සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 10 න් පහළ පාපන්දු ශූරතා  මහනුවරට.

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 10 න් පහළ පාපන්දු ශූරතා මහනුවරට.

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 10 න් පහළ පාපන්දු ශූරතා මහනුවරට. ශ්‍රී ලංකා පාසල් පාපන්දු ඉතිහාසයේ පළමු වරට සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 10 න් පහළ පාපන්දු තරගාවලියේ බාලක බාලිකා ශූරතාවයන් දිනාගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර පාපන්දු කණ්ඩායම හා මහනුවර නුගේතැන්න මහා විද්‍යාල කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය සදහා දිවයිනම නියෝජනය කරමින් කාණ්ඩ 8ක් යටතේ පාසල් කණ්ඩායම් 50 කට අදික ප්‍රමාණයක් සහභාගී වු අතර , දිස්ත්‍රික් තරගවලදී ශුරතාවය හා අනුශුරතාවය ලබාගත් කණ්ඩායම් සමස්ත ලංකා තරගාවලිය සදහා සුදුසුකම් ලබා පැවතුනි. මෙම තරගාවලියේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් හතර බැගින් ඇතුලත් වූ අතර එහිදී බාලක අංශයේ පැවැත්වූ සියලු තරග ජය ගනිමින් (UN NOCUT ) කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සිල්වෙස්තර කණ්ඩායම සමත් විය. එසේම බාලිකා අංශයෙන් නුගේතැන්න විදුහල් කණ්ඩායම කාණ්ඩයේ සියලු කණ්ඩායම් පරාජය කරමින් (UN NOCUT ) අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. තරගාවලියේ අවසන් දිනයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අවසාන තරග පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සියල්ලටම ශූරතාවයන් පිරිනැමීමට සංවිධායකයින් විසින් තීරණය ලදී. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාසල් ද්විත්වයක්ම සම ශූරතාවය දිනාගැනීමට සමත් විය. මහනුවර ශාන්ත සිල්වෙස්තර පාපන්දු කණ්ඩායම සහ නුගේතැන්න කණ්ඩායම් මේ සදහා හිමිකම් කීය. ශාන්ත සිල්වෙස්තර කණ්ඩායමේ පුහුණුකරු ලෙස මංජුල ගුණසේකරත් , නුගේතැන්න කණ්ඩායම් පුහුණුකරු ලෙස ධම්මික රාජපක්ෂත් කටයුතු කරයි. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය ඉකුත්දා (11/12) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook