මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක් .

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක් .

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් සදහා '' Public Speaking and presentation Skills "( මහජන ඇමතුම් හා ඉදිරිපත් කිරීමේ කුසලතා ) පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (30) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්වේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහකාර ලේකම් සාලිය ජයතිලක මහතා මෙහි සම්පත් දායකත්වය දරනු ලබයි . මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම තුළින් ජනතා හිතවාදී රාජ්‍ය සේවයක් බිහිකිරීමේ අරමුණින් පළාත් සභාවේ පිරිස් හා පුහුණු ඒකකය විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook