මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක්.

මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන  මාර්ග නිති පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක්  (19) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත් විය. 

 

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ කාර්යමණ්ඩලය වෙනුවෙන් සංවිධානය කොට පැවති අතර , මෙම වැඩසටහනේ දී   නිවැරදි ධාවනය - අනතුරු වලක්වා ගැනීම,   මාර්ග නීති, නීත්‍යානුකූල රියපැදවිම ,විනයානුකූලව රියපැදවිම ,රිය අනතුරු අවමකර ගනිමින් යහපත් සේවවාක් ලබාදීම වෙනුවෙන් වගකීම් සහගතව ක්‍රියා කිරීම පිළිබදව ප්‍රායෝගික අත්දකීම් ද ලබාදෙමින් රියදුරු කාර්යමණ්ඩලයේ දැනුම යාවත්කාලින කිරීම සිදු කෙරින.  

 

වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර කොට්ඨාශ පොලිස් රථවාහන පාලන අංශයේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.සුමනසේකර මහතා විසින් ලබාදෙන ලදී.  

 

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණය යටතේ  මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook