කාර්යාල ක්‍රම පිළිබද පුහුණු වැඩසටහනක්.

කාර්යාල ක්‍රම පිළිබද පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කාර්යාල ක්‍රම පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (18) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය ශ්‍රවනාගාරයේදී පැවැත් විය.
යහපත් කාර්යාල පරිසරයක් ගොඩනගමින් විධිමත් වූ ක්‍රමවේදයන් අනුගමනය කිරීම සදහා පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම යාවත්කාලින කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) වෙනුෂ පල්ලාවල මහතා විසින් ලබාදෙන ලදී.
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook