මධ්‍යම පළාතට ක්ෂණික විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල 150ක පරිත්‍යාගයක්

මධ්‍යම පළාතට ක්ෂණික විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල 150ක පරිත්‍යාගයක්

මධ්‍යම පළාතට ක්ෂණික විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල 150ක පරිත්‍යාගයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා ඩෙල්මේජ් ෆෝර්සයිත් සමූහයේ විසින් ක්ෂණික විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල 150ක් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතා පසුගියදා (16) පරිත්‍යාග කිරීම සිදුකෙරිණ. එතුමන් විසින් එම කට්ටල මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත භාරදීම ද සිදු කෙරිණ. මෙම පරීක්ෂණ කට්ටල භාවිතයෙන් මධ්‍යම පළාතේ පොලිස් ස්ථානයන් මූලික කර නියමු ව්‍යාපෘතියක් සිදු කිරීමට නියමිතය. එමගින් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීමෙන් සිදුවන මරණ වළක්වා ගැනීමටත් සහය ලැබෙනු ඇත. මෙම පරීක්ෂණ කට්ටලය මගින් මද්‍යසාරය ඇතුළුව විෂ මත්ද්‍රව්‍ය 9ක් හඳුනාගත හැකි අතර එමගින් අයකුගේ මත්ද්‍රව්‍ය භාවිතය ක්ෂණික හඳුනා ගැනීමට හැකියාවක් පවතී.මෙම අවස්ථා සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ කමිටු සාමාජික සහ බස්නාහිර පළාත් කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු ආචාර්ය සන්ජේ පෙරේරා මහතා, ඩෙල්මේජ් ෆෝර්සයිත් සමූහයේ නාගිත මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය සහ ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් සම්පත් වික්‍රමසිංහ මහතා සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook