මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කාර්යාලය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහභාගීත්වයෙන් හා හෙල්දි ලංකා ආයතනයේ අනුග්‍රහය සහිතව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කොට ගෙන සංවිධානය කළ වැඩසටහනක් පසුගිය (09) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංවර්ධන පුහුණු ඒකකයේ ශාලා අංක 02 හි පැවැත්විණි.
මෙහි ප්‍රමුඛ අරමුණ වුයේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ක්‍රියා කරන ගුරු භවතුන් , ගුරු උපදේශකවරුන් ඇතුළු නිලධාරීන් පුහුණු කිරීම ය.
වැඩසටහන අවසන අදහස් දක්වමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා කියා සිටියේ මෙහි අනාගත ප්‍රතිඵල ආවරණය කෙරෙන ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීම අතිශය වැදගත් වන බව යි. සාර්ථකත්වයේ ප්‍රමාණය ඉන් තහවුරු කර ගත හැකි බව ද ඔහු අවධාරණය කළේ ය. ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී විද්‍යාත්මක ප්‍රවේශයක් මත පිහිටීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු ඉදිරිපත් කළේ ය.
වැඩසටහන මෙහෙයවමින් අවශ්‍ය සම්බන්ධිකරණ කාර්යයන් සිදු කරනු ලැබුවේ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක මහතා යි. තවත් මාස තුනකින් මෙහි ප්‍රගතිය විමසා බැලිය යුතු බව ද ඔහු කියා සිටියේ ය.
වැඩසටහනට සම්පත් දායකත්වය සැපයුවේ වෛද්‍ය නයනා ධනපාල මහත්මිය යි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මධ්‍යම පළාත් කළමණාකරු බන්දුල විජේරත්න, හෙල්දි ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් අද මහනුවර දී.
විභාග තරගකාරිත්වය, මානසික පීඩනය ,සමාජීය ගැටළු , දෙමව්පිය බලපෑම යනාදී කරුණු හමුවේ දරුවන් ට අහිමි කරන ළමා අවදියේ සුන්දරත්වය වින්දනය කිරීමේ ඉඩකඩ අසුරා දැමීම සහ වැඩිහිටියන් වෙතින් ගිලිහි යන සමාජ සහ සංස්කෘතිකමය සහජීවනය නැවත ගොඩ ගැනීමේ අරමුණෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පය ට අනුව පසුගිය පාසල් වාරයේ ආරම්භ කරන ලද දැනුවත් ව දිනවමු වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් අද මහනුවර දී පැවැත්විණ.
පෙරවරුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සහ පස්වරුවේ මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ දෙමව්පියන් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණ සදහා 04 සහ 05 යන ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන් ගේ දෙමව්පියන් සහභාගී විය. විශේෂයෙන් 05 වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්කව දරුවන් වෙත ලබා දෙන පීඩනය හේතු කොට දරුවා ගේ නිදහස් චර්යා රටාවන් ට සිදුවන හානියත් , දරුවන්ට තම පරිසරය, වටපිටාව සහ ගෙදර තුල දීම ලැබිය හැකි සහ උගත හැකි ළමා අවධියේ සුන්දර අත්දැකීම් හා අධ්‍යයනයන් දෙමව්පියන් විසින් අහිමි කිරීමේ ඛේදවාචකය පිලිබදව වැඩසටහනේ දේශක මාධ්‍යවේදී , නිතීඥ ගාමිණි විජේවර්ධන මහතා නිදසුන් සහිතව විස්තර කළේය.
පළාත් ආණ්ඩුකාර කාර්යාලය ,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ ප්‍රාථමික විෂය භාර සහකාර අධ්‍යක්ෂ දීපා රණසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙනි. උසස් බාලිකාවේ විදුහල්පතිණි මල්කාන්ති අබේගුණවර්ධන සහ විහාර මහා දේවි බාලිකාවේ වීදුහල්පතිණි නිලක්ෂිකා හපුගොඩ යන මහත්මින්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළු සංවිධානය විය.
පාසල් සිසු ප්‍රජාව අධ්‍යාපනික ජයග්‍රහණ උදෙසා මෙන්ම ඉන් පරිබාහිර ජයග්‍රහණ උදෙසා ද යොමු කරලීමේ දී කල් ඉකුත් වූ පිළිවෙත් මත ම නො පිහිටන , පවත්නා සමාජ හා සංස්කෘතික තත්ත්වයන් සැලකිල්ලට ගන්නා අභිනව වැඩපිළිවෙලක අවශ්‍යතාව අවධාරණය කරන දැනුවත්ව දිනවමු දරුවන් මැයෙන් යුතු දෙමාපියන් දැනුම්වත් කරන වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් පසුගිය (09) වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් යග්ගහපිටිය ,දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දී සංවිධානය කොට තිබිණි.
දැනුවත්ව දිනවමු දරුවන් වැඩසටහන් පෙළ ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සංකල්පයක් යථාවත් කරමිනි.
මෙම වැඩසටහන ද ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා විසිනි.
වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ විදුහල්පති සරත් අබේසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය යි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ දීපා රණසිංහ , වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි හා ප්‍රාථමික විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අනුෂා ඉලංකෝන් යන මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනේ දෙවන අදියර මහනුවර කලාපයේ පාසල් අතරට,
විභාග තරගකාරිත්වය හමුවේ දරුවන් සහ දෙමව්පියන් අතරින් ගිලිහි යන ඇති සමාජ සහ සංස්කෘතිකමය සහජීවනය නැවත ගොඩ ගැනීමේ අරමුණෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පය ට අනුව පසුගිය පාසල් වාරයේ ආරම්භ කරන ලද දැනුවත් ව දිනවමු වැඩසටහනේ දෙවන අදියර අද මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් වලින් ආරම්භ කෙරෙණි,
පෙරවරුවේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ පස්වරුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ දී පැවති සම්මන්ත්‍රණ සදහා 04 සහ 05 යන ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන් ගේ දෙමව්පියන් සහභාගී විය. විශේෂයෙන් 05 වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්කව දරුවන් වෙත ලබා දෙන පීඩනය හේතු කොට දරුවා ගේ නිදහස් චර්යා රටාවන් t සිදුවන හානියත් , දරුවන්ට තම පරිසරය, වටපිටාව සහ ගෙදර තුල දීම ලැබිය හැකි සහ උගත හැකි ළමා අවධියේ සුන්දර අත්දැකීම් හා අධ්‍යයනයන් දෙමව්පියන් විසින් අහිමි කිරීමේ ඛේදවාචකය පිලිබදව වැඩසටහනේ දේශක මාධ්‍යවේදී , නිතීඥ ගාමිණි විජේවර්ධන මහතා නිදසුන් සහිතව විස්තර කළේය.
මෙම අවස්ථාවන් සදහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂිකා දීපා රණසිංහ මහත්මිය සහභාගී වූ අතර , විද්‍යාර්ථ විදුහලේ විදුහල්පති මේජර් එම්. ආර්. පී. මායාදුන්නේ සහ සුමංගල විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පති අනුර දිසානායක යන මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළු සංවිධානය විය.
ගඟසිරිපුර පෙරහර මංගල්‍ය සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොල චක්කින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදීපසුගිය (03) පැවැත්විය.
ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම විදහාදක්වමින් ගම්පොල රාජධානි යුගයේ විශිෂ්ටත්වය යළි අනාගත පරපුරට දායාද කරමින් ශාසනික ආගමික පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ගඟසිරිපුර පෙරහර මංගල්‍යය ඉකුත්දා සාර්ථකව අවසන් කරන ලද අතර ඒ සඳහා සහභාගී වූ ශිල්පීන් හා සංවිධායක කමිටුව ඇගයීමට ලක් කිරීම හා ඔවුන්හට උපහාර පිදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර පැවතුණි.
මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුයේ කළ සේවයට උපහාර හා කෘතගුණ දැක්වීමේ ප්‍රථම ආදර්ශය සිදු කළේ බුදුන් වහන්සේ බවත් ඒ මඟ යමින් කුමන බාධක පැමිණියත් ආගමික පුනරුදය හා සංස්කෘතික උරුමයන් රැක ගැනීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ඉටුකරන මෙහෙය අති විශාල බවයි . සහජීවනය අවශ්‍යම යුගයක ගම්පොළ යුගයට නව සංස්කෘතිකාංග එක් කරමින් සියලු ආගමික ස්ථාන එක් කරමින් විශිෂ්ට සේවාවක් ලබාදෙමින් බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා දක්වන දායකත්වය කාලීන අවශ්‍ය තාවයක් වන බව වැඩිදුරටත් පැවසීය.
මෙම පෙරහර බුද්ධශාසන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදුකරනු පෙරහැරක් ලෙස නීත්‍යානුකූල තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇත.
ගම්පොල ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත බලංගොඩ සමිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය , හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ගම්පොළ නගරාධිපති සමන්ත අරුණ කුමාර, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ බණ්ඩාර උඩපළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන්, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ගම්පොළ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ගම්පොළ පොලිස් ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
- සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය ඉටු කරලීමේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවට
- ලාංකේය දරුවන්ට ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම් අවස්ථා පිළිබද දැනුවත් කෙරේ.
- EDEX EXPO 2023 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ
- ශ්‍රී විජයසුන්දරාරාමයේ -ගුන්නෑපාන පන්සලේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කොට මහා සංඝරත්නය වෙත භාරදීම
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්