මධ්‍යම පළාතේ පලාත් පාලන ආයතනයන්හි පවතින කාලින ගැටළු හදුනාගනිමින් වඩා යහපත් වූ ජනතා සේවාවන් ලබාදීමේ අපේක්ෂාවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ.
ඒ යටතේ මහනුවර මහා නගර සභාව මගින් සපයනු ලබන සේවාවන් වඩා විදිමත්ව ජනතාව වෙත ලබාදීමේ අපේක්ෂාවෙන් ආයතනික වශයෙන් පවතින ගැටළු හදුනාගනිමින් ඒ සදහා විසදුම් ලබාදීමේ විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහා නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද දින (04) පල්ලෙකැලේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවැත් වින.
මහනුවර නගරයට දිනපතා දෙස් - විදෙස් සංචාරකයින් මෙන්ම විශාල ජනකායක් පැමිණෙන අතර , ඔවුන් වෙත සපයනු ලබන සේවාවන් අඛණ්ඩ ව ලබාදෙමින් සිදු කරන කාර්යය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සදහා දැනට පවතින ආයතනික ගැටළු හදුනා ගැනීම, ඒ සදහා උපායමාර්ග සැලසුම් කිරීම හා කාලින අවශ්‍යතා හදුනාගනිමින් කඩිනමින් කටයුතු කිරීම සදහා තීරණ රැසක් මෙහිදී ගනු ලැබිය.
මෙම අවස්ථාව සදහා මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන් , විපක්ෂ නායක සේන දිසානායක, නාගරික මන්ත්‍රී විපුල රණසිංහ , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) අබ්දුල් කාදර් , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් , නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.