සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන දෙපාර්තමේන්තුන්හි 2026 වර්ෂයට අදාලව ක්‍රියාත්මක සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

මධ්‍යම පළාත් සභාවේ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන දෙපාර්තමේන්තුන්හි 2026 වර්ෂයට අදාලව ක්‍රියාත්මක සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (25) මධ්‍යම පළත් සභා පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම සාකච්ජාව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. ඒකාබද්ධ ප්‍රවේශයෙන් ව්‍යපෘති සැලසුම් කිරීම, රජයේ ක්ලින් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය හා ප්‍රජා ශක්ති වැඩසටහන හා ඒකාබද්ධ ප්‍රවේශයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් මෙහිදී විශේෂ අවධානයට ලක්විය. මධ්‍යම පළාත තුල පාසල් ක්‍රීඩාංගන 15 ක් ඉදිකිරීමේ අවශ්‍යතාවය, පළාතේ පාසල් ඉඩම් ගැටළු විසදීමටත්, නවමු සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, පළාත් පාලන ආයතනවල කටයුතු කිරීමේදී මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය, පළාත් පාලන ආයතනගත තාක්ෂණික නිලධාරීන් මුහුණ දෙන ප්‍රයෝගික ගැටළු හා නිලධාරී හිඟය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය. මෙම සාකච්ජාවන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ආණ්ඩුකාරවරයා සහ කැනඩා මහකොමසාරිස්වරිය අතර හමුවක්

ආණ්ඩුකාරවරයා සහ කැනඩා මහකොමසාරිස්වරිය අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (25) දින පැවැත්විණි.මෙම හමූවේදී මධ්‍යම පළාතේ ආපදා හානීය, යටිතල පහසුකම් සංවර්ධනය හා ජන ජීවිතය යථාවත්ව කිරීම සම්බන්ධව අවධානය යොමුවිය.එමෙන්ම මධ්‍යම පළාතේ සංචාරක හා ව්‍යවසායක සංවර්ධනය, උසස් අධ්‍යාපනය සහ කෘෂිකර්මය යනාදී විෂය ක්ෂේත්‍ර සංවර්ධන කිරිම සඳහා කැනඩා රජයෙන් අවශ්‍ය සහාය ලබාගැනීම, සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරීණී.මෙම හමුව සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරයා සහ මහකොමසාරිස්වරිය අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී ගැටළු සාකච්ඡාවට

මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී ගැටළු සාකච්ඡාවට මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණුඩකාර කාර්යාලයේදී (25) දින පැවැත්විණි.මෙම සාකච්ඡාවේදි සංවර්ධන නිලධාරී සේවයේ බඳවා ගැනීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරිම් ඇතුළු සේවා සහ වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ. අමරකෝන්, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් සම්පත් වික්‍රමසිංහ, ‍මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති එච්.එම්.එස්. බණ්ඩාර ඇතුලු සංගම් නියෝජිතයින් පිරිසක් එක් වූහ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී අද දින (24) පැවැත්විණි. මෙහිදී මහනුවර දිස්ත්‍රික්තයේ පවතින කාලින ගැටළු සහ ආපදා තත්ත්වය යටතේ ඇතිවූ ගැටළු, සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධව සාකච්ජා කෙරිණී. මේ යටතේ අධ්‍යාපනය, සෞබ්‍යය , වාරිමාර්ග , කෘෂිකර්ම, මාර්ග, ප්‍රවාහන, පරිසර, වන ජීවී හා වන සංරක්ෂණ, විදුලිය, ජල සම්පාදනය, ආරක්ෂක කටයුතු යන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය. එමෙන්ම ප්‍රජා ශක්ති සහ විමධ්‍යගත අරමුදල් යටතේ මෙම වසරේ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය. මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

ජයාරූපකරණය පිළිබද පුහුණු වැඩමුළුවක්.

ජයාරූපකරණය පිළිබද පුහුණු වැඩමුළුවක්. ජයාරූපකරණය පිළිබද පුහුණු වැඩසටහනක් (23) දින පල්ලෙකැලේ පිහිටි කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණ. මධ්‍යම පළාත් කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකය විසින් එය සංවිධානය කර තිබිණ. මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය පේරාදෙණිය, විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික සේවයේ නියුතු ඡායාරූපකරණය, විඩියෝකරණය සහ බහුමාධ්‍ය තාක්ෂණය පිලිබඳ බාහිර දේශක ගිහාන් ගම්බාරපිටිය මහතා විසින් ලබාදෙන ලදී. මෙහිදී කැමරා උපාංග භාවිතය මෙන්ම නව තාක්ෂණික මෙවලම් ලෙස භාවිතා කරන ජංගම දුරකථන මගින් ජායාරූපකරණය, සංස්කරණ කටයුතු සිදු කිරීම ඇතුළු කැමරා භාවිතයේ දී අනුගමනය කළයුතු නිවැරදි ක්‍රියාකාරකම් පිළිබදව න්‍යායික දැනුම හා ප්‍රායෝගික පුහුණුව මෙහිදී ලබාදීම සිදුවිය.මෙම පුහුණු වැඩසටහන කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ උපදෙස් මත සංවිධානය විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook