සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී ලංකාවේ ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික සම්පත් මධ්‍යස්ථානය පිළිමතලාවේ ස්ථාපිත කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (07) මහනුවර පිළිමතලාවේ දී සිදු කෙරෙන. පිත්තල කර්මාන්තයේ නියුක්ත ව්‍යවසායකයින් වෙත සේවා හා පහසුකම් රැසක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම ජාතික තාක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කොට ඇති අතර ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රථම පිත්තල කර්මාන්ත තාක්‍ෂ සංවර්ධන ජාතික මධ්‍යස්ථානය මෙය වේ. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , ජාතික ශිල්ප සභාව , මධ්‍යම පළාත් සභාව, එක්ව මෙම මධ්‍යස්ථානයෙන් සේවා සැපයීම සිදුකරයි. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමේ අපේක්ෂාවෙන් ඒ සදහා නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම මගින් කර්මාන්ත අංශයෙන් වැඩි දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම මධ්‍යස්ථානය මගින් ව්‍යවසායකයින් ගේ තාක්ෂණික අවශ්‍යතාවයන් , අමුද්‍රව්‍ය අවශ්‍යතාවයන් හා වෙළදපොල අවශ්‍යතාවයන් ඉටුකරදීමට මැදිහත්ව කටයුතු කිරීමට පියවර ගෙන ඇත. වාත්තු පස් සකස් කිරීම,ලේත් කිරීමේ පහසුකම් ලබාදීම , නව තාක්ෂනය යොදා ගැනීම , ත්‍රිඩි තාක්ෂනය කර්මාන්තය බද්ධ කිරීම, නව තාක්ෂණික දැනුම ව්‍යවසායකයින් වෙත ලබාදීම , අමුද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සම්පාදනය යන අංගයන් ගෙන් සේවා පහසුකම් ලබාගත හැකිවේ.මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසක් වෙසෙන අතර දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් විදේශ විනිමය රටට ලබාදීම වෙනුවෙන් වැඩි දායකත්වයක් මේ ක්ෂේත්‍රයෙන් ලබාගැනීමට අපේක්ෂිතය. මෙම අවස්ථාව සදහා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , මහනුවර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී රංජිත් බණ්ඩාර , හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කෝන්ගහගේ , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“විභාග සායනය”

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිපල සංවර්ධනය ඉලක්කව සංවිධානය කරණ ලද “විභාග සායනය” වැඩසටහන පසුගියදා මහනුවර අධ්‍යාපන කලාපයේ බද් උද් දීන් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ. මෙම වැඩසටහනේ ආරාධිත දේශනය කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී.

සියල්ලන්ටම වඩා දරුවන් වටී.

සියල්ලන්ටම වඩා දරුවන් වටී. 2023 ලෝක ළමාදිනට සමගාමීව මධ්‍යම පළාත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන දරුවන්ගේ නිර්මාණශීලි දක්ෂතා ඇගයීමේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් මධ්‍යම පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ .චිත්‍ර ,නර්ථන, ගායන, ගද්‍ය ,පද්‍ය යන තරග අංශ්‍යන්ගෙන් ජයග්‍රහණය කල පළාතේ සියලුම ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවන් වෙත ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරමින් මෙහිදී අගයනු ලැබිය . එසේම ඔවුන්ගේ නර්ථන හා ගායන ඇතුලත් විශේෂාංග වලින් උත්සව සභාව වර්ණවත් විය.මෙම අවස්ථාව ට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරි , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු , පරිවාස දෙපාර්තමේන්තු කොමසාරිස් කුමුදුනි ගුණරත්න , රාජ්‍ය නිලධාරීන්, දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලින් ප්‍රතිලාභ රැසක්.

මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් අරමුදලින් ප්‍රතිලාභ රැසක් මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදලේ ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (05) පැවැත්විණි. එහිදී සාමාජිකයන්ට හිමිවන සුභසාධන ප්‍රතිලාභ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය. ඒ අනුව මරණ පාරිතෝෂිකය වශයෙන් සාමාජිකයා වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් ද කාලත්‍රයා වෙනුවෙන් රුපියල් හැත්තපන් දහසක්ද විශ්‍රාමික සාමාජිකයා වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදලක්ද ලබාදේ. එසේම දිනක රෝහලේ නේවාසික දීමනාව වශයෙන් රුපියල් දාහක් ලබාදෙන අතර හෘද සැත්කම් හා වකුගඩු සැත්කම් දීමනා සඳහා රුපියල් ලක්ෂ පහක් ද ඇස් කණ්ණාඩි සඳහා වන දීමනා වශයෙන් රුපියල් හයදහසක මුදලක්ද ප්‍රතිලාභ හිමිවේ.සමූපකාර සේවකයාගේ රැකියාවේ හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම විශ්‍රාම වැටුප් අරමුදලෙ අරමුණයි.

මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදල ප්‍රගති සමාලෝචන රැස්වීම.

මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදල ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. එහිදී සාමාජිකයන්ට හිමිවන සුභසාධන ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමුවිය.මෙහිදී සමුපකාර අරමුදලින් විවිධ සේවා සමුපකාර පිහිටුවීම හා නාවලපිටිය කිරි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතීන් වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් ද සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ ලලිත් යු. ගමගේ මහතා මෙම විශ්‍රාම වැටුප් අරමුදලේ දායකත්වය පිළිබඳව මධ්‍යම පළාත වෙනුවෙන් ප්‍රසාදය කළ අතර සමුපකාර සේවකයාගේ සුරක්ෂිතභාවය පිළිබඳවද අදහස් දැක්වීය.එසේම කොරෝනා වසංගත සමයේ ඔවුන් කළ සමාජ මෙහෙවර ද ඇගයීමට ලක් කළේය. එහිදී නව සමුපකාර පිහිටුවමින්, ජංගම සේවා ක්‍රියාත්මක කරමින් විවිධ සේවා සමුපකාරය සිදුකළා වූ සේවය වෙනුවෙන් ඔහු සිය ස්තුතිය පිරිනැමීය.එසේම සමුපකාර සමිති ඇගයීම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කෙරිණි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය,සමූපකාර කොමසාරිස් අමිල නවරත්න, විශ්‍රාම වැටුප් අරමුදල සභාපතිවරුන්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook