා සහකාර කොමසාරිස් - (නුවරඑළිය ) ලෙසත් , කොත්මලේ ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , මධ්‍යම පළාත් සංචාරක කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් , පුරනගුම ව්‍යාපෘති යේ පළාත් අධ්‍යක්ෂ , මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇති හේරත් මහතා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අද ආරම්භ කරන ලදී.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්