සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නගරයේ ත්‍රි රෝද රථ නියාමනයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.

මහනුවර නගරයේ ත්‍රි රෝද රථ නියාමනයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්. ලෝකයාගේම අවධානයට සහ ගෞරවයට පාත්‍ර වන පුජනීය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ට සුරක්ෂිත සහ විශ්වාසනීය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ත්‍රි රෝද රථ සේවාවන් සංවර්ධනය කොට නියාමනය කරමින් පවත්වා ගෙන යාම සදහා වූ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 27 දින පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡා වක දී සියලු පාර්ශව වල එකගතාවය පල කෙරේ. මහනුවර නගර සීමාව තුල ත්‍රි රෝද රථ නැවතුම් ස්ථාන 170 ක ලියාපදිංචි රථ සංඛ්‍යාව වන 1811 ක් දිනපතා නගරයේ සේවාවන් සැපයීමේ නිරත වේ. අමතරව විවිධ ආයතන වල ලියාපදිංචිය ලබා ගත් තවත් රථ 500 ක පමණ ප්‍රමාණයක ද නගරයේ රථගාල් භාවිතයට නොගෙන තැන තැන ස්ථානගතව සේවාවන් සපයනු ලබයි. මේ සියල්ල නියාමය කිරීමේ වගකීම මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැවරේ. නගර සීමාව තුල රථ ගාල් නම් කිරීම හා පවත්වා ගෙන යාම , බලපත් නිකුත් කිරීම ආදිය මහනුවර මහා නගර සභාව මගින් ඉටුකෙරෙයි. නමුත් නගරයේ වාහන තදබදයට බලපාන ප්‍රධානම සාධකයක් ලෙසත් , නගරය තුල සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව සිදුවෙන විවිධ විෂමාචාරයන් සහ සමාජ විරෝධී ක්‍රියා සදහා ඍජුව හෝ වක්‍රව මෙම කර් මාන්තයේ නිරත පිරිස ගේ සම්බන්ධතාවයන් ද නිරන්තර වර් ථාවේ. තවද දෙස් විදෙස් සංචාරකයන් ගෙන් අධික ලෙස ගාස්තු අයකර ගැනීම් සහ අපහසුතාවයන් ට ලක් වූ අවස්ථා ද බහුලව අසන්නට ලැබෙන අතර ඒ තුලින් රට පිලිබදව සහ නගරය පිලිබදවත් ඇතිවන අයහපත් චිත්‍රය සමස්තය කෙරෙහි ම බලපෑම් ඇති කරවන්නකි. මෙම සියලු තත්වයන් සැලකිල්ලට ගෙන ඒ පිලිබදව 2019 වසර අග භාගයේ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු පාර්ශවයන් කැදවා එළබි එකගතාවයන් කෝවිඩ් වසංගත සමය සහ ඉන් අනතුරු කාලය තුල ක්‍රියාත්මක කිරීමට නොහැකි වුව ද එය නැවත සමාලෝචනය කොට වහාම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය සමාජය තුලින් ද මතුවී ඇත. මෙහිදී මධ්‍යම පළාත් සභාව මුලිකත්වයෙන් , මහා නගර සභාව, පොලිසිය, මාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය , මගී ප්‍රවාහන සේවා අධිකාරිය මහනුවර ක්‍රි රෝද රථ සංගමය ඇතුළු සියලු පාර්ශවයන් ගේ දායකත්වයෙන් නිශ්චිත ගාස්තු රටාවකට , මීටර් ක්‍රියාවට නැංවීම , රථ හිමියා හෝ රියදුරු ගේ අනන්‍යතාවය හදුනා ගැනීමේ හැකියාව ඇතුළු අත්‍යාවශ්‍ය සියලු කාරණා වලින් සමන්විත ව්‍යාපෘතියක් ලබන මස 15 දිනට පෙර සකස් කොට පොදු එකගතාවයකට එලබීමට මෙහිදී සියලු පාර්ශවයන් කැමැත්ත පල කළේය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ,අමාත්‍යාංශ ලේකම් වරුන් ,අදාළ ආයතන ප්‍රධානින් , මුලස්ථාන පොලොස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලදරුවන් , නාගරික කොමසාරිස් ඇතුළු නගර සභා නිලධාරින් සහ මහනුවර ත්‍රි රෝද රථ සංගමයේ නිලධාරින් සහ නියෝජිතයන් ද එක් වූ අතර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී මෙම සාකච්ඡා ව පැවැත්විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරන්දර මාහිපාණන් වහන්සේට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සුභාශිංසන.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරන්දර පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමාධිපති මාහිපාණන් වහන්සේට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සුභාශිංසන එක් කරයි . ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරන්දර පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිපාණන්වහන්සේට සුභාශිංසන එක් කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (22) කටයුතු කර තිබිණි. ගැටඹේ රාජෝපවනාරාමායේදී අභිනව අනු නා හිමිපාණන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ආශීර්වාද ලබාගත් පළාත් ආණ්ඩුකාරවරයා එහිදී පළාතේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද අනු නායක හිමිපාණන්වහන්සේ දැනුවත් කිරීම සිදු විය.

මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම්.

මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම්. මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව එහි ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (21) පැවැත්විය. ඒ අනුව, එළඹෙන මාර්තු මස 27 දා කප් සිටුවීමෙන් ආරම්භ වන මෙම උත්සව මාලාව අප්‍රේල් මස 4 වන සිකුරාදා දින දක්වා පැවැත්වීමට නියමිත අතර, අදාල උත්සව මාලාව සදහා වන අවශ්‍ය පහසුකම් ලබාදීම, ආරක්ෂක කටයුතු සහ වෙනත් මූලික කරුණු මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර, මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර ශ්‍රී සෙල්වවිනායාගර් තිරුක්කෝවිලේ ප්‍රධාන භාරකරු ගෝවින්දසාමි ක්‍රිෂ්ණමූර්ති මහතා, සහකාර ආණ්ඩුකාර ලේකම් මිහිරාන් බණ්ඩාර, මහනුවර පොලිසිය, විදුලිබල මණ්ඩලය, පළාත් මගී ප්‍රවාහන අධිකාරිය ආදී ආයතන නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථාන වෙබ් අඩවිය ජනගත කෙරේ.

පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරාධිපති මල්වතු මහා විහාරීය කාරක සංඝ සභික අම්පිටියේ ශ්‍රී සරණංකර චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව නිර්මාණය කළ ලොව උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නව වැනි වර්ෂ පූර්ණය නිමිති කරගෙන උන් වහන්සේ හා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති ටැම්පිටියේ ඉන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කරන ලදුව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී ,අස්ගිරි විහාර පිරිවෙන්පති නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් හා මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිදාන ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් යුතු විහාරස්ථාන වෙබ් අඩවිය ජනගත කිරීමේ මහෝත්සවය හා ශ්‍රී ඥානවිමල දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි . www.ranawanaroyaltemple.lk යන මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් විහාරස්ථානය පිළිබඳ සියලු තතු නො පමාව ලබා ගත හැකි ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා ද මේ අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වූයේ ය. රණවන පුරාණ රජමහා විහාරස්ථානය ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 1602 දී ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමයේ යි . මෙය කලක් බැතිමතුන්ගේ වැඳුම් පිදුම් ආදියෙන් තොරව වනගතව පැවතුනි. පසුව සියලු විහාරාරාංග වලින් සමන්විතව ප්‍රතිසංස්කරණය කොට තිබේ.

තරුණ තරුණියන් 15 000 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් “යොවුන් දහම් සක්මන” පල්ලේකැලේදී.

තරුණ තරුණියන් 15 000 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් “යොවුන් දහම් සක්මන” පල්ලේකැලේදී. යහගුණදම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ “යොවුන් දහම් සක්මන” සදහම් වැඩසටහන තරුණ තරුණියන් 15 000ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලය මහමෙවුනා අසපු ධර්ම ශාලාවේදී (11) පැවති අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත්. යු.ගමගේ මහතා සහ එම මහත්මිය ඇතුලු පිරිසක් ද වැඩසටහනේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook