සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

‘සිරි දළදා වන්දනාව සිතුවම් දැක්ම 2025’

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදි පවැත්වෙන සිරි දළදා වන්දනාවට සමගාමීව ‘සිරි දළදා වන්දනාව සිතුවම් දැක්ම 2025’ නමින් චිත්‍ර තරගයක් සංවිධානය කර ඇත. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම සිතුවම් ඇඳිමේ තරගය සෑම දිනයකම පෙරවරු 6.30 සිට 10.30 දක්වා මහනුවර රැජින හෝටලය ඉදිරිපිට දළදා වීදියේදී පැවැත්වෙන අතර මේ සඳහා දරුවන් 450 ක් සඳහා අවස්ථාව සළසා දී ඇත.බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට සහභාගිවන දරුවන් සඳහා සහතික පත්‍රයක් ද පිරිනැමීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු යෙදා ඇත.

සිරි දළදා වන්දනාවේ හත්වනි දිනයෙන්

සිරි දළදා වන්දනාවේ හත්වනි දිනයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන සිරි දළදා වන්දනාවේ හතැවනි දිනය වූ අද (24) දිනයේද අති විශාල ජනතාවක් දළඳා සමිදුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.මෙලෙස පැමිණ සිටි බැතිමතුන් සදහා අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලෙකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය, පෞද්ගලික ආයතන ස්වේච්ඡා සංවිධාන විසින් ලබා දි තිබිණි.

ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව මහනුවර පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳව මහනුවර පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කෙරේ. ආචාර ධර්ම සහ ආකල්ප සංවර්ධනය කිරීමේ සහ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල තෝරාලගග් නිලධාරීන් පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේදී (25) පැවැත්විණි.සිරි දළඳා වන්දනාව 2025 ට සමගාමීව, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම වැඩසටහනේදී ක්ලීන් ශ්‍රී ලංකා සංකල්ප සහ රාජ්‍ය නිලධාරීන්ලෙස ඊට අනුගත වී කටයුතු කිරීම, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුවිණි.එහි සම්පත් දායක ලෙස ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාතියේ අධ්‍යකෂ (සමාජිය කටයුතු) දුලිප් සොමිරත්න මහතා කටයුතු කළේය.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සහ ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපාතියේ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත වූ සැදැහැවතුන් පිරිසක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත වූ සැදැහැවතුන් පිරිසක් අද දිනයේ ද (22) මහනුවර නගරයට පැමිණෙමින් සිටි. ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට ආයතන රැසකින් පියවර ගෙන ඇත. ගමන් මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කොට පවතී. අහාර පාන ,පානිය ජලය ,සෞබ්‍යය සේවාවන් , සනීපාරක්ෂක පහසුකම් මෙන්ම කසල කළමනාකරණය කිරීම සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ. සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම සඳහා වන විශේෂ වෙබ් අඩවියක් ද ක්‍රියාත්මකයි. යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථාන වලට ගමන් මාර්ග හඳුනා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම, ප්‍රථමාධාර සේවා ඇති ස්ථාන සොයා ගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සමන්විත වේ. ප්‍රධාන පිවිසුම් මාර්ග සියල්ලේම මෙයට පිවිසීම හැකි QR කේත ඇතුලත් පුවරු ස්ථාපිත කොට ද පවතී.

දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින පුහුණුවක්.

දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින පුහුණුවක්. මධ්‍යම පළාත් සමාජ සුබසාධන හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව විසින් මධ්‍යම පළාතේ දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමේ සඳහා දෙවන වතාවටත් සංවිධානය කළ චලතාවය හා දිශානතියසිව්දින නේවාසික, ප්‍රායෝගික පුහුණු වැඩ සටහන, ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ පුහුණු මධ්‍යසේථානයේදී (07) දින දක්වා පැවැත්විණි.මෙම පුහුණු වැඩසටහන පූර්ණ දෘෂ්‍යාබාධිත හා අතර මගදී දෘශ්‍යාධිත තත්ත්වයට පත් වූ පාසල් සිසු දරුවන් සහ වැඩිහිටි පුද්ගලයීන් පනසේ දෙනෙකුගේ කණ්ඩායමක් වෙනු වෙන් සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස දෘෂ්‍යාභාධිත හා දෘෂ්‍යාභාධිත නොවන ජාතික මට්ටමේ පුහුණුකරුවන් විසින් ලබා දෙන ලදි.මෙම වැඩසටහනේදී දෛනික මෘදු කුසලතා සංවර්ධනය කිරීම, දිශානතිය හා චලතාවය (සුදු සැරයටි පුහුණුව), Screen Reader (පරිගනකය) සහ Android දුරකථන පුහුණුව, චෙස්, දාම්, ඩොමිනෝසේ,බ්‍රේල් මධ්‍යයෙන් සකසේ කරන ලද කඩදාසි කුට්ටම් හා ඒ ආශ්‍රිත ක්‍රීඩා පුහුණුව, ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කෙරිණි.මෙම වැඩසටහනට සමගාමීව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක්, මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, දුම්රියපොල වේදිකාව හා දුම්රිය පරිශ්‍රය පරිහරණය සහ මහනුවර වැව රවුමේ පදික මංතීරුව පරිහරණය කිරීම පිළිබඳව පැවැත්විය.මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සී.කේ.ගුණරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කරන ලදි.මෙම පුහුණුව වැඩසටහන අවසානයේදී පුහුණූලාභින් සදහා සහභාගීත්ව වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව‍ට මධ්‍යම පළාත් සෞබ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ආලෝකා සමරදිවාකර මහත්මිය සහ පිරිසක් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook