"කඳුකර දශකය" වැඩසටහනින්  මහනුවරට රුපියල් මිලියන 1900ක්..

"කඳුකර දශකය" වැඩසටහනින් මහනුවරට රුපියල් මිලියන 1900ක්..

"කඳුකර දශකය" වැඩසටහනින් මහනුවරට රුපියල් මිලියන 1900ක්.. "කඳුකර දශකය" විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19ක් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 1900ක මුදලක් වෙන් වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්සෙන් 19ක් මෙම සැලැස්මට අයත් වන අතර ජීවනෝපාය හා ආරහාර සුරක්ෂිතාව, වෙළඳ පොල සංවර්ධන, අධ්‍යාපන, පානීය ජල සැපයුම, ප්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි හා සුළු වාරි මාර්ග, විදුලිය හා පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ඇතුලු නිර්ණායක දහසක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මෙම සංවර්ධන ව්‍යාපෘති 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 වන විට අවසන් කිරීමට සැලසුම් කොට ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් ඩබ්ලියු.එස්. සත්‍යානන්ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, යන මහත්ම මහත්මීන් ප්‍රාදේශීය ලේකම්වරු, ආයතන ප්‍රධානනීන් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook