සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ජන්ම දිනය.

අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ජන්ම දිනය. සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ වෙත ජනාධිපති තුමන්ගේත්, අගමැතිතුමන්ගේත්, මධ්‍යම පළාතේත් තමගේත් සුභාශිංසන ලබා දීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය දා (29) කටයුතු කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි. පුරා වසර තුනකට අධික කාලයක් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ධූරයේ ගෞරවය මෙන්ම පළාතේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටිමින් පළාතේ සියලු පුද්ගලයින් සදහා ආදර්ශයක් වන අයුරින් තම කාර්ය ජනතාවාදී ලෙසින් සිදුකරන ශාසන මාමක සේවය සහ සමාජ මෙහෙවර අගයමින් මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ 159 වන නිකාය දින උත්සවය මහනුවර ගෙලිඔය , තෙළඹුගල, නීග්‍රෝධඛේත්ත පිරිවෙන් මහා විහාර භූමියේදී පැවති අවස්ථාවේදී මහා විහාරවංශික රාමඤ්ඤ මහා නිකායේ අතිගරු මහානායක මකුලෑවේ විමල නාහිමිපනන් වහන්සේගේ සුරතින් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා,සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ නිකයාරක්ෂක මහසභාවේ සහපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා, එහි මහා ලේකම් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා, කෝප් කමිටු සභාපති උඩුනුවර ආසන සංවිධායක මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා , උඩුනුවර ප්‍රාදේශීය සභා සභාපතිතුමන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.

රදැල්ල බස් රථ අනතුරින් දිවි අහිමි වුවන් වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගෙත්, රජයෙත් මධ්‍යම පළාතෙත් ශෝකය.

මධ්‍යම ආණ්ඩුකාරවරයා නානුඔය රදැල්ල කෙටි මඟදි සිදුවූ බස් රථ අනතුරින් අවාසනාවන්ත ලෙස සිය දිවි අහිමි වුවන් වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගෙත්, රජයෙත් මධ්‍යම පළාතෙත් ශෝකය එම පවුල්වල සාමාජිකයන් වෙත පුද කරයි. අනතුරින් තුවාල ලැබූ සහ තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් කැපවුණු සියලු දෙනා වෙත ගරු ජනාධිපතිතුමාගෙත්,රජයේ සහ මධ්‍යම පළාත් සභාවේ ගෞරවය ද පුද කරයි. පළාත් පාලන ආයතන වල රථවාහන කමිටුව නිසි තීන්දු තීරණ නොපමාව ගැනීමෙන් මෙවන් අනතුරු අවම කළ හැකියි. - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ ජනවාරි මස 20වැනි දින පස්වරුවේදී නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අධ්‍යාපන චාරිකාවක නිරතවූ පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වැන් රථයක හා ත්‍රී රෝද රථයක ගැටීමෙන් ප්‍රපාතයකට පෙරලී අනතුරකට ලක්වීමෙන් දිවි අහිමිවූ සියලු දෙනාගේ නිවෙස් වෙත ගොස් රජයේ මෙන්ම මධ්‍යම පළාත් සභාවේත් ශෝකය පළකිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා (22) කටයුතු කළේය. එමෙන්ම එම අනතුරින් තුවාල ලබා නුවරඑලිය රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය පිළිබද විමසීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා කටයුතු කළේය. "මෙවන් විපතක් මෙම මාර්ගය තුළ නැවත සිදුවීම වැලැක්වීම සදහා පියවර ගන්නා ලෙස" එකී පවුල්වල සාමාජිකයින් සියලු දෙනාගේ එකම ඉල්ලීම වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් පළාත් පාලන ආයතන වල රථවාහන කමිටුව මගින්, මාර්ග සංවර්ධන අධිකාරිය , පොලිසිය ආදී අදාල ආයතන ඒකාබද්ධව ගතයුතු පියවර කඩිනමින් ගැනීම සදහා ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙන ලදී. මෙම සිද්ධිය පිලිබද තමන් දැනුවත් වූ මොහොතේම නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා , නුවරඑලිය පොලිස් අධිකාරීවරයා ඇතුළු අදාල පාර්ශව වෙත මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා අමතමින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත මෙම අනතුරින් මරණයට පත්වූ ප්‍රදේශයේ පිරිස්වල පවුල් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා ඍජුවම මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් සියලු පාර්ශවයන් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය වෙනම් වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝගීන් කඩිනමින් වෙනත් පහසුකම් සහිත රෝහල් වෙත ගෙනයාමට උපදෙස් දුන් බවත් මෙම හදිසි අනතුර අවස්ථාවේදී අනතුරට ලක්වූවන් බේරා ගැනීමටත් ඔවුන් රෝහල් කරා යොමු කිරීමටත්, අවශ්‍ය රෝගී සත්කාර උපරිම අයුරින් සිදු කිරීමටත්, එම පවුල් වල සාමාජිකයින් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමටත් කටයුතු කළ ආරක්ෂක අංශ, සිවිල් ජනතාව, සෞඛ්‍ය අංශ, රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා වෙත රජයේත්, මධ්‍යම පළාත් සභාවේත් ගෞරව ස්තූතිය පිරිනමන බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කොට සිටියේය. අදාළ අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර අදාළ මාර්ගය නිවැරදිව සංඥා පුවරු සවිකොට ඇති අයුරුත්, ආරක්ෂක වැට යොදා ඇති අයුරුත් එහිදී නිරීක්ෂණය විය. එම මාර්ග කොටස තද බෑවුම් සහ වංගු සහිත ප්‍රදේශයක් බැවින් රියැදුරන් වඩා ආරක්ෂාකාරී අයුරින් රිය ධාවනය කළයුතු බව නිරීක්ෂණය වූ අතර අදාළ වාහන වල තත්ත්වය පිළිබඳවද මෙහිදී සැලකිලිමත් විය යුතු බවත් කෙතරම් ආරක්ෂිත ලෙස පුළුල් මාර්ග නිර්මාණය කළද, අඩියෙන් අඩියට පොලිස් නිලධාරීන් යෙදුවද, අඟලෙන් අඟලට අනතුරු ඇඟවීම් පුවරු සවිකළද විනයෙන්, හික්මීමෙන් කටයුතු කරන රියදුරන් නොමැති නම් මෙවන් අනතුරු වැලැක්වීම අපහසු බව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි එස්. ජයසුන්දර මහතා ස්ථානය නිරීක්ෂණයට සහභාගී වෙමින් සදහන් කර සිටියේය. නුවරඑලිය හා අඹගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් වරයා, ප්‍රදේශය ලේකම් වරයා, මධ්ම පළාත් ආණ්ඩුකාර ලේකම් වරිය, මාර්ග සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් ඉංජිනේරුවරයා සහ පොලිස් නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන්ගේ චෝදනා අසත්‍යයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන්ගේ චෝදනා අසත්‍යයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු මහනුවර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරමින්, තමා තම කාර්යාලයේදී ඔවුන් පීඩනයට පත් වන අයුරින් කටයුතු කළා බව පැවසෙන සිද්ධිය මුළුමනින් ම අසත්‍ය ප්‍රකාශයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසා සි‍ටියේය. එම මහතා මෙසේ සඳහන් කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (5) මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා සදහන් කර සිටියේ, අදාල සිද්ධියට සම්බන්ධයැයි පැවසෙන මන්ත්‍රීවරියන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග සිය කාර්යාලය වෙත 4 දා පස්වරුවේ පැමිණ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරිපත් වු චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමාගෙන් ඉල්ලීම් කළ බවත්, එය ලිඛිත ව තමා වෙත ලබාදෙන ලෙසත්, එය පළාත් පාලන කොමසාරිස්වරයා හරහා විභාගකරමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් දන්වනු ලැබීය. ඉන් අනතුරුව අදාළ මන්ත්‍රීවරියන් දෙදෙනා සහ පුද්ගලයා සිය කාර්යාල කාමරයෙන් පිටව ගිය බවත්, ඔවුන් සදහන් කර ඇති ආකාරයේ කිසිදු සිදුවීමක් එම අවස්ථාවේදී ඇති නොවු බවත්, අදාල සිද්ධිය සනාථ කිරීමේ CCTV දර්ශන තමා සතුව පවතින බවත් ගමගේ මහතා මාධ්‍ය වෙත කරුණු දැක්විය. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් 5දා පාර්ලිමේන්තු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කළ ඒකපාර්ශවීය ප්‍රකාශයක් බවත්, එය හුදෙක් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් ම සිදු කළ බවත් ගමගේ මහතා තවදුරටත් පැවසීය.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනකූ විසින් කරනු ලැබූ චෝදනා සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ක්‍රියාවක කොටසක්.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනකූ විසින් කරනු ලැබූ චෝදනා සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ක්‍රියාවක කොටසක්. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනකූ විසින් තමා පිලිබදව නගනු ලබන චෝදනා සහ විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත්ව ඒක පාර්ශවීය ලෙස කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිලි කළේය. එහිදී මාධ්‍යවේදීන් වෙත කරුණු දැක්වූ ගමගේ මහතා ,තමා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එය හුදෙක් දීර්ඝ කාලයක් තිස්සේ තමා විසින් ගොඩනගාගත් කීර්ති නාමය පලුදු කිරීමේ අරමුණෙන් යුතුව අවස්ථාවාදී ලෙස සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරී ව සිදු කළ එකක් බවත් සදහන් කළේය. තව දුරටත් එම සිද්ධියට අදාළ පසුබිම පැහැදිලි කල ආණ්ඩුකාරවරයා, කාර්යබහුල දිනයක් වූ 4 වැනිදා දින පස්වරු දෙකට පමණ තමන් කලින් යොදා ගත් පරිදි 75 වන නිදහස් දින උළෙල සංවිධානය පිළිබද පවත්වන ලද සාකච්ඡාව සදහා සහභාගිවීමට සූදානමින් සිටියදී සිය ආරක්ෂක අංශ විසින් මන්ත්‍රීවරියන් දෙදෙනකු ඇතුළු පිරිසක් තමන් හමුවට යොමු කළ බවත් ඔවුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති වරයා සම්බන්ධ චෝදනාවන් වාචිකව ඉදිරිපත් කළ බවත්, මේ සදහා තමන් වෙත ලිඛිත පැමිණිල්ලක්, යම් වාර්තා ඇත්නම් ඒවා නිවැරදි ආකාරයෙන් ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටි බවත්, රැස්වීම සදහා සහභාගිවීමට අවශ්‍යව ඇති බැවින් ඔවුන් ගෙනා ලිපි ලේඛන ඔවුන් වෙත ලබා දුන් බවත් , ඒ අවස්ථාවේ ඔවුන් තරමක චෝදනාත්මක ස්වරූපයකින් තමන් වෙත සිය කරුණු දැක්වූ බවත් ප්‍රකාශ කල ගමගේ මහතා තමන් ඔවුන් පවසන පරිදි විසින් ඔවුන්ගේ ලේඛන උදුරා ගැනීමක් හෝ ඒවා පොඩි කොට විසිකිරීමක් සිදු නොකළ බවත්, එවන් තත්ත්වයකට පත් වීමට තරම් හේතුවක් පැන නොනැගි බවත් ඔවුන් ගෙනා ලේඛන සුරක්ෂිතව කාර්යාලයෙන් පිටතට ඔවුන් ගෙනයනු ලබන ආකාරය හා ඔවුන් කිසිදු කලබලයකින් තොරව තම කාර්යාලයෙන් පිටත්ව යන ආකාරය ආරක්ෂක පද්ධතියේ දත්ත නැවත පිරික්සීමේදී තහවුරුවන බවත් ප්‍රකාශ කරනු ලැබිය. තවද වගකිව යුතු හා නීති ගරුක පුරවැසියෙකු ලෙස ස්වේච්ඡාවෙන් පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවත් ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත පොලිසිය වෙත තමන් විසින් බාරදුන් බවත් මෙහිදී ප්‍රකාශ කොට සිටි ආණ්ඩුකාරවරයා තමන් පන්සිල් රකින සැබෑ බෞද්ධයෙක් බවත්, වසර තුනක සේවා කාලය තුල කිසිදු ආකාරයෙන් තම කාර්යාල පරිශ්‍රය තුලදී එය බිද දමා ඇතැයි ඔප්පුකිරීම සඳහා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අභියෝග කරන බවත් මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේය. අදාළ CCTV දර්ශන හා මාධ්‍ය සාකච්චාවේ දර්ශන https://youtu.be/uBNooeR4dDE මාධ්‍ය සාකච්චාවේ දර්ශන https://youtu.be/OjlyzFfd2iI කාර්යාලයට රැගෙන එන ලේඛනය සහ එය ආපසු කලබලයකින් තොරව රැගෙන යන ආකාරය ජායාරූප වලින් දැක්වෙයි

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook