මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් 176 ක් එක් වේ. පත්වීම් ප්‍රදානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ දී.

මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් 176 ක් එක් වේ. පත්වීම් ප්‍රදානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ දී.

මධ්‍යම පළාත් ගුරු සේවයට උපාධිධාරී ගුරුවරුන් 176 ක් එක් වේ. පත්වීම් ප්‍රදානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ දී. ගුරු සේවය සේවාවක් ලෙස කරන්න. නිදහස් අධ්‍යාපනයේ හරය අද ගිලිහිලා. පෞද්ගලික පන්ති රටාව අද තරඟකාරිත්වයක් නිර්මාණය කරලා . ඒ නිසා ගැටළු රැසක් ඇති වෙලා තියෙනවා. පාසල පිළිබඳව දරුවාගේ විශ්වාසය ඇති කරවන්න, දෙමාපියන්ගේ විශ්වාසය ඇති කරවන්න. ඒ සඳහා කැපවී කටයුතු කරන්න . ගුරු සේවය අන් රැකියා සමග සසදමින් රැකියාවක් සේ සළකා කටයුතු කිරීම නොකළ යුතු දෙයක් , ගුරු සේවය රටක හෙට දවස තීරණය කරන්නා වූ ප්‍රබලම සේවාවක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ මධ්‍යම පළාත් ගුරු සේවයට නව උපාධිධාරී ගුරුවරුන් 176ක් බදවාගනිමින් ඔවුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. එම උත්සවය 09 වන දින මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මධ්‍යම පළාත් සභාව මගින් පාලනය වන පාසල්වල අ.පො.ස (උ.පෙළ) විෂයයන්වල පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම යටතේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගනු ලැබූ ගුරුවරුන් 176 දෙනෙකු වෙත මෙහිදී පත්වීම් ප්‍රදානය කිරීම සිදු විය. ඒ අනුව සිංහල මාධ්‍ය 127ක්, දෙමළ මාධ්‍ය 43ක් හා ඉංග්‍රීසි මාධ්‍ය 06 වශයෙන් අ.පො.ස (උ.පෙළ) ගණිතය, විද්‍යාව, තාක්ෂණය, අලෙවිකරණය , විදේශ භාෂා සහ විශේෂ විෂයයන් සඳහා පවතින පුරප්පාඩු මත අයදුම්පත් කැදවා තරග විභාගයක් පවත්වා ඉන් පසු ප්‍රායෝගික පරීක්ෂණයන් හා සම්මුඛ පරීක්ෂණය පවත්වා සුදුසුසන් තෝරාගෙන ඇත. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook