නවීන තාක්ෂණයෙන් හා නවීන මෝස්තර රටාවෙන් යුතු පේෂකර්ම නිශ්පාදන එළිදැක්වීමේ අරමුණින් පේෂකර්ම ජාතික තරගයට සමගාමිව පළාත් මට්ටමේ පේෂකර්ම නිෂ්පාදන තරගාවලියක් අද (10) මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී නවීන තාක්ෂණය හා මෝස්තර රටා සහිත සාරි, අත් බෑග්, ඇද ඇතිරිලි, මේස රෙදි ආදී නිෂ්පාදනයන් තරගය සඳහා ඉදිරිපත් කළ අතර එහිදී ජාතික තරගය සඳහා සුදුසුකම් සහිත නිශ්පාදන තෝරා ගන්නා ලදී. මෙම තරගයේ විනිශ්චය කටයුතු සදහා මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා මෝස්තර නිර්මාණ අධ්‍යනාංශයේ කථිකාචාර්යවරුන්, විවෘත විශ්වවිද්‍යාලයේ හා යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් හා පේෂකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික උපදේශකවරයකු ඇතුළු කණ්ඩායමක් සහභාගි විය. එසේම මෙම අවස්ථාවට පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විමුතු කුලතිලක, මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා මහත්මිය, පේෂකර්ම උපදේශිකාවන්, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හා පේෂ කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින් පිරිසක් සහභාගි විය.