මධ්‍යම රජය සහ මධ්‍යම පළාත් සභාව අතර නිසි සම්බන්ධීකරණයක් ගොඩනංවා එමඟින් පළාතේ සංවර්ධන කාර්යයන් තීව්‍ර කිරීමට පියවර ගැනීම අතිශය වැදගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ මෙහෙයවීම මත මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ගෘහ ආශ්‍රිත අපනයන කෘෂි බෝග වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අද දින (18) ආණ්ඩුකාර කාර්යාලය ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.
මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා මඩහාපොල, අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් නිවාස කොමසාරිස් කණිෂ්කා වඩුගොඩ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බංඩාර යන මහත්ම මහත්මිහු ද ප්‍රතිලාභිහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රතිලාභින් තොරාගැනුනේ ගගවටකොරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පිටිය උඩගම දකුණ ප්‍රදේශයෙනි. මෙම වැඩ සටහනේ වැදගත් අරමුණක් වන්නේ ප්‍රතිලාභීන්ගේ ආර්ථික ශක්තිය වැඩිඩියුණු කරමින් රටේ අපනයන ආදායම ඉහල නැවීමට දායකත්වක් ලබාගැනිමයි. මෙහිදි ප්‍රතිලාභින් වෙත ගම්මිරිස් පැල බෙදාදෙනු ලැබිය. සමාරම්භක වැඩසටහන අවසන ආණ්ඩුකාර කාර්යාලීය පරිශ්‍රයේදී ආණ්ඩුකාර ගමගේ මහතා විසින් ගම්මිරිස් පැලයක් රෝපණය කිරිමට ද පියවර ගත්තේය.
