ඵලදායිතාවය පිළිබදව පුහුණු වැඩසටහන් මාලාවක්.

ඵලදායිතාවය පිළිබදව පුහුණු වැඩසටහන් මාලාවක්.

මධ්‍යම පළාතේ අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු හා ආයතනවල සේවයේ නියුක්ත නිලධාරින් සදහා ඵලදායිතාවය පිළිබදව පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එහි පළමුවැන්න ( 06) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු එකක
ශ්‍රවනාගාරයේදී පළාත් පුහුණු අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙහිදී අදහස්දැක්වූ පුහුණු අධ්‍යක්ෂවරිය, ආයතන මගින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂමව ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පසුබිම උදාකර දීම ඵලදායිතා සංකල්පයන්ගේ මුලිකම හරය බවත් , රාජ්‍ය ආයතන ලෙස නව ගමන්මගක් වෙනුවෙන් මෙම සංකල්පයන් යොදා ගැනීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතරම තරගයකට සිමා නොවී දෛනික සේවාවන් සැපයීම වෙනුවෙන් තරගකාරීව ප්‍රවේශවීමට පසුබිම ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක් වන බව පැවසිය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන පුරා දින පහක් (සතියකට එක් දින බැගින් ) පැවැත්වෙන අතර , මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි ඉනෝකා දිල්හානි තිසේරා මහත්මිය විසින් ලබාදීම සිදු කෙරේ. මෙහිදී ඵලදායිතාවය හා ආකල්ප සංවර්ධනය, ඵලදායිතාවය පිළිබද සංකල්ප , ඵලදායිතා තත්ත්ව කව , හරිත ඵලදායිතාව සහ කයිසෙන්, පද්ධති සංවර්ධනය යන අංගයන් පිළිබඳ ව නව දැනුම ලබාදීම සිදු කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook