මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුක්ත සියලු ස්ථරවල නිලධාරින් සදහා “පෙරටු කාර්යාල මෙහෙයුම්කරණය” පිළිබදව පුහුණු වැඩසටහනක් අද දින (18) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය ශ්‍රවනාගාරයේ දී පැවැත් විය.
ජනහිතකාමී සේවා සැපයුමක් ලබාදීමේ අපේක්ෂාවෙන් සිදුකරන්නා වූ සේවාවන් සදහා පෙරටු කාර්යාල මගින් සපයනු ලබන සේවාව වඩා සක්‍රිය ලෙස ලබාදීමේ අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) ව්‍යාපෘති උපදේශක ප්‍රභාත් දසනායක මහතා විසින් ලබාදෙන ලදී.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයාතනය මගින් සංවිධානය කරනු ලබන සියලු වැඩසටහන් සදහා රාජ්‍ය මුල්‍ය කළමනාකරණ කිරීමේ අරමුණ ඇතිව සම්පත්දායක දීමනා , දිවා ආහාර හා ලිපි ද්‍රව්‍ය ලබාදීමකින් තොරව සංවිධානය කෙරෙන අතර , මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.
