මධ්‍යම පළාත් පාසල් ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත ජිම්නාස්ටික් බාලක ශූරතාවය අඛණ්ඩව 19 වන වරටත් මහනුවර ශාන්ත සිල්වෙස්තරයට

මධ්‍යම පළාත් පාසල් ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත ජිම්නාස්ටික් බාලක ශූරතාවය අඛණ්ඩව 19 වන වරටත් මහනුවර ශාන්ත සිල්වෙස්තරයට

මධ්‍යම පළාත් පාසල් ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත ජිම්නාස්ටික් බාලක ශූරතාවය අඛණ්ඩව 19 වන වරටත් මහනුවර ශාන්ත සිල්වෙස්තරයට මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ජිම්නාස්ටික් ආදිපත්‍ය මහනුවර පාසල් තවදුරටත් රැකගනිමින් 2024 මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත ජිම්නාස්ටික් බාලක ශූරතාවය 19වන වරටත් අපරාජිතව අඛණ්ඩව දිනා ගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් විය. තරගාවලියේදී සමස්ත ලකුණු 107 ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතාවයක් සමගින් මෙවර ශුරතාවයට හිමිකම් කිය. තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ලකුණු 52 ලබා ගත් මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ සමස්ත තෙවන ස්ථානය මහනුවර විද්‍යාර්ථ විදුහල හිමිකර ගන්නා ලදී. තරගාවලියේ ශුරතාවය හා අනුශුරතාවය දිනාගනු ලැබූ ශාන්ත සිල්වෙස්තර හා ත්‍රිත්ව විද්‍යාලයන්හි ජිම්නාස්ටික් කණ්ඩායම් පුහුණුකරු ලෙස අමල් රසාංග කටයුතු කිරීම විශේෂත්වයක් වන අතර තෙවන ස්ථානය හිමිකරගත් විද්‍යාර්ථ විදුහලේ පුහුණුකරු ලෙස අශේන් සත්සර කටයුතු කරයි. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම පළාත් පාසල් ජිම්නාස්ටික් බාලක තරගාවලිය පසුගියදා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල් ජිම්නාස්ටික් ක්‍රිඩාගාරයේදි පැවැත් වූ අතර තරගාවලියේ ජය සංකේත ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රිඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook