කන්ද උඩරට මැදි විදුහල් අතර පැවති 19 වන   “රන් නිල් සටන” ලකුණු 115 කින් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ජය ගනී.

කන්ද උඩරට මැදි විදුහල් අතර පැවති 19 වන “රන් නිල් සටන” ලකුණු 115 කින් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ජය ගනී.

කන්ද උඩරට මැදි විදුහල් අතර පැවති 19 වන “රන් නිල් සටන” ලකුණු 115 කින් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ජය ගනී. 19 වන වරට පැවැති නුගවෙල මධ්‍ය විද්‍යාලය හා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය ලකුණු 115 න් ජය ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. ඒ අනුව සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර අනුස්මරණ කුසලානය හයවන වරටත් හිමිකර ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම සමත් විය. පළමුව තරගයේ කාසිය වාසිය දිනූ වළල ඒ රත්නායක කණ්ඩායම නුගවෙල මධ්‍ය විද්‍යාලය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනය කරන ලදී. ඒ අනුව නුගවෙල මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිමේ දී සියළු දෙනා දැවී ලකුණු 87ක් රැස් කර ගැනීමට සමත් විය. එහිදී උදිත් ඉඳුනිල් 44 ලබා ගන්නා ලදී. පන්දු යැවීමේ දී චාමික ප්‍රභාෂ්වර 23/3 දවා ගනිමින් දස්කම් දැක්විය. ඊට පිළිතුරු ලෙස වලල කණ්ඩායමට පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 51ක් පමණක් රැස් කර ගැනීමට හැකි විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුගවෙල කණ්ඩායමේ දහම් නිර්මාල් ලකුණු 12ට කඩුලු 6ක් බිද හෙලීමට සමත් විය. දෙවන ඉනිම ක්‍රීඩාකළ නුගවෙල කණ්ඩායම ලකුණු 157 රැස්කර ගන්නා ලදී. එහිදී ජනිදු ෂෙහාර නොදැවී 75 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී වලල විරාජ් කුලරත්න ලකුණු 51ට කඩුලු 07 දවා ගනිමින් දස්කම් දැක්විය. වලල කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 193 ඉලක්කයක් හබායාම වෙනුවෙන් දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔවුන් හට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78 පමණි. ප්‍රවීන් හේමක 21, පන්දු යැවීමේදී දහම් නිර්මාල් ලකුණු29ට කඩුළු 05ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කළේය. ඒ අනුව නුගවෙල මධ්‍ය විද්‍යාලයට ලකුණු 115 ක ජයක් හිමිවිය. මෙම තරගය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය දා (26,27) පැවැත්වින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook