17 වන බාලදක්ෂ කැන්බරිය ගම්පොල දී

17 වන බාලදක්ෂ කැන්බරිය ගම්පොල දී

17 වන බාලදක්ෂ කැන්බරිය ගම්පොල දී මහනුවර දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන 17 වන බාලදක්ෂ කැන්බරිය පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (25) දින පැවැත්විණී.මෙම බාලදක්ෂ කැන්බරිය එළඹෙන දෙසැම්බර් මස 20 වන දින සිට 23 දින දක්වා ගම්පොළ අධ්‍යාපන කලාපයේ සහිරා විද්‍යාලයේදී බාලදක්ෂ, බාලදක්ෂ බාලිකාවන් එක්දහස් පන්සියයක පමණ පිරිසකගේ සහභාගීත්වය ඇතිව පැවැත්විමට කටයුතු යොදා ඇත.මෙහිදී බාලදක්ෂ කැන්බරිය සම්බන්ධයෙන් මේ දක්වා සංවිධාන කටයුතු පිළිබඳවත් එහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණී.මීට සමගාමීව 17 වන බාලදක්ෂ කැම්බරියේ නිල පදක්කම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, මහනුවර දිසා බාලදක්ෂ ශාඛාවේ අනුශාසක ලෙස කටයුතු කරන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා වෙත පිළිගැන්වීම ද සිදුවිණී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එල්. රණවීර, ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.සී. වීරකෝන්, මහනුවර දිසා බාලදක්ෂ කොමසාරිස් කපිල ප්‍රියන්ත, සහිරා විද්‍යාලයේ විදුහල්පති අයි.ඒ.එම්. අෆ්සාර් යන මහත්ම මහත්මීන්,මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ නිලධාරින්, පොලිස් නිලධාරීන්, ඇතුලු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook