ලෝක සංචාරක දින සැමරුමේ පළාත් උළෙල මහනුවර දී .............. මෙවර ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මෙහෙය වීමෙන් මධ්‍යම පළාත් කාලපීය ආර්ථික සංවර්ධන ආයතනය සහ මධ්‍යම පළාත් සංචාරක මාර්ග මාර්ගෝපදේශන සංගමය ඒකාබද්ධව සංවිධානය කළ මධ්‍යම පළාත් සංචාරක දින සැමරුම ඊයේ (27) දිනය පුරා මහනුවර ‘සහස් උයන’ පරිශ්‍රයේදී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි . මෙහි කැපී පෙනෙන විශේෂාංග වූයේ ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරිය, පැරණි මෝටර් රථ පෙළපාලිය හා පස්වරුවේ පැවැත්වූ සංස්කෘතික සංදර්ශනය යි. සංස්කෘතික සංදර්ශනය පැවැත්වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ හා පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි. විශේෂ ආරාධිතයකු ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑඇත්තෝ ද පැමිණ සිටියේ ය . උළෙලට විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.