සී/ස රංගිරි දඹුල්ල ආරෝග්‍යශාලා සමූපකාර සමිතිය මගින් විශේෂඥ වෛද්‍ය සේවා සැපයුම් මධ්‍යස්ථානයක්.
සී/ස රංගිරි දඹුල්ල ආරෝග්‍යශාලා සමූපකාර සමිතිය මගින් ක්‍රියාත්මක කෙරෙන විශේෂඥ වෛද්‍ය සේවා සැපයුම් මධ්‍යස්ථානය (CO - OP CHANALING) ජනතා අයිතිට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල නගරයේදී ඉකුත්දා (25) සිදුකෙරිණ.
මෙහිදී අදහස් දක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ , අද රටේ ජනතාව කන්නේ බොන්නේ වසවිස .ඒ නිසා සියලුදෙනා අද ලෙඩ්ඩු බවට පත්වෙලා .නුතනයේ පහසු සරල දේවල්වලින් අපට උරුම කරලා තියෙන්නේ මේ දේවල්.මේ තත්වය වෙනස් කරගත යුතුයි. ඒ සදහා ජනතාහිතවාදී සමුපකාර ව්‍යාපාරය විශාල දායකත්වයක් අතීතයේ සිට මේ දක්වා ලබාදී තියෙනවා. කොවිඩ් වසංගත තත්වයේදී ජනතාව සදහා අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ක්‍රියාවලියේදී සමූපකාර ව්‍යාපාරය අතිශය වැදගත් සේවාවක් ඉටුකලා. මානව හිතවාදී සමාජ සත්කාරක සේවයේ තවත් පියවරක් ඉදිරියට තබමින් දඹුල්ල සමූපකාර සමිතිය සෞබ්‍යය සේවා සැපයීම වෙනුවෙන් කටයුතු ආරම්භ කිරීම ඉතා කාලොචිත බවත් , ඒ ඔස්සේ ජනතාවට වඩා කාර්යක්ෂම සමූපකාර ව්‍යාපාරයක ප්‍රතිලාභ භූක්ති විදීමට ජනතාවට අවස්ථාව අද වන විට සැලසී ඇති බව ඒ මහතා පැවසිය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි, දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න, මාතලේ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් අනුර මහවිතාන, සී/ස රංගිරි දඹුල්ල ආරෝග්‍යශාලා සමූපකාර සමිතියේ සභාපති කේ.ජී.විජේරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් ව සිටියහ.