මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මෙවර වෙසක් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ පිරිත් දේශනයක් පසුගියදා (04) එම පරිශ්‍රයේදී පැවැත්විණ. එම පිංකම් මාලාව නිවාස දෙපාර්තමේන්තු අනුසරණි කවය මගින් සංවිධානය කොට තිබිණි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනයක් පසුගිය දා (04) පස්වරුවේ ප්‍රධාන ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. ධර්ම දේශනය පැවැත්වූයේ ශ්‍රී සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ සෝරත ස්වාමීන් වහන්සේ ය.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරු ද, පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, පළාත් සභා සංකීර්ණයේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද ධර්ම දේශනය ශ්‍රවනය කිරීම සඳහා පැමිණ සිටියහ.
දැහැමි සමාජයක ට නව අර්ථයක් ලබා දෙමින් වෙසක් සැමරුම ට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ අදහසකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව හැටන් අධ්‍යාපන කලාපයේ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදුකරන පාසල් හතරක දරු දැරියන් සදහා ආගමික, සාමාජීය, පාරිසරික සහ අධ්‍යාපන දැනුම හුවමාරු වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 03වන දින ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහනේ දී දරු දැරියන් පිරිස ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දන්ත ධාතුන් වහන්සේ වැද පුදා ගැනීමට කටයුතු යොදා පැවති අතර අනතුරුව මහනුවර මහාමායා විද්‍යාලයේ පැවැති අදහස් හුවමාරු කරගැනීමේ වැඩසටහනකට ද සහභාගී විය. එහිදී මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය මගින් සිසු දරු දැරියන් වෙත සමරු ත්‍යාග ලබාදීම ද සිදුවිය. අනතුරුව පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යානයේ සංචාරය කිරීමට කටයුතු යොදා පැවතුණි.
මෙහිදී පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා නිල නිවෙස නිරීක්ෂණය කිරීමට දරුවන් සඳහා අවස්ථාව ආණ්ඩුකාරවරයා විසින් උදාකර දී පැවතුණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
සෙංකඩගල වෙසක් කලාපයේ පිණ්ඩපාත චාරිකාව ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වූ වෙසක් මංගල්‍ය ට සමගාමීව මහනුවර නගරය කේන්ද්‍රගත කර ගනිමින් සංවිධානය කෙරෙන 2023 සෙංකඩගල වෙසක් මංගල්‍ය යේ කටයුතු ආරම්භ කරමින් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ නිරත වීම ශ්‍රී දළදා මාලිගාව අභියසින් අරම්භකර මහනුවර නගරය පුරා වැඩම කළ මහා පිණ්ඩපාත චාරිකා වැඩසටහන පසුගියදා (02) පැවැත්විණ.
මල්වතු අස්ගිරි උභයමහා විහාරයන්හි මහා නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව සෙංකඩගල වෙසක් කලාප කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර පැවතුණි.
මෙහිදී භිකෂුන් වහන්සේලා 500 නමක් මහනුවර නගරයේ වීදි පහක් ඔස්සේ පිණ්ඩපාත චාරිකාවේ නිරතවීම සිදුකළ අතර, එම භික්ෂූන් වහන්සේලා සඳහා මධ්‍යස්ථාන පහක දී දානය පිළිගැන්වීම හා පුජා කිරීම සිදු කරන ලදී. (එක් මධ්‍යස්ථානයකදී සිය නමක් සදහා දානය පිළිගැන්වීම)
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුල්වල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් වන ‘මැදරට අඬහැරය’ ‘ඊ’ පුවත්පතේ 2023 මාර්තු කලාපය පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා විසින් පල්ලේකැලේ , මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේ දී අද දින අන්තර්ජාලයට මුදා හරින ලදී.
මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය වන www.media.cpc.gov.lk ට පිවිස https://epaper.paper2web.ch/09e4q/index.html?data=a1b/j3c3a3&lang=en දිගුවෙන් මෙම පුවත්පත පරිශීලනය කළ හැකි ය.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්