කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය 15වන සැමරුම.

කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය 15වන සැමරුම.

වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ශිෂ්‍යයාට ඉගෙනීමට වඩා ඉගෙනුමට සියුම් යන්ත්‍රයක් ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරිකව ගවේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස අධ්‍යාපන කාර්යය තුළ විධිමත් විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට අත්විඳීමට පාසල සංවිධානය විය යුතුය, අරමුණ පෙරදැරි කර ගනිමින් 2009 වර්ෂයේ හඳුන්වා දුන් නැනෝදා අධ්‍යාපන තේමාව යටතේ විශේෂිත මධ්‍යම පළාත් ප්‍රඥප්තිය මගින් ආරම්භ වූ කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය 15වන සැමරුමට සමගාමීව තේමා පහළොවක් යටතේ සිදුකරන අධ්‍යාපන ප්‍රදර්ශනය හා සමාජ ඒකාග්‍රතා ඒකකය, තාක්ෂණ පීඨය හා ආපනශාලාව විවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් ගම්පොළ කුරුඳුවත්ත විද්‍යාලීයේදී පසුගියදා වන දින පැවැත්විණ.මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයෙන් හා කුරුඳුවත්ත වතු අධිකාරි රොබට් හාලි මහතාගේ අක්කර හයක භූමි පරිත්‍යාගයෙන් ඉදිවී ඇති මෙම විද්‍යාලයේ සියලු පහසුකම් සහිත භෞතික හා මානව සම්පත් වලින් පරිපූර්ණව පවතී. දරුවන්ගේ අනාගත ඉලක්ක දූරදර්ශීව දැක ගැනීමේ හා ශක්තිය උද්දීපනය කිරීම සඳහා විවිධ වෘත්තීය ඒකකවලින් සමන්විත අධ්‍යාපනික කුටිවලින් මෙම ප්‍රදර්ශනය සමන්විතය.විශේෂාංග රැසකින් යුත් මෙම උත්සවයේදී අධ්‍යාපනයේදී වැදගත්කම, පුරවැසියෙකු විසින් ඉටු කළ යුතු මෙහෙවර පිළිබඳව අදහස් දැක්වීමක් පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිදුවිය.මෙම අවස්ථාව සඳහා පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩාපොල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් චමිලා අලහකෝන් . විදුහලේ වර්තමාන විදුහල්පති ඩී .ජී නන්දන තිලක, විදුහල්පතිවරුන් රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් ,ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook