ලංකාවේ වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ ඵලදායිතාවයට බලපෑ අභියෝග අධ්‍යයන වාර්තාව පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්

ලංකාවේ වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ ඵලදායිතාවයට බලපෑ අභියෝග අධ්‍යයන වාර්තාව පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකරනු ලබන වෙනස්කම් පාසල් පද්ධතිය තුළ සාධනීයව ගොඩනැගීම සදහා වූ ශ්‍රී ලංකාවේ වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ ඵලදායිතාවයට බලපෑ අභියෝග අධ්‍යයන වාර්තාව පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී අද දින (24) පැවත්විණ. වැඩ ලෝකයට දරුවා හුරු කරමින් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා නිසි දැනුවත් බවක් ලබාදීම මෙහිදී සිදු කරන ලද අතර , මානව සම්පත් සංවර්ධන ශ්‍රී ලංකා ජාතික සභාව මගින් සිදු කරන ලද පර්යේෂණ හි පදනම් හා එහිදී හෙළිකර ගනු ලැබූ කරුණු පිළිබදව දැනුවත් කිරීම , පළාතක් ලෙස මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදීම , දැනට ක්‍රියාත්මක පාසල්වල ප්‍රගතිය විමසා බැලීම, වැඩසටහනේ ඵලදායිතාවයට බලපෑ අභියෝගයන් අධ්‍යනය මෙන්ම පවතින ගැටළු සාකච්ජා කිරීම මෙහිදී සිදුවිය. අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් පසු පාසල් හැරයන දරුවන් පාසල තුළ රදවා ගනිමින් අනාගත අභියෝග ජයගත හැකි නිපුණත්වයෙන් පිරිපුන් දරු පිරිසක් දායාද කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.ජාතික අධ්‍යාපන පරිවර්තනයකට අවශ්‍ය නිපුනතා පාදක පදනම ගොඩනැගීම සදහා පැවති මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මානව සම්පත් සංවර්ධන ශ්‍රී ලංකා ජාතික සභාවේ පර්යේෂණ නිලධාරීන් වන සංදීප රාජපක්ෂ හා සෙන්දිල් යන මහත්වරුන් විසින් සිදු කරන ලදී. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට පැවති මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් ) ඒ.ඒ.වීරකෝන් යන මහත්ම මහත්මීන් ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් , විෂය ගුරුවරුන් ,අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook