පන්විල රාජසිංහ විද්‍යාලයේ "ස්වර යාත්‍රා"

පන්විල රාජසිංහ විද්‍යාලයේ "ස්වර යාත්‍රා"

ලෝක ළමාදිනයට සමගාමිව පන්විල රාජසිංහ විදුහලෙන් "ස්වරයාත්‍රා "

 

 මප/වත්/රාජසිංහ මාධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ලෝක ළමා දින සැමරුමට සමගාමිව සංවිධානය කරන ලද  "ස්වරයාත්‍රා " සංගීතමය වැඩසටහනක් ඉකුත්දා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත් විය.

වියැකීයන සමාජ සාරධර්ම යලි සමාජගත කිරීම සදහා සෞන්දර්ය යොදා ගනිමින්  ගීතයේ  අරුත්බර බව දරුවන්තුළට ආරෝපණය කිරීම සදහා වින්දනීය අවකාශයන් පුළුල් කරමින් , නිර්මානාත්මක චින්තනය අවදිකරමින් විද්‍යාලයේ දරුවන් ගේ ගායන , වාදන, නිවේදන , හා විචාරත්මක හැකියාවන් වර්ධනය කිරීම අරමුණ ඇතිව  විද්‍යාලයේ විදුහල්පති මේජර් එච්.එම්.කේ.ජි.එන්.ඒ.කේ. සමරකෝන් මහතාගේ උපදෙස් මත සංවිධායනය කොට පැවති මෙම වැඩසටහන සදහා ගුරුවරුන් , දෙමාපියන්,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook